• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ කොල්ලෝ රුසියාවේදී ලෝක වාර්තාවක් තියලා…! නිළියක් නැති නළුවො හතක් ඇති අරුණ කරපු අලුත් වැඩේ…!

November 22, 2022
in Exclusive, Heart
Reading Time: 4 mins read
A A
අපේ කොල්ලෝ රුසියාවේදී ලෝක වාර්තාවක් තියලා…! නිළියක් නැති නළුවො හතක් ඇති අරුණ කරපු අලුත් වැඩේ…!
Share on WhatsAppShare on Facebook

ස්ත්‍රී ලාලිත්‍යයක් නොමැතිව චිත්‍රපටයක් හදනවා කියන එක ටිකක් විතර අමුතු දෙයක්. චිත්‍රපටයක් නෙවෙයි ස්ත්‍රී නාමයක් හෝ රූපයක් නැතිව බොහෝ විට කිසිදු නිර්මාණයක් කෙරෙන්නේ නැති තරමයි. කෙරුණත් ඒක කෙරෙන්නෙත් බොහොම කලාතුරකින්. ඒ කියන්නේ ගැහැනියකගේ රූ සපුව නැතිව නිර්මාණයක් මවන එක තරමක් උගහටයි. එහෙමත් නැත්නම් අසාමාන්‍යයි.

එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල මුල් කාලේ එවක සුපිරි තාරකාවක්ව හිටපු ඩිම්පල් කපාඩියාට පිරිමි යට ඇඳුම් නිපදවන සමාගමකින් ජාත්‍යන්තර දැන්වීමක් වෙනුවෙන් ලොකු මුදලක් සමග ආරාධනා කරපු වෙලාවක ඇයට අසූහාරදාහට නැග්ගලු.

‘පිරිමි යට ඇඳුමකට පිරිමි නළුවෙක් ගන්නෙ නැතුව ඔහෙලා මාව හොයාගෙන ආව එක මහ විකාරයක්. ඇත්තටම ගෑනියෙක් නැතුව බීම බෝතලයක රස කියන්නවත් දන්නෙ නැති පුදුම ලෝකයක් මේක…’

ඇඩ් එක ගැන යෝජනාව අරගෙන ආ පිරිසට ඩිම්පල් කියපු ලුණු ඇඹුල් පදමට දාපු වචන සෙට් එකෙන් ටිකක් තමයි ඉහත සඳහන් වුණේ. ඈ කිව්වේ ඇත්ත තමයි. බීම බෝතලයක, බයිට් එකක රස හඳුන්වා දෙන්නත් ආසියානු රටවල පවා කෙල්ලන්ගේ අඩනිරුවත භාවිතයට ගන්නවා. ශ්‍රී ලාංකේය දැන්වීම් කලාවෙත් ඒක එහෙම තමයි. ඒ කියන්නේ ස්ත්‍රි රුවක් නැතුව බොහෝ නිර්මාණකරුවන් නිර්මාණයක් මවන්නේ නැහැ.

හැබැයි ඔන්න ප්‍රවීණ නිර්මාණකරු අරුණ ජයවර්ධන නිළියක් නැතිව චිත්‍රපටයක් නිර්මාණය කරලා. ඒක නිකන්ම නිකන් නමට කරපු චිත්‍රපටයකුත් නෙවෙයි. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කරපු ඒ චිත්‍රපටය අමුතු ජාතියෙ කතාවක්. අරුණ ජයවර්ධන කොහොමත් කරන්නේ අමුතු ස්ටයිල් එකේ කතා තමයි. ඒ අමුතු පන්නයේ කතා අතර මේක වැඩිපුරත් අමුතු තාලේ සිදුවීම් දාලා හදපු අසාමාන්‍ය කතන්දරයක් කිව්වොත් ඒක හරියටම හරි. චිත්‍රපටයේ නම ‘මාරියා’. මුහුදුකරේ දවස ගෙවන මිනිසුන්ගේ භාෂාවට අනුව ‘මාරියා’ (Maria) කියන්නේ සාගරයට. ‘මාරියා’හි නළුවො හත්දෙනයි. නිළියක් බේතකටවත් එහි හොයාගන්න නැහැ. නිළියක් වෙනුවට චිත්‍රපටය පුරාම ඉන්නේ ඉටිවලින් තනපු හැඩකාර අඩනිරුවත් ගැහැනු රූපයක්.
ඇත්තටම ඒක ටිකක් අමුතුයි නේද?

ඔව්. ඒක ටිකක් අමුතුයි. අසාමාන්‍යයි. තවත් සරලව කියනවා නම් ‘මාරියා’ කියන්නේ චිත්‍රපට කලාවට පැමිණි සැබෑ වෙනසක්. ඒ වෙනසට හේතු එකක්. දොරකින් එබිකම් කරලා බලන්නවත් නිළි රුවක් නැති එක. අනෙක ඉන්න එකම ගැහැනු රූපයත් ඉටියෙන් හැදුණු එක. ඒ හැම කාරණයක්ම අතර තවත් අමුතුම කාරණයක් වන්නේ ‘මාරියා’හි රඟපාපු නළුවෝ හත්දෙනාම ජාත්‍යන්තර සිනමා උළෙලකදී හොඳම නළු සම්මානය හිමිකර ගත්ත එක. ආඩම්බරයි කියන්න. අමුතු වැඩ කරන අමුතු නිර්මෘණකරුවෙක් වුණු අරුණ ජයවර්ධන ශ්‍රී ලාංකේය සිනමාවට අමුතු ගැම්මක් දුන්නා.

ඔව්. ඒක හරි අපූරු ගැම්මක්. ලංකාවේ නළුවෝ හත්දෙනෙක් ජාත්‍යන්තර සිනමා උළෙලකදී හොඳම නළුවො වෙනවා. ඒක ලෝක වාර්තාවක්. චිත්‍රපටයෙ අධ්‍යක්ෂණය වාගෙම තිර රචනයත් අරුණ ජයවර්ධනම තමයි. කතාවට පාදක වන්නේ සත්‍ය වශයෙන්ම ඉන්දුනීසියානු ධීවරයන් කිහිපදෙනකු මුහුණ දුන්නු අමුතුම ආකාරයේ සිදුවීමක්. අරුණ රංගනය සඳහා කළ අති අනර්ඝ තේරීම ගැන එක වචනයක් හෝ නොලිව්වොත් ඒක ඔහුටත් ‘මාරියා’ චිත්‍රපටයට වාගෙම එකපාරට එකම ජාත්‍යන්තර වේදිකාව හොඳම නළුවෝ වෙච්ච නළුවෝ හත්දෙනාටත් කරන මදිපුංචිකමක්.

මහේන්ද්‍ර පෙරේරා ගැන නම් ඉතින් අටුවා ටීකා මොනවට ලියන්නද? වාණිජ චිත්‍රපට කලාවේ සුපිරි තාරකාවක් වූ හේමාල් රණසිංහට අරුණ ‘මාරියා’වට කැන්දාගෙන ආ ආට් එක කොයි තරම් අපූරුද කියනවා නම් පළමු වාණිජ නොවන චිත්‍රපටය තුළින් ඔහු මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නළුවා විය. ‘පිතෘ’ තුළින් ආලින්දයේ සිනමාව කම්පනයට පත් කළ ප්‍රියන්ත සිරිකුමාර, අරුණ ජයවර්ධනගේ ඇසට හසුවුණේ ඔහුගේ වාසනාවටය. ඇනන් ඩයස්, දසුන් පතිරණ යන රංගවේදීන් එකිනෙකා පරයන්නට කරන රංගන පෙළහර හරිම සියුම්ය. නවකයකු ලෙස පැමිණියද සුරන් දිසානායක වෙතින් ‘මාරියා’ බලන විට ඒ නවකත්වය කිසිවකුගේ ඇසට හසු නොවන වග නිසැකය.
‘මරියා කතාවේ තිර රචනයට පාදක කොට ගත්තේ මීට වසර ගණනාවක පළමුව ඉන්දුනීසියානු ධිවරයන් පිරිසක් මුහුණපෑ අත්දැකීමක්. ඉතාම සියුම්ව එය චිත්‍රපට කතාවකට ගළපා ගන්නයි මට අවැසි වුණේ. හිතන විදියට ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට එය අමුතුවට දැනේවි…’

‘මාරියා’ නිර්මාතෘ අරුණ ජයවර්ධන මාධ්‍යයට අදහස් දැක්වූයේ එහෙමය. රූගතකිරීම් සඳහා ඔහු තෝරාගෙන තිබුණේ මීගමු ප්‍රදේශයේ ධීවර ගම්මානයකි. රූගතකිරීම්වලට පළමු ‘මාරියා’වේ හැමෝම වාගේ ධීවරයන් සමග සමීපව අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ඔවුන්ගේ හැසිරීම් රටාවන් සහ කතා ශෛලීන් හොඳ හැටි කොපිකර ගත් බවද ආරංචිය. ඉන්ද්‍රජිත් සිල්වා නිෂ්පාදන මෙහෙවර කරන ‘මාරියා’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය දමින්ද මඩවලය. කැමරාකරණය චන්න දේශප්‍රියගෙන් හැඩවන අතර සංගීතය දෙන්නේ චින්තක ජයකොඩිය.

‘මාරියා’ රූගතකිරීම් සඳහා දින 22ක් ගතවී ඇති අතර අරුණ ඇතුළු කණ්ඩායමට ඒතාක් දවස් ගතකොට තිබුණේ මුහුද මැද නවතා තිබූ බෝට්ටුවකය. කුණාටු වැහි සහ සුළං මැද ගතකළ කාලය ලෙහෙසියෙන් අමතක නොව බවද අරුණ මාධ්‍යයක සනිටුහන් කොට තිබිණි.

හුස්ම හෙළන්නේ නැති වුවද ප්‍රධාන නිළියකගේ භූමිකාවෙහි අඩුපාඩුව සම්පූර්ණ කරන හැඩකාර ගැහැනු ඉටි රූපය ‘මාරියා’ චිත්‍රපටයේ සුවිශේෂ කතා වස්තුව වේ. රළ පහරට හසුව පාර්සලයක් විදියට මුහුදේ පාව එන ලස්සන ඉටි කෙල්ලව දකින ධීවරයන්ගේ මනස විවිධාකාරයට යම් නොසන්සුන්තාවකට බඳුන් වන්නේ සංකීර්ණ ආකාරයටය. ඒ නොසන්සුන් බව විදහා දක්වන්නට අරුණ, ධීවරයන් හත්දෙනා සමග ගෙන තිබෙන නිර්මාණශීලී වෙනස වඩාත් සිත්කලුය.

‘මාරියා’ ගැන කලාවට ළැදි බොහෝ දෙනා උනන්දු වන්නට ගත්තේ එහි මුහුරත් උළෙලේ පටන්මය. අලුත් වැඩම කරන අරුණ තවත් අලුත්ම වැඩකට අතගසා ඇති බව දැනගත් බොහෝ ප්‍රේක්ෂක පිරිස් ලස්සන ඉටි කෙල්ලගෙන් ඇය හමුවේ සංවේදීව සහ සංකීර්ණව කදිම ගනුදෙනුවක නියැළෙන ධීවරයන් හත්දෙනා ගැනත් තොරතුරු දැනගන්නට විමසිලිමත්ව ඇඟිලි ගැන්නෝය.

කොහොම නමුත් ඉන්දුනීසියානු ධීවරයන්ට කෙල්ලකගේ ඉටි රූපයක් හමුවෙන සංගදිය අරුණ ජයවර්ධන සිංහල චිත්‍රපටයක් වෙනුවෙන් නොම්මර එකට ගළපාගෙන තිබිණි. ඒ ගැළපීමෙහි සාර්ථකත්වය කොයි තරම්දැයි කියනවා නම් වසර 39කට පසුව 44ව වැනි වතාවට පැවැති මොස්කව් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයටත්, හොඳම නළුවාටත් හිමි සම්මාන ලබාගැනීමට තරම් එය ප්‍රතිභාපූර්ණ විය.

ජාත්‍යන්තරව ගත් කල ශ්‍රී ලාංකේය සිනමාව අවස්ථා කිහිපයකදීම සම්මානයට පාත්‍ර වුවද නළුවන් හත් දෙනකු එකම චිත්‍රපටයක් වෙනුවෙන් සම්මාන ගත්ත වෙනස්ම සුවිශේෂ වූ අවස්ථාව ‘මාරියා’ සිනමා පටය තුළින් උදාවීම කතාබහට ලක්විය යුතු අමුතුම සංගදියකි. ඒ සංගදියෙහි පසුබිම් කතන්දරය වූයේ හොඳටම කළේ කවුදැයි කියා ‘මාරියා’වේ එක නළුවකු තෝරා ස්මමානය දෙන්නට බැරි ගැටලුවකට ජූරිය මුහුණ පෑමය. ඒ වගේම එතැන කුහකත්වයක් නැතිව කාගේත් හැකියාවට සම තැන දෙන යහපැවැත්මද මුල්බැස ගත්තට සැකයක් නැත. හෝල් එකකට ගිහින් ‘මාරියා’ බලන දාට නියම වැඩකාරයා කවුද කියන ගැටලුවට ප්‍රේක්ෂකයන් වූ අපද මුහුණ දෙනවා නොඅනුමානය. ඒ තරමට 44 වැනි මොස්කව් ජාත්‍යන්තර සම්මාන උළෙලෙහි හොඳම නළුවා සම්මානය ගත් නළුවන් හත්දෙනාගේ රඟපෑම ‘පට්ට’ය. ඒ හින්දා අපි ඒ නළුවන් හත්දෙනාටම හද පතුලෙන්ම හොඳ ඇන්කෝර් එකක් දෙන්නම ඕනෑය.

හුඟාක් දේවල් හරි ඉක්මනට අමතක කරලා දාන අපේ රටේ මිනිසුන් ‘මාරියා’ව සමග හොඳම නළු සම්මානය අතට ගත් මේ නළුවන් හත්දෙනාගේ අපූරු කතාව හැමදාමත් මතක තබාගන්නවා නම් එය අරුණ ඇතුළු නළු පිරිසට කරන ගෞරවයකි.

ජාත්‍යන්තර ජයග්‍රහණයකට සව්දිය පුරන මේ හොඳ අවස්ථාවේ දුක හිතෙන එක් කාරණයක්ද වේ. ඒ, දර්ශන් ධර්මරාජ්ගේ අකාල සමුගැනීමය. ‘මාරියා’වට දර්ශන් දුන් සහාය රඟනොපාන ආකාරයට ඔහු රඟන සිත් දැහැන්ගත කරවන විලාසයට ‘අනේ මචං උඹ ඇයි මේ තරම් ඉක්මනට යන්න ගියේ…’ කියා කාට වුවද හිතෙනවා නිසැකය. ‘ගෙනාපු කාලය ඔච්චරයි…’ කියන දෛවයද හොඳ අතුල් පහරක් දී දර්ශන් අද ජීවත්ව හිටියා නම්, ‘මොනවද දර්ශන් හිතෙන්නේ?’ කියා මාධ්‍යවේදියකු අහන ප්‍රශ්නයට, ‘මොනවද ඉතින්, බොක්කෙන්ම සතුටුයි…’ කියලා ඔහු සරලව හිනාවෙන්නට තිබිණි.

දර්ශන්ට විතරක් බෙදාහදා ගන්නට බැරිව ගිය ඒ සතුට ‘මාරියා’ වෙනුවෙන් අරුණ ජයවර්ධන සහ හොඳම නළුවන් හත්දෙනා වෙනුවෙන් අප මෙහෙම බෙදාගනිමු.
‘ඒක නියමයි. ගළපන්න වචන නෑ…’

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අනුර කියනවා බුදු හාමුදුරුවො දේශනා කළේ සමානාත්මතාවය කියලා! රනිල් නැගිටිලා කියන්නෙ බුදු හාමුදුරුවො දේශනා කළේ චතුරාර්ය සත්‍ය-දුක ගැන කියලා! එහෙම කියලා අන්න රනිල් යනවා! (VIDEO)

Next Post

සුපිරි ක්‍රීඩක මෙසීගේ ආජන්ටිනාවට හිතාගන්නවත් බැරි පරාජයක්! සෞදිය ගෝල 2ක් ගහද්දී ආජන්ටිනාවට ගහන්න පුලුවන් වුණේ එකයි!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.