• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුරුල්ලේ අම්මට සිරි (අ)සුමන හිමි…

November 10, 2022
in Exclusive, News
Reading Time: 7 mins read
A A
බුරුල්ලේ අම්මට සිරි (අ)සුමන හිමි…
Share on WhatsAppShare on Facebook

‘ඔබ බුදුන් වහන්සේට ගෞරව නමස්කාර කරන්නේ ඇයිදැ’යි යමකු මගෙන් ඇසුව හොත් මා එසේ කරන්නේ එතුමා, රජ පවුලක උපන් කුමරකු නිසා නොවේ යැයි කියමි. එතුමා බුද්ධත්වය නමැති පදවිය ලද්දකු නිසා නොවේ යැයිද කියමි.

ඒ සියල්ල මට හෝ අපට හෝ නොව එතුමාට හා එතුමාගේ ඥාති හිතමිත්‍රාදීන්ට පමණක් වැඩදායී හෙයින් යැයි නොපැකිළවම පවසම්හ.

මා ඔහු නමින් ගරු සත්කාර කරන්නේ (සක්කෙරෙන්තෝ, ගරුකෙරෙන්තෝ, මානෙන්තෝ, පූජෙංතෝ) උන්වහන්සේ චක්‍රවර්ති රජකම පවා අලුයම ලූ කෙළ පිඬක් සේ පිළිවේ කර ඇහැට, නින්දක්, ඉනට (නිසි) වතක්, කුසට අහරක් නැතිව දවසක් දෙකක් නොව අවුරුදු සාර අසංක්‍ය කල්ප ලක්‍ෂයක් තිස්සේ, ලොව වෙනත් කෙනකුට සිතන්නවත් බැරි අන්දමේ පාරමී ධර්ම පූරණය කරමින් ඇස් ඉස් මස් ලේ දන් දෙමින් කිසිම කෙනකුගෙන් “අබ පියල්ලක” තරම් හෝ ආත්ම ලාභාපේක්‍ෂාවකින් තොරව සිය ආත්මයම අප වෙනුවෙන් සකල ලෝකවාසී සත්වයන් සංසාරයෙන් සංසාරයට විඳින අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ගෙන් මුදාගනු පිණිස සිය දිවි කැපකළ හෙයින් යැයි ළෙහි අත්ගසා වැළපෙමින් මුළු ලොවටම ඇසෙන්නට හැකිවන පරිදි හඬ නඟා කියන්නෙම්හ.

ඔබ මහා සංඝරත්නයට ගරු සත්කාර කරන්නේ මන්දැයි ඇසුවහොත්. මා පවසන්නේ, ලෝකයම පිළිගත් මානව අයිතිවාසිකම් හතරක් තිබේ. කුසගිනි ඇතිවූ කල ආහාර ගැනීම, නිදිමත වූ කල තොතැනක හෝ (හාන්සිවී) නිදාගැනීම, අනතුරක් (ගවයකු අනින්නට) ඇතිවූ කල දිව ගොස් ගසකට හෝ නැගීම, ශාරීරික අවශ්‍යතාවක් ඇති වූ විට පිරිමසා ගැනීම යන කරුණු ප්‍රධානය.

එහෙත් මේ මිනිස් අයිතිවාසිකම් හතර හෝ අහිමිව ලෝවැස්සාට සෙත සලසන්නට තම ජීවිතයම ඇපකර, කැපකර, පේකර පොරොන්දුවී සිටින පින් කෙතක් වන් උන්වහන්සේලා මොන වරදක් කළද මම ඒ සියල්ල අල පත මත හළ දිය බිඳක් සේ බැහැර කර ඇඳිලි බැඳ, fදාහොත් මුදුන් තබා (අංජලිකණීයෝ අනුත්තරං පුඤ්ඤං ඛෙත්තං) නමස්කාර කරන් නෙම්හයි කියමි.

මා පමණක් නොව ලෝකයේ වෙසෙන සමස්ත බෞද්ධයන් අතරින් 99.9%ක්ම එවැන්නෝය. එහෙත් මහා සංඝරත්නයෙන් අවසර පතමින් අද අධර්මයෙන් ධර්මය තෝරාබේරා ගැනීමට නොහැකි මහත් දුෂ්කර ගැටලු සාගරයකට ඒ සැදැහැවතුන් පිරිසෙන් ඇතැමෙක් පත්ව ඇත්තාහයි සැළකර සිටීමට අවසර යදිම්.

ඒසා ශාසන විලෝපනයක් ඇතිවන්නේ බෞද්ධ ශාසනයේම සිටින බෞද්ධ යැයි කියාගන්නා ශ්‍රමණ වේශධාරී ආටෝපිත කසාව කණ්ටක විලෝපිකයන් නිසාවෙනි.

වසර පන්දහසකට පසුව අතුරුදන් වනවා යැයි කියන බුද්ධ ධර්මය, සම්මා සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සියයක ඇවැමෙන් අවරෝහනයට (පිරිහීමට) පත්වීමේ යුගය එළඹෙනවා යැයි කියන මතය සත්‍යවාදී සැබෑවක් නම් දැන් මේ පැමිණ ඇත්තේ ඒ තීරක යුගය බව කිවයුත්තේ මේ ගෙවෙන්නේ බුදුන් පිරිනිවී දෙදහස් පන්සිය හැටහය බැවිනි.

ශාසනේ අවසානය එළඹෙත්ම මහා සංඝරත්නය වෙනුවට කෙමෙන් කෙමෙන් ගනින්නාන්සේලා, උදරම්බරියන්, (බඩගෝස්තරවාදීන්) පොට්ටනිකාරයින් ‘සසුන් කෙත ආක්‍රමණය කරත්’ යැයි ශාසන ඉතිහාසයේ සඳහනි. ඔවුහු ‘කහ පැහැති වස්ත්‍ර දරා, හිස මුඩුකර, අපි බුදු පුතුන් වම්හයි’ පවසමින් “ලෙවනට්“ (ලෝකවාසීන්) අතර වැජඹෙන බව පොළොන්නරු යුගයේ විසූ සොළොස් මහා කිවියන් අතරේ හුන් දළසල කුමරුන් තමා විසින් ලියන ලද “සරය” (හීය) නමැති සිය කෘතියේ
“දැරැ කසාම්බර් මුණ්ඩ්-කා ලෙවනට්තරැ සැහැසී,

සුණුම්හයි ඇප් යෙත්-සන්ලා කෙනෙක් වරදස්” ලෙසින් පවසා තිබේ.

(කා යනු හිසය(ඔළුව). හිස නැකි මළ සිරුරට ”කවන්දය“ යැයි කියන්නේ කා-වඳ (නැති) නිසාය. උදා – වඳ ගැහැනි, වඳ කෙසෙල්)

“පවුල් පන්සල්” යන පදය භාවිත කෙරෙන්නේ මෙවන් ශ්‍රමණ ඝනයා (පිරිස) නිසාය. වර්තමානයේ ඇතැම් ආරාම, අසපු වැටෙන්නේ මේ කාණ්ඩයටය. පන්සල්කාරයෝ පන්සලේම වෙසෙන මෙන්ම ඊට බාහිරවද වෙසෙන තම අඹුදරුවන් (නීත්‍යනුකූලද නොවන) රැක්මට කුඹුරු කොටන්නෝය. නෙක නෙක ව්‍යාපාර කරන්නෝය. දේවාරූඪයෙන් සාස්තර කියන්නෝය. නූල්, යන්ත්‍ර බඳින්නෝය. මන්ත්‍ර ජපකර දෙහි කපන්නෝය. මුතු මැණික් කාසි පණං රැස් කරන්නෝය. “උජුපටි පන්නෝ” නොව “රබර් පටි පන්නෝය.” අනුනට ලණු දෙන්නෝය.

යුද්දෙන් දිනූ පසු සොමිය උස්මුරුත්තාවටම උත්සන්නවීමේ ජොලියෙන් කියන කරන දේ පමණක් නොව ඉන්න හිටින තැන පවා අමතක වූ අපේ උන්නැහේලාට අපේ ලණුකාර ඇතැම් හාමුදුරුවරුන් අනුශාසනා කෙළේ අටමස්ථාන වපසරියේ “සඳ හිරු සෑය” යනුවෙන් මොකක්fදා් අටමගලයක් අටවන්නට”ය.

බුදුන් වහන්සේ අරි අටඟි මඟ “සම්මා දාෘෂ්ටි, සම්මා වාචා, සම්මා ආජීව, සම්මා කම්මන්ත” ආදී වශයෙන් දේශිත තන්හිදී සම්‍යක් ප්‍රයෝග ඈ වශයෙන් නවවැන්නක් වදාළ බවක් හෝ අනුශාසකාචාර්ය වරයාණන් වහන්සේලා අනුශාසනා වශයෙන් කීයේ දැයි යන්න පවා ඒ අවස්ථාවේ සිහිවිය. මන්ද ඇතැම් සංඝයා වහන්සේලා සම්‍යක් ප්‍රයෝගය උපරිම වශයෙන් ප්‍රයෝජයට ගන්නාහු බැවිනි. ඒ වයසක මාතාවන් අරමුණු කර බණ වදාරන කල්හිය.

ඒ සඳහා ගැනෙන්නේ ප්‍රේතවස්තු සහ විමාන වස්තු කතාය. කිසිදු දානමාන පුණ්‍යකර්මයක් නොකළ උදවිය ප්‍රේතයන් වී උපදින බවද ඉතා සුළු යමක් දානයට දුන් කාන්තාවන් ශක්‍රයාගේ අගමෙහෙසියන් වී දැසිදස්සන් හත්අටසියයක් පිරිවරා උපදින බව දහමෙහි ඇති බවද සවිස්තරව කියාදෙන්නෝය.
එසේ වදාරා අවසන තම විහාරස්ථානයේ රත්තරනින් පිළිම වහන්සේ කෙනකුන් ඉදිකරන බව එක් භික්‍ෂුන් වහන්සේ කෙනෙක් බණට කීහ. ඒ බණ ශ්‍රවණය කිරීමෙන් උපන් ශ්‍රද්ධාවෙන් තමන් පැළඳ සිටි අත කණ කර ගලවාගත් උපාසකම්මලා ඒවා පූජා කරන්නට සැතපුම් ගණන් දිග පෝලිමක සිටි අන්දම ශ්‍රව්‍ය දෘශ්‍ය දෙමාධ්‍යවලම දක්නා ලද්දේය.

එවන් විචිත්‍ර ධර්ම කථික හිමිවරුන් වනාහි අභිදානයේ (නමේ) මුලට මැදට අගට තම පදවි පට්ටම් හැටහුට හමාරක් ද ඇත්තේය. ගැලවීමේ හමුදාවේ (SALVATION ARMY) ”කපිතාන් (කැප්ටන්) CAPTAIN සහ බි්‍රගේඩියර් BRIGADIER ආදී වශයෙන් තනතුරු දේ. ඒ අනුව ගියහොත් අපේ ඇතැම් නායක හාමුදුරුවන් වහන්සේලා මේ මොඩිෆයි MODIFY වෙන අන්දමට තම නමේ අගට ෆීල්ඩ් මාර්ෂල් MFIELD MARSHAL යන තනතුරද යොදාගන්නට බැරි නැත.

ඔය කියන පිංගුත්තර නිකායේ ගනින්නාන්සේලා මැද්දේ ගනිං පමණක් නොව “දීපං දීපං” කියන උන්නාන්සේලා සිටින බවද කිව යුත්තේමය.

ඉතින් මේ “ජාතක මාලාව” විස්තතර කරන්නට යෙදුණේ නවතම සමාජ සත්තාරක චරිතාපදානයක් ගැන ලඝුවෙන් හෝ කියන්නටය. තමන් වහන්සේ රහතන් වහන්සේ කෙනකුන් බව උන්වහන්සේ විිසින්ම හඳුන්වා දෙනු ලබන්නෝය.

දැන් (වර්තමානයේ) මගපල ලැබුවෝ “කැස්සට කිඹිස්සට” (ඕනෑපදම) හන්දියක් හන්දියක් ගානේ පමණක් නොව ලවක්දෙවක් නැතිව කොස්ගස් දෙල්ගස් යටත් ඉන්නෝය. එක පඳුරක් යට සෝතාපන්න (සෝවාන්), සකදාගාමි (සකෘදා), අනාගාමි සහ අරිහත් (රහත්) බවට පිළිපන්නෝ “හැටහුට හමාරකටත්” චුට්ටක් වැඩිය. (එසේ පැටව් ගසා (බෝවී) ඇත්තේ මේ රටේ හැම තැනම ඇති භාවනා මධ්‍යස්ථානවලට පින් සිද්ධ වෙන්නටය)

ඉතින් බොරැල්ලේ රහතන් වහන්සේට (ඔය කරන කියන දේවල් ගැනත් ආස්සරේ කරන ඇත්තියන් ගැන කල්පනා කර බලන විටත් උන්වහන්සේට “ලොට“ඒවා පමණක් නොව “රහ” ඒවාත් නොලැබ සිටින්නට නම් බැරිකමක් නැති බව පෙනේ. උන්වහන්සේ රුපියල් ලක්‍ෂ ගණන් වියදම් කර සුවඳ විලවුන් – මාලා ගන්ධ විලේපන මිලට ගනිත්.)

කෙසේ වෙතත් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අනාවරණ වූ කරුණුවලදී උන්වහන්සේට පේන කියන්නට දේවාරූඪයක් (ආවේශයක්) ලැබෙන්නේල.

(පේන දේ කියන්නට ආවේශයත් මොන කෙහෙල්මලකටද? ආවේශයක් අවශ්‍ය නොපෙනෙන දේ කීමටය.)

අනිත් අතට හතර බීරි කතාව නම් රහත් පලයට පත් සිරිසුමන හාමුදුරුවන්ට දේවාරූඪ වීමය. (දෙවියකු වැහීමය) රහත් බව යනු අධ්‍යාත්මික වශයෙන් ලබන ලෝකයේ උත්තරීතර තත්ත්වයකි. සෝතාපත්ති (සෝවාන්) වූ කෙනකු අසලට ළංවීමට බියකරු යක්‍ෂ රාක්‍ෂයෝ පවා බියවෙත්. ඒ අනුව තමන් රහත් යැයි කීම සුමන හිමිගේ අමන ප්‍රකාශනයකි.

ව්‍යපාරිකයන්ගේ මුදල් තිළිණි ප්‍රියමාලි යන සැකකාරියට අයත් තිකෝ සමූහ ව්‍යාපාරයේ ගිණුමේ තැන්පත් කරන ලෙසටම කීම “ටොපේ ටොප්” පේන කීමකි. ඒ ඕ දේව වාක්‍ය අනුව ව්‍යාපාරිකයා විසින් තැන්පත් කරනු ලැබ ඇතැයි කියන මුදල රුපියල් කෝටි හැත්තෑ පහකි.

කිසියම් කෙනකු සන්තකයේ පවත්නා ධනය මේ අන්දමින් විනාශ වීම රටේ සම්පත් විනාශ වීමක් නිසා සිතට නැඟෙන්නේ වේදනාවකි. දුකකි.

මේ මුදල ආයෝජනය කෙරෙන්නේ කවර තැනෙක ද, සුරක්‍ෂිතතාව කවරේද යන්න ගැන සම්පත් (මුදල්) හිමිකරුවන්ට අවබෝධයක් නොවීම ඔවුන්ගේ මුග්ධභාවය ප්‍රකාශ කෙරෙන්නක් බව නොකියාම බැරිය.

අනිත් අතට “දාඩිය මහන්සියෙන් උපයා සපයාගත් මුදලක් නම් මෙසේ අවදානමකට පත්වීමේ අවස්ථාද විරළය. මන්ද අපට අහිමි දේ (හිමි නැති දේ) ගතහොත් ඒවා නොරඳන බැවිනි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මම වැරැද්දක් කළේ නෑ! ධනුෂ්ක දැනුම් දෙයි!

Next Post

පාර්ලිමේන්තුව බලන්න ආවොත් කිරි වීදුරුවක් දෙනවා! දරුවන්ගේ මන්දපෝෂණ ප්‍රශ්නෙට පාර්ලිමේන්තුවෙන් මාර විසඳුමක්!

MORE NEWS

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

Load More
සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ වසර ගණනාවක් රැඳී සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පසෙකලා, පක්ෂයේ වත්මන් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත “භූතයන්ගේ ළමයි” රිංගා ඇති බව...

Read more
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.