පෝෂණ මල්ල ලබාදීමේ ව්‍යාපෘතිය මාස ගණනාවක සිට ඇණහිට ඇති බවත්, වර්තමානයේදී භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාමත් සමග තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ගැබිනි මව්වරුන් සහ කිරිදෙන මව්වරුන් සඳහන් කළාය.
මේ පිළිබඳව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, නීල් බණ්ඩාර හපුහින්න මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ, ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් ගර්භනී හා කිරිදෙන මව්වරුන්ට පෝෂණ මල්ල ලබාදීමේ ව්‍යාපෘතිය මේ වනවිට ඇණහිට ඇති බවයි.
එය යළි ආරම්භ කිරීම සඳහා ප්‍රතිපාදන ඉල්ලා ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
එම ප්‍රතිපාදන මේ මාසය තුළ ලැබෙනු ඇති බවත් ඉන් අනතුරුව කඩිනමින් එය ආරම්භ කරන බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
ඔහු සඳහන් කළේ, මෙම පෝෂණ ව්‍යාපෘතිය යටතේ ගැබිනි හා කිරිදෙන මව්වරුන් එක් ලක්ෂ පනස් පසදහසකට අධික පිරිසකට රුපියල් 4,500 ක් වටිනා පෝෂණ මල්ලක් ලබාදීමට පියවර ගන්නා බවයි.










