ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබා තිබේ
එම සටහන පහත පළවේ.
‘ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලාංකික අපි ගොඩක් ආදරය කරන ක්‍රීඩාවක්. අනෙක් අතට අපේ රටට මුළු ලෝකයේම ආදරය ගෞරවය රැගෙන ආපූ ක්‍රීඩාවක්. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව අපේ කාර්ය්ය බහුල ජීවිත වලට ජය සතුට ගැන බලාපොරොත්තු දීපු වාර ගනන අති විශාලයි. දැනට මතුව ඇති යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුවන තුරු අපි සැවෙම ඉතා ඉවසීමෙන්, සමස්ත කණ්ඩායමම අපහසුතාවයට පත් නොකොට අපේක්ෂා සහගතව බලා සිටීම වැදගත්. රටට ඉදිරියේදී විජයග්‍රහණ ගෙන එන්නට අපි ඔවුනට දිරි දෙමු.‘










