• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්දිව වින්නැහිය දැකීමට සෝභිත හිමියෝ යළි වඩිති…

November 15, 2022
in Exclusive, News
Reading Time: 11 mins read
A A
ලක්දිව වින්නැහිය දැකීමට සෝභිත හිමියෝ යළි වඩිති…
Share on WhatsAppShare on Facebook

ආරෝහ පරිණාහ දේහධාරී “සෝභිත” දිව්‍ය පුත්‍රයාණෝ සිය දේව මාලිගයේ ආලින්දයේ සැප අසුනක අසුන් ගෙන සිත් පහන් කර වැඩ උන්හ. ඔහුගේ මාලිගය අයම් විතර දිග පළල පිළිවෙළින් ගව් දෙකක් (සැතපුම් අටක්. ගව්වකට සැතපුම් හතරකි) සහ ගව්වක් වශයෙනි.

එතුමන් පැලඳ සිටි මාලාදාමයන්ගෙන් පැතිරුණු දිව්‍ය සුගන්ධය යොදුනක් (සැතපුම් දාසයක්) දුරට විහිදිණි. ඒ පුෂ්පදාමය පරසතු පුෂ්පයෙන් සජ්ජිතව බැබළුණේය.

දැසි දස්සන් පන්සියය බැගින් ඒ දේව පුත්‍රයාණන් පිරිවරා උන්හ. අඩු තුන් කෙළක්ම දිව්‍යාංගනාවෝ භාර්යාවෝ වූහ. ඒ තරම් දැසි දස්සන්, සම්පත්, ආනුභාව, තෙදබල සහ කීර්තිය, ආත්සාත් (ලැබීමට) කරගැනීමට ඒ දෙවියන් වහන්සේ විසින් කරන ලද පුණ්‍යකදම්භය කවරේ ද යත්, ඒ දේව පතිසන්ධිය ලැබීමට ආසන්නතම පෙර ආත්මභාවයේ ඒ තෙමේ මිනිස් ලොව ඉපිද පෙර කල කළා වූ කතපුඤ්ඤතා හේතු ප්‍රත්‍ය වීමෙන් තුන් ලෝකාචාර්ය වූ ලෝවැස්සාගේ බව (සංසාර) දුකට වෛද්‍යවරයාණන් වූ සම්මා සම්බුද්ධ සිද්ධාර්ථ (ගොයුම්ගොත්) බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මාදුළුවාවේ “සෝභිත” අභිදානයෙන් (නමින්) පැවිදිව තත් වූ පරිද්දෙන් මහණදම් පුරා සසුන් කෙත බබළවා ලෝවැස්සා කෙරෙහි සමමෙතින් කළ යුත්ත නොපිරිහෙළාම ඉෂ්ට සිද්ධ කිරීමය.

එසේ සමසිතින් අසුනේ උන් කල්හි මාලිගය කෙළවර නඳුන් (නන්දන) උයනට පමණක් දෙවැනි වන්නා වූ අනේක ජාති පුෂ්පයෙන් සහ පොක්කරණියෙන් (පොකුණු) සජ්ජිත උද්‍යානයේ “කොවේමාවේ” (පටු සහ පුළුල්) මාර්ග ඔස්සේ නියං කාලෙක කෙටෙන විදුලියක් සේ වහ වහා ළංවන ශරදභ්‍රශුභ්‍ර (සුදෝසුදු) ඝන වළාකුලක් දුටුයෙන් “මේ කිමෙක් දෝ”හෝයි යන කුකුස් චෛතසිකයෙන් හෙතෙම විපිළිසරව බලා උන්නේය.

ඇස් දෘෂ්ටි මානයට ආසන්නවත්ම ඒ වලාකුළු රොටුවක් (ගොඩක්) නොව සුදු අශ්වයන් බව අඳුනාගත් සැණෙකින්ම ඒ ශක්‍රදේවේන්ද්‍රයාණන්ගේ ජවාදිකයන් (අසුන්) සය දෙනා යෙදූ රථය බවත් “මාතලිී” (ශක්‍රයාගේ රථාචාර්ය) විසින් තම හාම්පුතාගේ පණිවුඩයක් ගෙනෙනු ලබන්නට ඇති බවත් ඒ දෙව් තෙමේ අනුමාන කෙළේය.

එසේ සිතා නිමවන්නටත් පෙර හා ම අංගාණිය කෙළවර රිය නතර වූවේය. “දොරටුවේ සිටි ආරක්‍ෂක දේව භටයෙක් රථයට ආසන්න වූවේය. ශීර්ෂ පලඳනාව සහිත මාතලීගේ හිස රථයේ කවුළුවෙන් එළියට දික්වුණේය. දෙදෙනා අතර යම් කතාවෙක් කෙරෙන සෙයක් විද්‍යමාන විය. තම ආරක්‍ෂක නිලධාරියා ඒ දෙඩුම් අවස්ථාවේ යමක් අනුමත කෙරෙන සෙයියාවෙන් හිසද වැනුවේය. සිය ආරක්‍ෂක භටයා සමුදීමේ ආචාර සමාචාර අභිනය මාතලීට දක්වන නියාව දැක්වුණු මොහොතේම රථය සකබමරයක් මෙන් කරකැවී හැරවුණේය. අනතුරුව ඉගිළුණේය.

ඒහාම සෝභිත දේව පුත්‍රයාගේ මුවගට සිනාවක් පහළ වූවේය. ඒ සිනාව මුහුණෙන් අතුරුදන් වීමටත් පෙරාතුව භටයා පැමිණියේය.

“ඇයි, මාතලී ආවෙ…?”

“අවසර දේව පුත්‍රයාණෙනි, හෙට උදේ දේව සභාව තියෙනවා කියලා ශක්‍ර දේවේන්ද්‍රයන්ගෙන් පණිවුඩයක් ගෙැනැවිත් තිබුණා…” කී ආරක්‍ෂක දෙවියා කිසියම් දෙයක් විමසීමේ අපේක්‍ෂාවෙන් සිටින නියාවෙන් තම මුහුණ දෙස බලා සිටින අයුරු සෝභිත දෙව් තෙමේ දුටුවේය. එබැවින් “ඇයි” යැයි විමසුවේය.

“ඔබතුමා හිනාවෙන නිසා” දේව භටයාගේ පිළිතුර විය.

“අහ්, ඒකද…?” යැයි කී සෝභිත දේව පුත්‍රයා යළිදු උස් හඬින් සිනාසුණේය. දේව භටයා ‘හොල්මන් වී’ බලා සිටියේය.

“මට හිනා ගියේ, මාතලී වාහන එලවන්න ඉගෙන ගත්තෙ මනුස්ස ලෝකෙ කොළඹ කියන නගරයේ ත්‍රීවීල් රථ රියැදුරෙකුගෙන්ද කියල මට හිතුණු නිසා” යැයි පවසා යළිත් සිනාසී, “දේව සභාව හෙට නේද” යැයිද ඇසුවේය.

“ඔව් ස්වාමීනි…” යැයි පිළිතුරු දුන් භට තෙමේ හිස නමාගෙනම පස්සෙන් පස්සට අඩි කීපයක් ගොස් හැරී ගියේය.

“මෙහෙ හෙට කියන්නෙ මනුස්ස ලෝකෙ අවුරුදු සීයක් ”යැයි දෙව් පුත් තමාටම මුමුණා ගත්තේය. (මනුස්ස ලෝකයේ වසර සියයක තව්තිසාවේ එක දවසකි) මාතලී දැකීමෙන් පෙර ආත්මයේ තමා අත්දුටු කොළොම් පුරය ”දෘෂ්ටිගත” ආරම්මණයක් (අරමුණු) වීමෙන්, සිතෙහි “නිමිත්තක්” (යමක් වැඩිපුර යළි යළි සිතීමේ කරුණක්) වූවේය. (අභිධර්මයේ සිත ක්‍රියා කරන අන්දමේ ආරම්භය අභිධර්මයේ චිත්ත කාණ්ඩය විමසත්වා.) ඒ නිමිත්ත ඒ සෝභිත දේව පුත්‍රයාගේ චෛතසික අභ්‍යාන්තරයේ මහත් කැලඹිල්ලක් ඇති කරන්නට පටන් ගත්තේය. ඔහුගේ හිස බරවූවේය. කැරකිල්ලක්ද ඇති විය. තමා පෙර භවයේ උපත ලැබූ ලංකාව සංඝ සමාජය, මහජනයා ආදී කරුණු සිහිවූවේය. රටට මොනව වෙලා ඇද්ද? හෙතෙම කල්පනා කරන්නට පටන් ගත්තේය.

(දිව්‍ය ලෝක හයකි. කුසල් කළ උන් ඒවායේ උපදිත්. රැස් කරගෙන තිබූ පින් නිම වූ කල ඒ දෙව් ලොවින් චුතව යළි මනුස්ස ලෝකය හෝ සතර අපාය වැනි තැනෙක හෝ උපදින්නටද පිළිවන.)
තමා කෝට්ටේ නාග විහාරයේ විහාරාධිපතීන් වහන්සේ වශයෙන් වැඩවිසූ සමයේ රටේ මහජනතාව දේශපාලනඥයන්ගේ ග්‍රහණයට නතුව විඳි අනේක විධ දුක්ඛ දෝමනස්සයන් ඔහු සිය නෙත් පනාපිටම දුටුවේය. බුද්ධ වචනය (උපදේශය-අනුශාසනාව) “චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, අත්තාය හිතාය සුඛාය, ලෝකානුකම්පාය” (සියලු සත්වයන්ගේ හිතසුව පිණිස කටයුතු කරන්න) යන්නය.

ඒ බුද්ධ දේශනාව අනුව මහජන යහපත උදෙසා තම “ජීවිතය කැපකිරීම ඒකායන මාර්ගය විය යුතුය” යන්න පසක් කරගත් තමන් වහන්සේ එක් පවුලක් රටේ දෙකෝටි විසිපන් ලක්‍ෂයකට වැඩි ජනගහනයක් තමන්ගේ (ඒ පවුලේ) ප්‍රාණ ඇපකරුවන් සේ රඳවාගෙන කරන විනාශය ගැන තමන් වහන්සේගේ සිරුරේ රුධිරය කැකෑරෙන සෙයක් දැනෙන්නට වූවේය.

තිස් අවුරුදු යුද්ධය නිමා කළ තනි අයිතිකරුවාණන් තමන් යැයිද, අනෙකත් උන් කෙළතොල්ලෝ යැයිද හේෂාරවය (ගදුබුවන් මොරදෙන්නා සේ) කරමින් සබ්බ සකල කෙප්ප කෙළිමින් බලයට පත්වන්නා හාම තමා හා තම පවුලේ සාමාජික ඇත්තන් ඇත්තියන් “මහා වංශයේ” බවද සෙසු පුඟුලෝ “චූලවංශිකයෝ” බවද සපථ කරමින් තමන් හා තම වරිගයේ වැලගිය මුලගිය සියල්ලෝම “හස්ති අධෝමාර්ගයෙන්ම” උපන් හයි කිසිදු ලජ්ජාවක් හෝ හිරිකිතයක් හෝ නැති නියාව අනුදක්වමින් මහා භාණ්ඩාගාරයේ ධනය හිස්කරමින් මහත් අවලකෙළි කෙළින්නාහු දුටු තමන් වහන්සේගේ සිරුරේ මාංශ “කස්තිරම්” අල්ලමින් නටන්නට වන.

අනන්ත බල ඇති අනන්ත දළ ඇති පවුලේ දෙවැන්නා නායකත්වය ගෙන උන්නේය. ඔහුගේ එක් පුතෙක්ද නායකයෙකි. සහෝදරයන් දෙදෙනාද කෙරුමෝය. අයියාත් ඔහුගේ පුතාත් යන දුසිම් භාගයම දේශපාලනයෙන් බලය අල්ලා රටම ගිලදමමින් සිටියෝය.

උන්ගෙන් රටේ භාෂණ නිදහස මකබෑවී ගියේය. මාධ්‍ය මගින් මහජනයා දැනුවත් කෙරෙන කල මාධ්‍යවේදීන්ට පහර දුන්නෝය. ඝාතනය කරනු ලැබුවෝය. ලොක්කා ජනපතිය. එක් මලයකු මුදල් ඇමැතිය. “බෙදන්නට ගිය එකා පත් කොළය එළා ගත්තා සේ” රටේ ධනය සූරාගත හැකි සෑම අමාත්‍යාංශයක්ම තමන්ගේ වස්ත්‍රය අස්සට දමා ගත්තා පමණක් නොව පවුලේ උන් අතර ද බෙදාදෙනු (ගනු) ලැබිණි.

ඒ විනාශය තවත් බලාසිටිය නුහුණු තැන මුන් සියල්ලන්ම බලයෙන් පහකර පරසක්වළ ගසා පියම් හයි සිතා මහජනයාට අංකුසයෙන් අනින්නා සේ සිය වාග්මාලාවෙන් ඇන පහරවා පුබුදුවාලූහ. ඒ සඳහා පළමුවෙන්ම “සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය” නම් බළමුළුවක් ඇරඹුවාහුය. ඉන් නොනැවත “ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් උදෙසා ජනතා ව්‍යාපාරය නම්” වියපුරුවෙක්ද (සංවිධානයක්) ස්ථාපනය කළහ. ඒ වටා විද්වත්හු රොද බැඳගති. මහැදුරු සරත් විජේසූරිය සූරීන් පෙරටුකොට ගෙන පැමිණි විවසුවෝ සකසුවෝ දිරි දුන්හ.

ගම් දනව් සැරිසරමින් මහජනයා අමතා හෙණ පිට හෙණ පතිත වන්නා සේ සිය වාග් චතුරත්වයෙන් අවුළවා මොළවා, දපවා, පුප්පවා, පණපොවා දුටුගැමුණුවන්ගේ කණ්ඩුල සේ කණ්ඩුලයන් රැලක් සේ පෙරමුණටම යවන ලද්දෝය.

එමතුද නොව රටේ මේ කෙරෙන දූෂණය භීෂණය නවත්වන්නමැයි සපථ කළහ. සියලු වංචනිකයන් විසින් වංචා කර රැස් කරගන්නා ලද සියලු සම්පත් යළි ලබාගෙන මහජනයාටම දෙන බව කීහ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සෑම සියලු ජාතියකම හිමිකම් පූරණය කර දෙන අන්දමටම මහජනහිතකාමී එකක් සේ යළි සංශෝධනය කරවන්නමැයි බලයට ඒමට අපේක්‍ෂිත නයුවන් (නායකයන්) ලවා සපථ කරවා ගත්හ.

රටට හෙණපතයක් වූද, මින් පෙර බලයට ඒමට සෑම එකකු විසින්ම මහජනතාවට ඉදිරිපත් කරන ලද පොරොන්දුව වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නෙමැයි කියන කෙප්පය ඇත්ත වශයෙන්ම යථාර්ථය බවට පත්කරවන බවට පිළිණ දුන්හ.

තමන්ට “යව්දිව්” (යාවජීව) අන්දමින් බලයේ රැකෙන්නට දහනව වැනි වරටද සංශෝධනය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති තුතූ කර එකා සැමටත් සැම එකාටත් සෙත සදන්නක්ම වන සේ සකසන බවට කටයුතු කළහ.

තිස් අවුරුදු යුද්ධය දිනවීමට රණවිරුවනට නායකත්වය දීමේ මෙහෙය කරට ගැනීමේ කර්තව්‍යයට වන්දිය වශයෙන් මහා කාලකණ්ණින්ගේ අණින් ඒ වන විටත් බන්ධනාගාරගත කරවනු ලැබ සිටි සේනාධිනායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විරුවාණන් නිදහස් කරවා ගැනීමේ වගකීමට තමන්වහන්සේ ළය දුන්හ.

මැතිවරණයෙන් පරාජය වූ එකකුට ලැයිස්තුවෙන් මහවාසලට (පාර්ලිමේන්තුවට) යාමේ වරම අහිමි කරන බවම කීහ. කිසියම් පක්‍ෂයකින් තේරීපත්ව මහජන අයිතියට පාපහරදී තාන්න මාන්න වරප්‍රසාද අපේක්‍ෂාවෙන් වානරයන්, මණ්ඩුකයන් (ගෙම්බන්) මෙන් ඒ පැත්තටත් මේ පැත්තටත් කිසි දිනෙක පනින්නට ඉඩ නොදෙන බව තෙපලූහ.

නිසි කලට වෙලාවටම මහජන අයිතිය සුරක්‍ෂිත කරන්නා වූ මැතිවරණ පැවැත්වීමට බලධාරීන් පිටුපසටම වී රැක සිටින බවට ද ප්‍රතිඥා දුන්හ. මහජනයාට රිසිසේ තම අඹුදරුවන් සමග යෙහෙන් දවස ගෙවා අන්තිමේදී සිත පහන් කරගනිමින් කාලයාත්‍රා කරගැනීම උදෙසා මේ සා කාර්යභාරයක් තමන් විසින් සැලසුම් කරනු ලැබීම ගැන උපන් අභිමානනීය සංතෘශ්ඨියකින් තමන් ගේ සිත වෙළී යන අන්දම ගැන උපන් සැනසිල්ල සමග මන්දාස්මිතයක් නැගී ආවේය. ඒ වන විට (2015) පොදු අපේක්‍ෂකවරයා වශයෙන් ඉදිරි පත්ව කරළියට පැමිණි කෘතහස්ත දේශපාලනඥයන් වූ මෛත්‍රීපාල සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාට සහාය දීමට ඉදිරිපත්වීම ගැන උපන් හැඟීම පිළිබඳ සිතට සතුටක් ජනිත වුවත් ඒ හාම සිතේ සංතාපයක්ද මතුව ආයේය.
ඒ සංතාපය තමන් වහන්සේ මුල්ව ඇරඹි කාර්යයන් තමන්ටම සියැසින් දැකබලාගැනීමේ පිනක් නොවූ හෙයිනි. යහපාලන ආණ්ඩුව පත්ව මාස හයක තරම් කෙටි කාලයකින්ම අපවත් වන්නට සිදුවූ හෙයිනි. ඒ නිසා සෝභිත දෙවියන් වහන්සේ මෙසේද සිතන්නට වූහ.

මා අපවත්ව මෙහි (දෙව්ලොව) එන විටත් මා අපේක්‍ෂා කළ අන්දමේ “යහ පාලන” රජයක් ලංකාවේ බිහිවී මාස කීපයක් ගතවූවා පමණි. මේ වන විට මගේ අපේක්‍ෂාව මල්පල ගැන්වී රටේ මහජනතාව සුඛිත මුදිත වී සෑම අතකින්ම සැනසිල්ලේ ජීවත්වනු ඇතැයි මම සිතමි. මේ වෙනස මවිසින්ම දැකගනු ලැබීම සඳහා මා විසූ මනුලොව කෝට්ටේ නාග විහාරයට යායුතු යැයි සිතුවේය. ඒ හාම සෝභිත දෙව් පුතාණෝ සංචාරක සංඝයා වහන්සේ කෙනකුන් සේ නාග විහාරයට වැඩම කළහ.

ඒ විහාරස්ථානය කොයි කවරදාත් සිව් දිගින් පැමිණි නොපැමිණි මහා සංඝරත්නයට (අගත අනගත චතු දිස සගස) පමණක් නොව දන්නා අඳුනන, නොදන්නා නාඳුනන කොයි කාට වුවද නිවාපයක්ම (සහනශීල වාසස්ථානයක්) වූයෙන් ශ්‍රමණ වෙස් දැරූ දිව්‍ය පුත්‍රයාණන් ගරු බුහුමන් පෙරදැරිව මහත් හරසරින් එහිදී පිළිගන්නා ලද්දේ වී නමුදු මේ භික්‍ෂුන් ලෙසින් වැඩ සිටින්නේ මේ ස්ථානයේම වැඩවිසූ තම නායක යතිවරයාණන් වහන්සේ බව කිසිම වහන්සේ නමකට හඳුනාගත නොහැක්කේම වූයේය. තමන් වහන්සේ වෙනත් රටක සිට පැමිණි බව දැන්වූ පූර්ව සෝභිත හිමියෝ තමන් වහන්සේගේ මිතුරු නායක හිමියන් මේ ස්ථානයේ වැඩවිසූ බව කීහ.

උන්වහන්සේ අපවත් වූ අසා කම්පා වන නියාව අඟවා උන්වහන්සේ රටේ අභිවෘද්ධිය උදෙසා වෙනසකට පෙරළියකට ගත් තැත මල්පල දැරුවේ දැයි විමසූහ.

“ඒ ගැන කීමෙන් පලක් නැතැයි කී එහි වැඩසිටි විහාරාධිපතින් වහන්සේ “මේ රටේ දැන් සිදුවෙන දේ දකිනවාට වඩා උන්වහන්සේ අපවත් වීම යෙහෙකැයි පවසා රටේ තතු තත්ත්වාකාරයෙන්ම විස්තර කළහ.

එහි සංක්‍ෂේපය මෙසේ ය.

පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වූ තමා (මෛත්‍රීපාල සිරිසේන) ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ නම් මේ වන විට අඩි හයක් පොළොව යට (මිනී වළේ) යැයි ජනාධිපතිවරයා වූ දවසේම රටට කීවේය. ඔහුගේ ආණ්ඩුවේ අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහට ටික දිනකින්ම වළකපා අගමැති පුටුවෙන් බිම දැම්මේය.

ඒ තම මාරයා වශයෙන් වරක් මෛත්‍රීපාල විසින්ම හඳුන්වන ලද මහින්ද රාජපක්‍ෂ ඇතුළු නඩයේ කුමන්ත්‍රණයෙනි. අනතුරුව මෛත්‍රීපාල මහජන මතයටත් රටේ නීතියටත් පයින් ගසා නොනිල වශයෙන් මහින්ද රාජපක්‍ෂ අගමැති පුටුවේ ඉන්දවනු ලැබුවේය. ඒ පෙරළියකි.

එහෙත් රාජ්‍ය පාලනයේ තෙම්පරාදු වී සිටින කට්ටකෛරාටික වෙට්ට පිත්තල රනිල් වික්‍රමසිංහ, මහින්ද ලොක්කාගේ පස්සට පයින් ඇන බිම හෙළා යළි අගමැති පුටුවට නැංගේය. දූෂණය නැති කරන්න සපථ කළ යහපාලන ආණ්ඩුව මහබැංකුවම කොල්ල කෑවේය.
රට අරාජික විය. නන්නත්තාර විය. අන්තගාමී ආගමික කණ්ඩායමක් ඒ අතරේ කතෝලික දේවස්ථාන කීපයක බෝම්බ පුපුරවා රට ලේ විලක් කෙළේය.

රටේ මහජනයාට ජීවිතාරක්‍ෂාවක් නැති බව සෑම අතින්ම කෑමොර දෙන්නට වන. මුස්ලිම් අන්තවාදීන් සිංහල ජන සංහාරයකට අරඅඳින බවට රට ගිනියම් කෙළේය. ජාතීන් අතර වෛරය ක්‍රෝධය වැපිරුවේය. මිනිසුන් මහමඟ මරාදමනු ලැබුවේය. ගෙවල් දොරවල් ගොඩනැගිලි දැවුණේය. රටේ භීතිය වැපිරීම සඳහා සැලසුමක් සකස්කර බෝම්බ පිපිරවීම විපක්‍ෂයේ (මහින්දලාගේ) වැඩක් බවටද මතයක් සමාජගත වූවේය. රට පරදේශක්කාරයන්ට (චීනයට සහ ඉන්දියාවට) උකස් කරන බවට පැතිරුණු මතය රටම දෙවනත් කෙළේය. මහා සංඝයා වහන්සේලා පිල් බෙදුණාහ.

වැඩි කොටස පොහොට්ටුවටය. සිංහල බෞද්ධ ප්‍රජාවගේ ගැලවුම්කාරයා (දියසේන කුමාරයා) රාජපක්‍ෂ පවුලේ සිටින බව දසදෙස පැතිරුණ්ය. මහබැංකු හොරු අල්ලා දඬුවම් පමුණුවන බවත් ඒ මුදල් ආපසු ලබාගන්නා බවටත් කෙරුණු ප්‍රකාශ සෑම පැයක් පැයක් පාසාම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවලින් බෙරිහන් දුන්නේය.

ඔය අතරේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති තරගයට ඉදිරිපත් වූවේය. කැලණි ගඟ දෙබෑකරගෙන නා ලොවෙන් නාගරාජයෙක් ධාතු කරඬුවක් ගෙන කැලණි විහාරයට ආවේය. ගෝඨා දිනුවේය. රට සංවර්ධනයට තුනෙන් දෙකක ජනවරමක් ඉල්ලුවේය. එයත් ලබාගත්තේය.

අයියලා මල්ලිලා, තාත්තලා පුතාලා ඇමැතිවරු වූහ. දූෂණය වංචාව, ගසාකෑම හොරාකෑම නහුතෙටම නැංගේය. රටේ ඩොලර් ටික පිටරට බැංකුවල පෞද්ගලික ගිණුම්වලට ගියේය. රට චීනයට උකස්කර ලබාගත් ණයෙන් වැඩි කොටස ගසාකෑවෝය. අනෙක් කොටස හම්බන්තොට වරාය, ගුවන් තොට, වීරකැටිය මවුපිය ස්මාරක, නෙලුම් කුලුන වැනි ආදායම් නොලබන තමන්ගේ ප්‍රතිරූපය පමණක් පුම්බාගැනීමේ ව්‍යාපෘතිවලට යෙදවිණි. රට බංකොලොත් විය. විදේශ සංචිත බැස්සේය. ගොවියාට පොහොර නැති විය.

එළවළු, තේ වගා නැත්තටම නැති විය. ඉන්ධන, ගෑස් සොයාගැනීමට මහජනයා දින ගණන් මහමඟ තපින්නට වූහ. මිනිස්සු පෝලිම්වල මියැදෙන්නට වූහ. අමුද්‍රව්‍ය නැති නිසා කර්මාන්ත ශාලා වැඩපොළවල් වැසුණේය. රැකියා නැතිවිය.

දරු දැරියන්ට දිනකට එක වේලක් හෝ දෙන්නට නොහැකි තත්ත්වයක් ඇතිවිය. මහජනයා කුපිත වී අගනුවර වටලෑවෝය. රාජපක්‍ෂලා පස්සා දොරෙන් පැන ගියෝය. ඔවුන් විසින් ‘බැංකු හොරා’ යැයි හඳුන්වන් ලද රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේම ගැළවුම්කරුවා වශයෙන් සලකා ජනාධිපති කරවූහ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමන්ට අභිමත පරිදි සම්මත කරගැනීමට වලිකෑවෝය.

දැන් රනිල් ලොව වටා හිඟමනේ යයි. මහජනයා මහමඟ හිඟමනේ යති. එළුවාගේ අහවල් එක වැටෙනතුරු පස්සෙන් යන්නා සේ ජාත්‍යන්තර අරමුදලට දත නියවාගෙන සිටිති. එහෙත් පාර්ලිමේන්තු ගොයියලා ඇමැතිකම් ගන්නට එහාට මෙහාට පනිති.

රටේ ප්‍රගතියක් ඇති වන බව ඇම්බැට්ටයන් ලවා මහජනයාට කියවති.

මහජන සභාව ගැන උපදෙස් දීමට වික්ටර් අයිවනුත්, කරු ජයසූරියත් පසුගියදා අමාත්‍ය මණ්ඩල රැස්වීමට කැඳවා තිබේ.

මේ සෝභිත දේව පුත්‍රයාණන්ට අසන්නට දකින්නට ලැබුණු දේය. උන්වහන්සේ සුසුමක් හෙලූහ. ඒ සමගම උන්වහන්සේට සිහින් කැස්සක් ඇති වූයේය.

“පොඩ්ඩක් ඔබවහන්සේ ඔහොම වැඩඉන්න. මම පැන් ටිකක් ගේන්නං…” කියමින් විහාරස්ථවාසී නායක හිමියන් පිටව ගොස් යළි අවුත් බලන කල මුළු කුටියම හිස්ව තිබුණේය.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

පුස්සක්! බොරු සංඛ්‍යාලේඛන ටිකක්! IMF එක ලියලා දීපු එකක්! ජනතාවට බදු බර දරාගන්න බෑ! බදු වැඩි කිරීම අපි පාර්ලිමේන්තුවේ පරද්දනවා! හොරා කාපු දූෂිතයන්ට දඬුවම් දෙන්න බෑ කියලා ජනාධිපති කියන්නේ ඇයි? රනිල්ගේ අයවැය ගැන මරික්කාර් පාර්ලිමේන්තුව හෙල්ලෙන කතාවක් කරයි! (VIDEO)

Next Post

මෙන්න සිස්ටම් චේන්ජ් එක! ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ අවසරය පරක්කු නිසා ‌කිරිපිටි කිලෝ ලක්ෂ 4ක් දින 25ක් වරායේ හිරවෙලා!

MORE NEWS

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

Load More
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය විපක්ෂයේ සිටින විට ජනතාව වෙනුවෙන් නැගු කදුලු අද හෙළන්නේ නැති බවත් අද ගොවි ජනතාව බීජ පොහොරවල සිට කෘෂි...

Read more
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.