අමෙරිකානු සමාගමක් වන නිව් ෆෝට්‍රස් සමාගම සමග එවක පැවැති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මහ රෑ අස්සන් කළ ගිවිසුම තව දුරටත් ඉදිරියට ගෙන යාමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඊට අදාළ සාකච්ඡාවක් පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී ඇත.
ඊට මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද සහභාගී වී සිටි බව වාර්තා වේ.
මෙම ගිවිසුම ඉකුත් රජය සමයේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අමෙරිකානු සමාගමක් වූ නිව් ෆෝට්‍රස් සමාගම සමග මධ්‍යම රාත්‍රියේ අස්සන් කරන ලද්දකි.
ඊට එවක බලශක්ති අමාත්‍යවරයා වූ උදය ගම්මන්පිල මහතාද, කර්මාන්ත අමාත්‍යවරයා වූ විමල් වීරවංශ මහතාද දැඩි විරෝධ පළ කොට තිබිණ.










