• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජ.වි.පෙ. දොර වැහුණු විජේවීරගෙ පුතා උවිඳු, දොර ඇරුණු ගමනායකගෙ දුව ජනිතා, සන්සන්දනයක්…

November 8, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
ජ.වි.පෙ. දොර වැහුණු විජේවීරගෙ පුතා උවිඳු, දොර ඇරුණු ගමනායකගෙ දුව ජනිතා, සන්සන්දනයක්…
Share on WhatsAppShare on Facebook

මාතර කෝට්ටේගොඩදී 1943 ජූලි දාහතර වැනිදා උපන් පටබැඳිගේ දොන් ජිනදාස නන්දසිරි විජේවීර 1989 නොවැම්බර් 12 වැනිදා උලපනේ ශාන්ත මේරි වත්තේදී යුද හමුදා අත්අඩංගුවට පත්වනුයේ නිමල්සිරි අත්තනායක නමින් වෙස්වළාගෙන සිටියදීය. එලෙස රජයේ හමුදාවක අත්අඩංගුවට පත්වන ඔහු ඊට පසු දින එනම් නොවැම්බර් 13 වැනිදා රාත්‍රියේ කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩංගණයේ අංක 6 දරන ‘වළ’ අසලදී අනේක වධ බන්ධනයට ලක්කොට අවසනදී වෙඩිතබා ප්‍රාණය නිරුද්ධ වීමට පෙර බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේදී පුළුස්සා දැමුවේය. 1965 වසරේ ශන්මුගදාසන්ගේ චීන කොමියුනිස්ට් පිලෙන් බිඳී ජනතා විමුක්ති පෙරමුණ බිහිකිරීමත් සමග රෝහණ විජේවීර නමින් ලාංකාවේ දේශපාලන වංශකතාවට එක්වන පටබැඳිගේ දොන් ජිනදාස නන්දසිරි විජේවීරගේ භෞතික ශරීරය එලෙස දවා අළුකර දැමුවද ඔහුගේ දේශපාලන දර්ශනය අදටද වෙනස්කම්වලට බඳුන් වෙමින් මේ රටේ දලුලමින් පවතින්නේය.

71 කැරැල්ලේ 13 වැනි විත්තිකරුවා වූ විජේවීර මරාදමන විට ඔහුට එෂා, අමා, මායා, චාගා සහ උවිඳු යනුවෙන් දරුවන් පස්දෙනකු විය. මේ දරුවන්ගෙන් බාලයා උවිඳු වූ අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු එකහමාරක් විය. ඊට අමතරව විජේවීරගේ බිරිඳ වූ චිත්‍රාංගනී හයවැනි දරු ප්‍රසූතියට සූදානම් වෙමින් සිටියාය. එවක පැවැති එක්සත් ජාතික පක්ෂ රජය කෙතරම් සාහසික ලෙස ජ.වි.පෙ.ය මට්ටම් කර දැමුවේද යත් විජේවීරගේ දූ දරුවන්ට දේශපාලනය කරන්නට තබා මතු පරපුරට අසා දැනගන්නටවත් ජනතා විමුක්ති පෙරමුණක් ඉතිරිවේ යැයි කිසිවකුත් සිතුවේ නැත.

එහෙත් කාලය බොහෝ වෙනස්කම් සිදුකළේය. බිමට සමතලා වූ ජ.වි.පෙ. යළි නැඟිට්ටවන්නට එහි සාමාජිකයෝ යටි බිම්ගත දේශපාලන ක්‍රියාන්විතයක් ආරම්භ කළෝය. සෝමවංශ අමරසිංහ එංගලන්තයේ සිට ඊට පණ දුන්නේය. රාජ්‍ය ත්‍රස්තවාදය විසින් ලෙයින් සහ යකඩින් මර්දනය කොට දවා අළු කරන ලද ජනතා විමුක්ති පෙරමුණ සැබැවින්ම අළු මතින් නැඟිට්ටා යැයි කීම සර්ව සාධාරණය. ජ.වි.පෙ. මෙරට දේශපාලනයේ තීරණාත්මක බලවේගයක් වීමත් සමගම එහි අනාගත නායකත්වය පිළිබඳ වඩාත් උනන්දු වූයේ එම පක්ෂයේ සාමාජිකයන් නොව වෙනත් දේශපාලන ව්‍යාපාරයන් විසිනි. ඒ අනුව 1989 රෝහණ විජේවීර ඝාතනය කරන විට දහඅට මාසයක් වයසැති සිඟිත්තකුව සිටි උවිඳු විජේවීර කොහේදැයි 2010 වසර පමණ වන විට බොහෝ දෙනෙක් සොයන්නට වූහ.

ඒ වන විටත් උවිඳු ප්‍රමුඛ විජේවීර පවුල සිටියේ නාවික හමුදාව භාරයේය. එහෙත් බොහෝ දෙනකු සිතුවේ උවිඳු විජේවීර පිය උරුමය ඉල්ලාගෙන විත් ජ.වි.පෙ. නායකත්වය ලබා සිය දේශපාලන ගමන අරඹනු ඇතැයි කියාය. නොඑසේ නම් විජේවීරගේ පුතා ළඟ දණගසන්නට ජ.වි.පෙ. මඟුල් ඇතා පෙරමඟට යවනු ඇත කියාය. කුමක් හෝ හේතුවකට මේ දෙකම සිදු වූයේ නැත. ඉන්දියාවේ සහ රුසියාවේ උසස් අධ්‍යාපනය ලබමින් සිටි උවිඳු විජේවීර ලංකාවේ දේශපාලනයේ සක්‍රීය චරිතයක් වන්නේ මේ අතරතුරේදීය. එහෙත් ඔහු දේශපාලනයට අත්පොත් තියන්නේ සිය පියා දිවි පුදා බිහිකළ ජනතා විමුක්ති පෙරමුණෙන් නොව තමා විසින්ම පිහිටුවා ගන්නා ලද දේශපාලන ව්‍යාපාරයක් වූ ‘දෙවැනි පරපුර’ සමගිනි.

ඩී.ඇස්. සේනානායකයන්ගෙන් පසු එ.ජා.ප. කිරුළ හිමිවූයේ ඔහුගේ පුත් ඩඩ්ලිටය. බණ්ඩාරනායකගේ ශ්‍රීලනිප කිරුළ ඔහුගේ බිරියගේ හිස රැඳී පසුව දියණියට උරුම වූයේය. පොදුජන පෙරමුණේ කිරුළද රාජපක්ෂවරුන්ගේ හිසෙන් හිසට මාරුවන්නකි. එවන් දේශපාලනික සංස්කෘතියක් මුල් ඇද ඇති ලංකාවේ ජ.වි.පෙ. කිරුළ පමණක් එය නිර්මාණය කර එකී දේශපාලන මතවාදය නිසාම දිවි දුන් රෝහණ විජේවීරයන්ගේ පුතාට අහිමි වීම අපට කියන්නේ ජ.වි.පෙ. දේශපාලනය අනෙක් පක්ෂවලට වඩා වෙනස් බව යැයි කෙනකුට තර්ක කරන්නට පුළුවන.

මේ සම්බධයෙන් පක්ෂයක් ලෙස ජ.වි.පෙ. දරනුයේ විජේවීරගේ පුතාට තම පක්ෂයේ දේශපාලනය කිරීමට බාධාවක් නැති මුත් ඔහු ඒ සඳහා පක්ෂයේ සම්මත පියවර අනුගමනය කළ යුතු බවයි. මේ සම්බන්ධව මාධ්‍ය සාකච්ඡාවකදී ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පැවැසූයේ විජේවීර සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කළේ පවුලේ බූදලයක් ලෙස පවත්වාගෙන යාමට නොවනා බවයි. එමෙන්ම පක්ෂයේ සම්මත ක්‍රමය අනුගමනය කරමින් ඒ හා එක්වීමට ඔහුට බාධාවක් නැති බවයි. එහෙත් උවිඳු විජේවීර මේ සම්බන්ධව දරනුයේ ඊට වෙනස් මතයකි. ඔහු පවසනුයේ ජ.වි.පෙ. දේශපාලනය සමග තමා දරන මතවාදය නොගැළපෙන බවය. එහෙත් ඇත්තම කතාව මීට වෙනස් යැයි සිතන්නට අපට ඕනෑ තරම් හේතු තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ සිය දෙවැනි නැඟිටීම අරඹන විට එහි සිටියේ පක්ෂයේ ආරම්භක සාමාජිකයන් කිහිප දෙනෙක් පමණි. සෝමවංශ අමරසිංහ ඉන් ප්‍රමුඛයා වෙයි. එහෙත් ඔහු පවා පසු කලක විජේවීර පවුල සමග එතරම් සබඳතා පැවැත්වූ බවක් අසන්නට නැත. මේ පිළිබඳ විජේවීර පවුලේ සාමාජිකයන් මෙන්ම ජ.වි.පෙ. සාමාජිකයන්ද විටින් විට විවිධ අදහස් දැක්වුවද ඒ සියලු ප්‍රකාශ තුළ සැඟවුණු කරුණු නොතිබුණා නොවේ. වරක් සති අන්ත පුවත්පතකට සාකච්ඡාවක් දෙන විජේවීරගේ බිරිය චිත්‍රාංගනී පවසනුයේ ජ.වි.පෙ. ආරම්භයේ සිටම තමාට වෙනස්කම් කළ බවයි. එමතුදු නොව තමා දික්කසාද කරන්නැයි පක්ෂය විජේවීරට බලපෑම් කළ බවත් ඕ එම සාකච්ඡාවේදී පවසන්නීය. ‘

‘ජවිපෙ මධ්‍යම කාරක සභිකයකුව සිටි එච්.එන්. ප්‍රනාන්දු මගේ අයියා. එයා ලංකා ගුරු සංගමය නියෝජනය කළා. ජ.වි.පෙ. මධ්‍යම කාරක සභාවේත් හිටියා. ඒත් 1986 ජූලි මස මැදදී එයා ජ.වි.පෙ.න් ඉවත්වුණා. එච්.එන්. ඒ ආකාරයෙන් පක්‍ෂය පාවා දුන්නා නම් ඔහුගේ සහෝදරියත් යම් දවසක පක්‍ෂය පාවා නොදෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවත් එහෙයින් මා දික්කසාද කරන ලෙසත් මධ්‍යම කාරක සභාව ඉල්ලා සිටි බව රෝහණ මට කීවා. නමුත් ඒ වන විට මා ගැබිනියක්ව සිටි නිසා රෝහණ කමිටුවේ තීරණය නොපිළිගත් බව මම හිතනවා. ආරම්භයේ සිටම ජ.වි.පෙ. මට නරක ලෙස සැලකීමට පටන් ගත්තා….’ යැයි චිත්‍රාංගනී විජේවීර එම සාකච්ඡාවේදී පවසන්නීය.

මීට අමතරව උවිඳු විජේවීරද ජ.වි.පෙ.ය සහ තම පවුල අතර එතරම් සමීප බවක් නොතිබුණු බව මාධ්‍ය හමුවේ කියා සිටි අවස්ථා ඇත. වරක් වෙබ් අඩවියක් සමග සකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවැසූවේ ජ.වි.පෙ. තම පවුල ගැන සොයා නොබැලූ බවයි.

‘ත්‍රිකුණාමලය නාවික කඳවුරේ ඉද්දී කිසි කෙනෙක් එක්ක අපේ සම්බන්ධයක් තිබ්බෙ නෑ. කාටවත් අපව හමුවෙන්නවත් දුන්නෙත් නෑ. තනි තනිව විදේශවල හිටපු සාමාජිකයන් උදව් කරන්න උත්සාහ කළා. ඒ කාලෙ පක්ෂය ගොඩනැගී තිබුණෙත් නෑ. සියලු සම්බන්ධකම් ඇතිවුණේ 98න් පස්සෙ. පසු කාලීනව ජ.වි.පෙ. අම්මගෙන් අහල තියෙනව උදව් කරන්න. නමුත් අම්ම ඒකට කැමැති වෙලා නෑ….’ එම සාකච්ඡාවේදී උවිඳු පවසන්නේය. ජ.වි.පෙ. උදව් චිත්‍රාංගනී ප්‍රතික්ෂේප කිරීම තුළ ගැබ්ව ඇත්තේ විජේවීර පවුල තුළ පක්ෂය ගැන තිබූ අප්‍රසාදය මිස අනෙකක් නොවේ යැයි කෙනකු සිතන්නේ නම් එහි පුදුමයක් නැත.

විජේවීරගේ පුත්‍රයා ජ.වි.පෙ.න් ඈත්වීම පසුපස දෙපාර්ශ්වයම සඟවන කතාවක් ඇති බවට හොඳම උදාහරණය සපයන්නේ පුවත්පත් කලාවේදී චන්දන කාරියවසම් ලියූ ‘විජේවීරගේ ඝාතකයා ප්‍රේමදාසද?’ නම් කෘතියයි. එම කෘතියට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන යුද හමුදා පොලීසියේ හිටපු සෙබළකු වන ඉන්ද්‍රානන්ද සිල්වා රෝහණ විජේවීර පණපිටින් පුලුස්සනු දුටු එකම ජ.වි.පෙ. සාමාජිකයාය. විජේවීරගේ අවසාන මොහොත සියැසින් දුටු ඔහු ජ.වි.පෙ.ට කරන චෝදනාව බරපතළ එකකි. ජ.වි.පෙ. චන්ද්‍රිකාගේ ආණ්ඩුව සමග සන්ධානගතව ඇමැතිකම් පවා ලබාගත්තද විජේවීරගේ මරණය සම්බන්ධව සාධාරණයක් ඉටුකිරීමට උත්සාහ නොගත් බව ඔහු පවසයි.

‘මම හිරේ ඉන්න කාලේ නීතිපතිට ලියුමක් ‍යව්වා. විජේවීර සහෝදරයාගේ ඝාතනය සහ මා දුටු වධකාගාර සම්බන්ධයෙන්. නම්ගම් සහිතව, ඕනෑම කොමිසමක් ඉදිරියේ සාක්ෂි දෙන්න මම සූදානම් කියලා. මාධ්‍ය, ආණ්ඩුවට බලකළා ඒ සඳහා කොමිසමක් පත්කරන්න කියලා. ඒත් පක්ෂය කිසිම උත්සාහයක් ගත්තේ නෑ විජේවීර සහෝදරයාගේ ඝාතනය සම්බන්ධව කොමිසමක් පත් කරගන්න…’ ඉන්ද්‍රානන්ද පවසන්නේය.

එමතුද නොව විජේවීර ඝාතනය පිළිබඳ තමා සතුව තිබූ තොරතුරු දැනුම් දීමට ගත් උත්සාහයන්හිදීද පක්ෂය තමා මඟහැරි බව ඉන්ද්‍රානන්ද කියා සිටී.

‘ඔය කාලෙදී ටිල්වින් සහෝදරයා මට කීවා මල්ලී ඉක්මනට පාස්පෝට් එක හදාගන්න. සෝමවංශ සහෝදරයා ඔයාට ලන්ඩන්වලට එන්න කියාවි විජේවීර සහෝදරයාගේ ඝාතනය ගැන විස්තර දැනගන්න. ඒ කතාව අහලා මමත් පාස්පෝට් එකක් හදාගත්තා. ඒත් ඒ වගේ කැඳවීමක් කවදාවත් ලැබුණේ නෑ. අවුරුදු ගානකට පස්සේ සෝමවංශ සහෝදරයා ලංකාවට ආවා. ඒත් මගෙන් මුකුත් ඇහැව්වේ නෑ. ඔහු පොළොන්නරුවට ආපු අවස්ථා දෙකේදීම මම මුණගැහිලා විස්තරය කියන්න උත්සාහ කළා. ඒත් එයා හිමිහිට මාරුවෙලා ගියා…’ ඉන්ද්‍රානන්ද දැඩි කලකිරීමෙන් පවසන්නේය.

විජේවීර මරාදැමූ 1989 නොවැම්බර් 13 වැනිදා තවත් එක් වැදගත් සිදුවීමක් සිදුවන්නේය. ඒ, පානදුර හොරණ පාරේ බණ්ඩාරගම මහවිල, ආදර්ශ පටුමගේ පදිංචිව සිටි කුරුප්පුගේ ගුණසිරි ඩයස් නොහොත් ‘ඩයස් මුදලාලි’ ලෙස වෙස්වළාගෙන සිටි දොන් උපතිස්ස ගමනායක අත්අඩංගුවට ගැනීමය. 1971 කැරැල්ලට සම්බන්ධ වූ ගමනායක පොලීසියෙන් බේරී පක්ෂය ගොඩනඟීමේ කටයුතු කරමින් සිටියේය. පක්ෂ අරමුදල තරකිරීමට කළ මංකොල්ලයකදී ඔහු අත්අඩංගුවට පත්වනුයේ 1973 දීය. වසර කීපයක් බන්ධනාගාරගතව සිට නිදහස ලබන ඔහු විජේවීරගේ දෙවැනියා ලෙස කටයුතු කරන ලද අතර, පක්ෂයේ ලේකම් මෙන්ම 87 – 89 කැරැල්ලේ නොනිල නායකයාද විය. විජේවීර සහභාගි වූ ගලහ නිවෙසේ පැවැති දේශපාලන රැස්වීමටද එක්වූ ගමනායකද අත්අඩංගුවේදීම මැරුම් කෑවේය. ආණ්ඩුවේ පැත්තෙන් කියැවුණේ ඔහු හමුදා බාරයෙන් පලායෑමට උත්සාහ කිරීමෙදී මැරුම් කෑ බවයි. එදා ඒ ආකාරයෙන් ගමනායක මරාදැමුවද ඔහුගේ බිරිය කරුණා ගමනායක දරු දෙදෙනා වූ සුචිර චාමික සහ ජනිතා ද සමගින් 1991 දී අනීතිකව ඉතාලිය බලා යන්නේය. එහිදී ඔවුනට සියලු පහසුකම් සලසනුයේ 71 කැරැල්ලේ ක්‍රියාකාරිකයකු වූ ඉතාලි ධර්මේය. ගමනායක සහ ඔහු 1973 දී පොලීසියට හසුවන්නේ එකටය. පසුව බි්‍රතාන්‍යයට සංක්‍රමණය වී එහි රැකවරණය ලබන කරුණා ගමනායක සහ දරුවෝ එහිම පදිංචි වූහ.

රෝහණ විජේවීරගේ පුත්‍රයා ජ.වි.පෙ.න් විතැන් වෙද්දී එම පක්ෂයේ හිටපු ලේකම්වරයෙක් මෙන්ම 87 – 90 කැරැල්ලට නායකත්වය දුන් උපතිස්ස ගමනායකගේ දියණිය බි්‍රතාන්‍යයේ සිටියද පක්ෂය සමග සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යන ප්‍රවණතාවක් දැකගන්නට ලැබේ. ඇය බි්‍රතාන්‍යයේ ජනතා විමුක්ති පෙරමුණු ශාඛාවේ කමිටු සාමාජිකාවකි. වෘත්තියෙන් වෛද්‍යවරියක වන ජනිතා ගමනායක මේ දිනවල සිටින්නේ වෙනිසියුලාවේය. ඇය එරටට යන්නේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් වෙනිසියුලාවේ කරකාස් නගරයේදී පැවැත්වෙන වෙනිසියුලානු කොමියුනිස්ට් පක්ෂයේ 16 වැනි සමුළුවට සහභාගි වීම සඳහාය. මෙම මස 01 වැනිදා සිට 06 වැනිදා දක්වා පැවත්වෙන එම සමුළුවට ජනිතා ගමනායක සමග ජනතා විමුක්ති පෙරමුණේ බි්‍රතාන්‍ය කමිටුවේ ලේකම් දර්ශන හෙට්ටිආරච්චිද සහභාගි වන බව වාර්තා වේ. ජ.වි.පෙ. නියෝජ්‍ය නායකයාගේ දෙවැනි පරපුර තවමත් පක්ෂය සමග කටයුතු කරද්දී එහි සමාරම්භක නායකයාගේ දෙවැනි පරපුර ශ්‍රී ලංකාවේ වෙනමම ‘දෙවැනි පරපුරක්’ නිර්මාණය කර ගනිමින් වෙනමම දේශපාලන ගමනක් අරඹන්නට සූදානමින් සිටී.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

තිලිණිගෙ ෆෝන් එකේ තියෙන ඒවා CID එකෙන් එළියට ලීක් වෙනවලු! (VIDEO)

Next Post

එක අනුර කෙනෙක් සුසිල් එක්ක පැටලෙයි! අනිත් අනුර මහින්දානන්දගෙ ෆයිල් එකක් ඇදලා ගනී! විමල් නැගිටලා ධාතු කරඬුවක් ගැන මාර කතාවක් කියයි! (VIDEO)

MORE NEWS

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

Load More
සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ වසර ගණනාවක් රැඳී සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පසෙකලා, පක්ෂයේ වත්මන් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත “භූතයන්ගේ ළමයි” රිංගා ඇති බව...

Read more
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.