ඇතැම් විදේශිකයන් මෙරට දිගු කාලයක් සිට රැදී සිටිමින් විවිධ සුලු රැකියාවල නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඇතැමුන් පීසා කඩ සහ ආප්ප කඩ විවෘත කර ඇති බවත්, තවත් සමහරු කොණ්ඩා කැපීම ආදිය කරන බවත්ය.
“අපේ ප්‍රදේශවල සංචාරකයන් වැඩියි කොණ්ඩය කපනවා, සමහරු කරනවා ටින්කරං වැඩ, සමහරු සෙට් වෙනවා pizza කඩවල, සමහරු ගංජා විකුණනවා’ යැයි වීරක්කොඩි මහතා පැවසීය.
මින් වැඩි පිරිසක් රුසියානු සහ යුක්රේන සංචාරකයන් බවද හෙතෙම පෙන්වා දුන්නේය.










