• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මර්දනයට එරෙහිව ගහපු ගෝලය…

November 28, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
මර්දනයට එරෙහිව ගහපු ගෝලය…
Share on WhatsAppShare on Facebook

එංගලන්තයට එරෙහිව පැවැති ලෝක කුසලාන පාපන්දු තරගයේදී ඉරානයට ගෝල 6 – 2ක පරාජයක් අත්විය. එහෙත් එම පාපන්දු තරගය ඉතිහාසගත වෙයි. ඉරානයේ ආගමික බලහත්කාරකමට එරෙහිව ඉරාන කණ්ඩායම ලෝකයට පණිවුඩයක් දෙන්නට නිර්භීතව ඉදිරිපත් විය. ඒ ජාතික ගීය ගායනා නොකර සිටීමෙන්ය. ඉරාන ජාතික මහ්සා අමිනී නොහොත් ජිනා අමිනී, ඉස්ලාමීය ජනරජයේ කාන්තාවන් සඳහා වන ඇඳුම් පැලඳුම් සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ටෙහෙරානයේදී අත්අඩංගුවට ගෙන දින තුනකට පසු මියයාම සම්බන්ධයෙන් ජාතික විරෝධතා ඉරානය පුරා පැතිරෙමින් ඇත. 22 හැවිරිදි අමිනී මියයන සැප්තැම්බර් 16 දින සිටම මාස දෙකකට වැඩි කාලයක් මෙසේ ජාතික විරෝධතා පැවැත්වෙ.

තම කොණ්ඩය හිජාබයෙන් නිසියාකාරව ආවරණය නොකළ බවට ඉරානයේ ‘සදාචාර පොලිස්’ අත්අඩංගුවට පත්ව රැඳවුම් භාරයේ සිටි 22 හැවිරිදි මහ්සා අමිනී මියගියාය. ඇයට වධහිංසා පමුණුවා ඇති බවට සැක මතුව තිබෙන අතර ඇය රැඳවුම් මධ්‍යස්ථානයකදී ඇදවැටී කෝමා තත්ත්වයට පත්වී දින තුනකට පසු මියගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. ඇය හෘදයාබාධයකින් මියගිය බව පොලිසිය පවුලේ අයට ප්‍රකාශ කළ නමුත්, ඇයගේ මරණයට හේතුව පිළිබඳ මහජනතාවගේ සැකය මතුවිය. යුක්තිය ඉල්ලා මහ්සා අමිනීට රට පුරා දහස් ගණනක් විරෝධතාකරුවන් වීදි බැස තිබේ. කාන්තාවන් තම ස්කාෆ් පුලුස්සා හිසකෙස් කපා ඇත, විරෝධතාකරුවන් තුවාල ලබා අත්අඩංගුවට ගෙන ඇති අතර මේ අතරවාරයේ 17 දෙනකු පමණ මියගොස් ඇත. ඉරාන ආරක්ෂක අංශවල ප්‍රචණ්ඩකාරී මර්දනය නොතකා, අවම වශයෙන් නගර 13ක විරෝධතා දින ගණනාවක් තිස්සේ දිගටම පැවතිණි.

ඉරානය බහුවිධ විරෝධතා රැල්ලකට මුහුණ දී ඇති නමුත් අමිනීගේ මරණය සම්බන්ධයෙන් මෑත කාලීන පෙළපාළි අද්විතීය බව හියුමන් රයිට්ස් වොච්හි මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ටාරා සෙපෙහ්රි ෆාර් පැවසීය.

බොහෝ අය අමිනීගේ මරණය දැකීමට පැමිණ ඇත්තේ විරුද්ධ මතවලට රටේ දැඩි ප්‍රතිචාර දැක්වීම, කාන්තා අයිතිවාසිකම් සීමා කරන නීති සහ සදාචාර පොලිසිය තරුණ කාන්තාවන්ට වඩ වඩාත් ප්‍රචණ්ඩ ලෙස සැලකීම සංකේතවත් කරන දෙයක් ලෙසය.

විරෝධතාකරුවන්ට සහාය දක්වමින් ඇතැම් ඉරාන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික ගීය ගායනා නොකිරීමට හෝ ඔවුන්ගේ ජයග්‍රහණ සැමරීමට තීරණය කර ඇති අතර පාපන්දු ක්‍රීඩකයන්ද අනුගමනය කර තිබෙන්නේ එම ප්‍රතිපත්තියය. විරෝධතාකරුවන් ඉස්ලාමීය ෂරියා නීතිය පදනම් කරගෙන අත්අඩංගුවට ගත් සහ අත්අඩංගුවේදී මියගිය අමිනී වෙනුවෙන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී පෙනී සිටින ලෙස ක්‍රීඩකයන්ගෙන් නොව සහභාගි වන නරඹන්නන්ගෙන්ද ඉල්ලා ඇත.

ඒ අනුව ඊයේ පැවති තරගයේදී ඉරාන බසින් “Zan, Zindagi, Azadi” සේ කාන්තා ජීවිතවලට නිදහස යන අර්ථයෙන් සිය අත්ලේ ප්‍රදර්ශනය කළ කාන්තාවකගේ ඡායාරූපයට ජාත්‍යන්තර මාධ්‍යවල විශාල ඉඩක් හිමි වී ඇත. ඉරානයේ ඉස්ලාමීය ජනරජයේ පෙර පැවති විරෝධතා සියල්ලම පාහේ ආර්ථිකයේ තත්ත්වය සම්බන්ධයෙන් ඇතිවූ ඒවාය. දැන්, පෙර නොවූවිරූ ලෙස කාන්තාවෝ, විශේෂයෙන් තරුණියෝ වීදි බැස සිටිති. ඔවුහු ‘කාන්තාව ජීවිතය, නිදහස’ යන සටන්පාඨය විරෝධතාවලදී භාවිත කරති. මේ සමගම ගැටුම් උත්සන්න විය. ආරක්ෂක අංශවල ප්‍රචණ්ඩත්වය ඉහවහා ගියේය. රාජ්‍ය ත්‍රස්තවාදය රට පුරා පැතිර තිබේ.

දහසය හැවිරිදි නිකා ෂකර්මි සහ සරීනා එස්මයිල්සාදේ මරාදමන ලද්දේ ටෙහෙරාන් අගනුවර සහ ඒ අවට ප්‍රදේශයේදීය. ෂකර්මි සැප්තැම්බර් 20 වැනිදා ටෙහෙරානයේදී අතුරුදන් වූයේ පොලිස් නිලධාරීන් ඇය ලූහුබඳින බව මිතුරකුට පැවසීමෙන් පසුවය. BBC පර්සියා සේවයට හමුවී ඇති මරණ සහතිකයේ සඳහන් වන්නේ ඇය ‘දෘඪ වස්තුවකින් පහරකෑම නිසා ඇතිවූ තුවාල රැසක්’ හේතුවෙන් මියගිය බවයි. සැප්තැම්බර් 23 වැනිදා බැටන් පොලුවලින් සන්නද්ධ ආරක්ෂක හමුදාවල පහරදීමෙන් YouTube වීඩියෝ නිෂ්පාදිකාවක් වන එස්මයිල් සාදේ මියගිය බව මානව හිමිකම් කණ්ඩායම් පවසයි. දහඅට හැවිරිදි මාෂා මූගූයි මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන්හිදී මියගියාය. බටහිර ඉරානයේ කර්මන්ෂාහි 62 හැවිරිදි මිනූ මජිඩි මෙන්ම, සිය 20 වැනි 30 වැනි වයස්වල පසුවූ කාන්තාවන්ද ඝාතනයකර දමා තිබේ. තරුණියෝ සහ පාසල් සිසුවියෝ ඉරානය පුරා වීදිවලද, පාසල්වලද තමාට පැලඳීමට අනිවාර්යකර ඇති හිස් ආවරණ පුළුස්සා දමමින් සිටිති. එය එරට පූජක දෘෂ්ටිවාදයට සිදුකරන ඍජු අභියෝගයකි. ප්‍රධාන වශයෙන් විශ්වවිද්‍යාල සිසුන් මෙහෙයවෙන ජනතා ව්‍යාපාරයේ ප්‍රධාන කොටස්කරුවන් බවට පත්වූ ඔවුන්, පාසලේදී තම හිස් ආවරණ ගලවන අයුරු පටිගතකර බෙදාගත් අතර, වීදි බැසීමටද පෙලඹී ඇත. ජ්‍යෙෂ්ඨ පාසල් සිසුන්ගේ මෙවැනි විරෝධතා පෙර නොවූ විරූ යමකි. සැප්තැම්බර් 30 වැනිදා, බලුච් ජනවාර්ගික කණ්ඩායමට අයත් බහුතරයක් දෙනා වෙසෙන ගිනිකොනදිග සිස්ටන් බලුකිස්තාන් පළාතේදී ළමුන් ගණනාවක් ඝාතනය කෙරිණි. රටම කම්පනයට පත් කරමින්, රජය විසින් එදින පුද්ගලයන් දුසිම් ගණනක් වෙඩිතබා මරාදැමූ බවට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ඉරාන බලධාරීන්ට චෝදනා කරයි. මෙතෙක් ඝාතනයවූ ළාබාලතම ශිෂ්‍යයා වූ 12 හැවිරිදි මොහොමඩ් රක්ෂානි මරාදමනු ලැබ ඇත්තේ එදිනය. දහතුන් හැවිරිදි ඔමීඩ් සරාණි, 14 හැවිරිදි සෝඩේස් කේශානි සහ අලී බරාහූයි, සහ 16 හැවිරිදි සමීර් හෂේම්සිද එදින ඝාතනය විය. ලෝකෙ අසිරිමත්ම ක්‍රීඩා සැණකෙළිය වන පාපන්දු ලෝක කුසලාන තරගාවලියට ඉරාන ක්‍රීඩකයන් සහභාගි වන්නේ තම රට තුළ මෙවැනි වාතාවරණයක් තිබියදීය. ඔවුන් සිය විරෝධය පළකළේ අවිහිංසාවාදීවය. ප්‍රචණ්ඩත්වයට ඒකාධිපතිත්වයට එරෙහිව සාමයේ මාවත ඉල්ලා ක්‍රීඩකයින් අවිහිංසාවාදීව සිය විරෝධය පළකළ අවස්ථා ඉතිහාසය තුළ ඕනෑ තරම් තිබේ.

තුන්වැනි ජර්මන් රාජ්‍යයේ චාන්සලර්වරයා වූ ඇඩොල්ෆ් හිට්ලර්, සිය රජය සහ වාර්ගික ආධිපත්‍යයේ පරමාදර්ශයන් ප්‍රවර්ධනයට තෝතැන්නක් ලෙස 1936 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල දුටුවේය. එමෙන්ම නිල නාසි පුවත්පත වූ වොල්කිෂර් බියෝබෂ්ටර්, යුදෙව්වන්ට තරගාවලියට සහභාගි වීමට ඉඩ නොදිය යුතු බව දැඩි ලෙස අවධාරණය කරන ලදී. කෙසේ වෙතත්, තරගාවලිය වර්ජනය කරන බවට අනෙකුත් ජාතීන් විසින් කළ අනතුරු ඇඟවීම් නිසා මෙල්ල වූ හිට්ලර් සියලු ජාතීන්ට තරගාවලියට සහභාගි වීමට ඉඩ ලබා දුන්නේය. ඇමෙරිකාවේ උපන් ජෙසී ඔවෙන්ස් එම තරගාවලියට සහභාගි වූයේ අනේක විධ වර්ගවාදී පීඩාවන් මැදය. ඇමෙරිකාව තුළ දරුණු ලෙස පැවති වර්ණභේදවාදයෙන් ජෙසීට පීඩා විදීමට සිදුවිය. නමුත් ලැරී ස්නයිඩර්ගේ එක් වචනයක් මොහුගේ ජීවිතය සම්පූර්ණයෙන් උඩු යටිකුරු කළේය.

‘ධාවන පථයේ ඉන්න ඒ තත්පර දහය තුළ, කළුද සුදුද කියා භේදයක් නැහැ. තියෙන්නේ එක දෙයයි. ඒ වේගය නැතිනම් මන්දගාමීත්වය…’

ජෙසී ඔවෙන්ස් හිට්ලර්ගේ ඒ සිහිනය බොඳකර දැමුවේ, ලෝක වාර්තා 4ක්ද සමගින් මීටර් 100, 200, දුර පැනීම සහ සහාය දිවීමේ ඉසව්වල රන් පදක්කම් ලබා ගනිමිනි. හිට්ලර්ගේ සන්නිවේදන අමාත්‍යවරයා වූ ගොබෙල්ස් විසින් ජෙසී ඔවෙන්ස් තරග කළ මීටර් 200ක ඉසව්ව පටිගත කිරීමට වාරණයක් නිකුත් කළත් මෙම අසමසම මිනිසාගේ ඒ දක්ෂතාව කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ නොදී ලිනී රීෆෙන්ස්ටාල් නම් මාධ්‍යවේදිනිය ඒ සෑම මොහොතක්ම පටිගත කළාය.
එසේම නාසි තරුණ ලීගය නියෝජනය කළ ක්‍රීඩකයකු වූ ලූස් ලෝන්ග් පවා ඔහුගේ මේ සැබෑ දක්ෂතාවය වෙනුවෙන් හදවතින්ම සතුටු විය. යුදෙව් වර්ගභේදවාදය දැඩි ලෙස පිළිගත් ආර්යයන්ගේ සහාය ජෙසී ඔවෙන්ස්ට ලැබුණි.

‘නාසි දුෂ්ටයන් සොයා මා 1936 දී ජර්මනියට ගියත්, එහිදී මට හමුවුණේ ලූස් ලෝන්ග් වැනි මානව දයාවෙන් පිරි මිනිසුන්ය…’

1968 වසරේ මෙක්සිකෝ ඔලිම්පික් තරගාවලියේ දී සම්පූර්ණයෙන්ම දේශපාලන හැසිරීමක් ප්‍රකට කළ තරගාවලියක් වූයේය. ඒ, මීටර් 200 තරග ඉසව්වේ රන් හා ලෝකඩ පදක්කම් දිනූ අප්‍රිකානු – අමෙරිකානු සම්භවයක් සහිත ටොමී ස්මිත් හා ජෝන් කාලෝස් එක්ව (Tommie Smith and John Carlos) තම අත මොළවමින් ‘කළු බලය’ යනුවෙන් සමාචාරයක් පවත්වා සිටියේ පදක්කම් පැලඳවීමේ පීඨිකාව මත සිට තම රටේ ජාතික කොඩිය ඉහළට එසැවෙන තුරුය. එය අමෙරිකානු සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටි පෙරමුණු ඉහළින් සැමරූ අතර ඒ වනවිට එවැනි පෙරමුණවල ඇතැම් නායකයින් කියා තිබුණේ ඔලිම්පික් තරගාවලිය වර්ජනය කිරීමට කළු ජාතික ක්‍රීඩකයන් කටයුතු කළ යුතු බවයි. කෙසේනමුත් මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ හිංසාකාරී නොවන හැසිරීමක් ලෙස ප්‍රකාශ වුණු අතර එය ස්මිත් හඳුන්වා තිබුණේ මානව හිමිකම් උත්තමාචාරය යනුවෙනි. එම තරගයේ දෙවැනි ස්ථානය දිනූ ඔස්ටේ්‍රලියානු ජාතික පීටර් නෝමන් නමැති සුදු ජාතික ක්‍රීඩකයා ද ඊට සහාය දක්වමින් වේදිකාව මත රැඳී සිට තිබුණේය.

වර්ණ භේදවාදී ගැටලුව දැඩිව පැවැති යුගයේදී නවසීලන්ත රග්බි කණ්ඩායම දකුණු අප්‍රිකාව තුළ සංචාරය කිරීමට විරෝධය දක්වමින්, අප්‍රිකානු රාජ්‍යයන් 25ක් මොන්ටි්‍රයෙල් ඔලිම්පික් උළෙල වර්ජනය කරනු ලැබිණි. එපමණක් නොව ඉරාකය සහ ගයනාවද මෙම විරෝධයට සහාය දක්වමින් එම ඔලිම්පික් උළෙලට සහභාගි නොවීය. මේ අතර දකුණු අප්‍රිකාවට 1964 වසරේ සිට වර්ණභේදවාදී ප්‍රතිපත්ති හේතුවෙන් ඔලිම්පික් සහාගිත්වයට තහනමක් පැනවීම සිදුකෙරුණේය. එලෙසින්ම 1980 වසරේදී අමෙරිකානු ක්‍රීඩක කණ්ඩායම විරෝධතා දැක්වූයේ එවකට සෝවියට් සමූහ ආණ්ඩුව විසින් ඇෆ්ගනිස්ථානය තුළ සිදුකරමින් ඇති ආක්‍රමණවලට විරෝධය පාමිනි.
වර්ෂ 1930 ඇරඹි පාපන්දු ලෝක කුසලානයට වසර 100ක් සැපිරීම සිදුවන 2030 වසරේදී ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක් යුක්රේනයේ පැවත්වීමට ඒ වෙනුවෙන් ඉදිරිපත් වන ස්පාඤ්ඤය සහ පෘතුගාලය කැමත්ත පළකර ඇත. ලෝකයම ප්‍රතික්ෂේප කරන යුක්රේනයේ සිදුවන කුරිරු මිනිස් සංහාරය හමුවේ යුක්රේනය දක්වන අධිස්ඨානශීලී, නොසැලෙන ප්‍රතිපත්තිය මේ වන විට ලෝකයේ වැඩි ජාතීන් ප්‍රමාණයකගේ ප්‍රශංසාවට ලක්වී තිබෙන අතර, එය එසේ වුවහොත් ක්‍රීඩාව මතින් තැනෙන සුවිශාලම මානවීය සදාචාරයේ පාලම 2030 ලෝක පාපන්දු තරගාවලියද විය හැකිය. වර්තමානය වන විට ලෝකයේ විරෝධතා නව මුහුණුවරක් ගෙන තිබේ. විශේෂයෙන්ම රාජ්‍ය ත්‍රස්තවාදයට, ප්‍රචණ්ඩත්වයට, මර්දනයට එරෙහිව අලුත් මානවීය සංකල්පයන් හරහා විරෝධතා ගොඩනැගී තිබේ. පාලනයන් වෙනස් කිරීමට සහ පාලකයන්ට පාඩම් ඉගැන් වීමට ආයුධම අවශ්‍ය නොවන බව මෑතකාලීන විරෝධතාවලින් අපූරුවට පසක් වී තිබේ. අපේ රටේ පසුගිය වකවානුවේ පැවැති අරගලය ඊට ආසන්නතම උදාහරණයයි.

මෙවර ලෝක පාපන්දු කුසලානයට සහභාගි වන රටවල් අතරින් කුසලානය දිනා ගනීවියැයි ලෝකේ පුරා සිටින පාපන්දු ලෝලීන් බලාපොරොත්තු තබා ඇති කණ්ඩායම් අතර ආජන්ටිනාව පෙරමුණේම වෙයි.ඔවුන් මුහුණ දුන් සිය පළමු තරගයෙන් සෞදි අරාබිය ඉදිරිපිට අදහාගත නොහැකි පරාජයක් අත්වින්දද ආජන්ටිනාව යනු ඇසිල්ලකින් නැගී සිටින කණ්ඩායමකි. විශේෂයෙන්ම ලෝකය මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයින් කිහිප දෙනා අතර මුල්පෙළෙහිලා සැලකෙන ලයනල් මෙසීගේ අවසන් තරගය මෙය වන නිසා ඔහු පිළිබඳ උන්මාදයෙන් සිටින ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු වන්නේ ආජන්ටිනාව ඒකාන්තවම මේ තරගාවලිය ජයග්‍රහණය කරනු ඇතැයි කියාය.

එහෙත් ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ වෛද්‍යවරයා සිටින්නේ ඊට වඩා වෙනස් තැනකය.

‘මම මගේ කණ්ඩායමට ආදරෙයි. ඒ වගේම මගේ රටට ආදරෙයි. Messi ඇතුළු කණ්ඩායම අසාමාන්‍ය ජයග්‍රහණයක් ලබාගැනීමට හැම අතින්ම සුදුසුයි. හැබැයි, අපේ රට මේ වෙනකොට ඉන්නේ බංකොලොත් වෙලා. අපේ රටේ මිනිස්සුන් ලක්ෂ ගණන් ඉන්නේ කුසගින්නේ. ආණ්ඩුව පාපන්දු කණ්ඩායමේ කීර්තියෙන් බැබළෙන්න උත්සාහ කරනවා. ඒ නිසා මම කැමැතියි මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ කීර්තිය ආණ්ඩුව නොගන්නවාට. එහෙම කීර්තිය ලබාගන්න උත්සාහ කරන ආණ්ඩුවක් තියෙන රටක පාපන්දු ලෝක කුසලානය අපට අහිමි වෙන එක ගැන මට දුකක් නැහැ….’

එක අතකට ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන්ද ඇත්තේ මෙවැනි අදහසකි.

දිරාපත් වූ ජරාපත් වූ රටක ඒ දිරාපත් ජරා පද්ධතිය වසා ගන්නට ආණ්ඩුව උත්සාහ කරන්නේ ක්‍රීඩාවේ කීර්තිය යොදාගෙන නම් එවැනි ක්‍රීඩාවකින් පරාජය වීමම එක් අතකට සුදුසුය.

ටි්‍රක්සි ජයවර්ධන

SendShareShare
Previous Post

මධ්‍යම පන්තිය ආණ්ඩුවට එරෙහිව යළි පාරට බසී! ගෝඨා කියන්නේ රටට ‘හාට් ඇටෑක්’ එකක් නම් රනිල් කියන්නේ රටට ‘ස්ට්‍රෝක්’ එකක්! රාජපක්ෂවරු අලුත් මුහුණකින් ආයෙත් ඇවිල්ලා! (VIDEO)

Next Post

ගෝඨාගේ ඔෆීස් එක ලොව හොඳම ෆොටෝ 100 අතරට එක්වෙයි!

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.