ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස නම් කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (05) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව මෙම සැකකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලීම එදිනට සිදුකරන බවද අධිකරණය නියම කළේය .










