• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සු බලුවැඩ කරද්දී බල්ලෙක්ගේ මනුස්සකම…

October 25, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
මිනිස්සු බලුවැඩ කරද්දී බල්ලෙක්ගේ මනුස්සකම…
Share on WhatsAppShare on Facebook

බල්ලෙක් ගැන කතාවක් කිව්වම අපි හිතන්නේ මොකක් හරි බලු වැඩක් ගැන ලියන්න යනවා කියලා. සාමාන්‍යයෙන් එහෙමනෙ. පත්තරකාරයො විදියට අපි පහුගිය කාලෙ ඕනෙ තරම් බලුවැඩ ගැන පත්තරේට ලිව්වා. බලු වැඩ ගැන පත්තරේට ලියනකොට අපි හුඟක් බල්ලො ගැන කතා කරලා තියෙනවා. හැබැයි ඒ කතා කරලා තියෙන්නේ බල්ලො විදියට නෙවෙයි. සමහර වෙලාවට කොල්ලො බලුවැඩ කරනවා. කොල්ලො බලුවැඩ කරනකොට අපි සාමාන්‍යයෙන් කියන්නේ කොල්ලොනෙ, කොලුකමටනෙ කියලා. ඒ වුණාට කොල්ලො නොවෙන අය බලුවැඩ කරනකොට අපි ඒකට සමාවක් දීලා හරියන්නේ නෑ. හැබැයි මේක බල්ලෙක් කරපු මරු වැඩක්. සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට නරක දේවලට අපි සත්තුන්ගෙ නම් කියනවා. මිනිස්සුන්ට හරකා කියනවා. සමහර වැඩවලට බලු වැඩ කියනවා. සමහර අයට කියනවා අපි ‘ඕකා හෙන කපටි නරියෙක්’ කියලා. මේ විදියට මයිනා, කපුටා වගේ කට්ටියත් පහුගිය කාලෙ ලොකු අපහාස වින්දා. ඇත්තටම මේ සත්තු හරි ගුණයහපත් කියලා හිතෙන්නේ ඒ සත්තුන්ගෙ නම් දාපු මිනිස්සු කරන මනුස්ස වැඩ දැක්කට පස්සේ. මොකද, ඒ සත්තුන්ගෙ නම දාලා, ඒ අහිංසක සත්තුන්ව ඒ වගේ ජරා වැඩවලට ඈඳාගත්තට කවදාවත් ඒ සත්තු ඒ වගේ බලු වැඩ කරන්නේ නෑ. ඒ වගේ නරක වැඩ කරන්නෙත් නෑ. ඒක නිසා මේ බලු වැඩේ ගැන අපි ලියන්නේ හරි සතුටින්. මොකද මෙච්චර කල් අපි බලු වැඩ ගැන ලිව්වේ රට ගැන, අපි ගැන, ඒ බලු වැඩෙන් පීඩාවට පත්වෙච්ච අය ගැන දුකෙන්. විශේෂයෙන්ම අනාගත පරම්පරාව ගැන මාර දුකෙන්. ඒත් මේ බලු වැඩේ ගැන ලියන්නේ නම් එහෙම දුකකින් වේදනාවකින් නෙවෙයි. මේ බලු වැඩේ ගැන ලියන්නේ හරිම සතුටින්.

ඔන්න එකමත් එක දවසක චූටි බලුරාළ කෙනෙක් කලබලෙන් ගෙදර ආවා. බලුරාළලා කලබලෙන් යන එන එක සාමාන්‍ය දෙයක්. මෙයා ගැන ගෙදර අය ටිකක් අවධානයෙනුත් ඉන්නවා. ඒකට හේතුව මෙයාගෙ කැරැට්ටුව සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා ඕනෙ තරම්. සාමාන්‍යයෙන් බල්ලො කරන්නෙ වැරැදිම තමයි. ඒ වුණාට මෙයාගෙ තියෙන ප්‍රශ්නෙ මෙයා පුරුද්දක් විදියට සෙරෙප්පු වගේ වටින දේවල් තැන් තැන්වලින් අරගෙන ඇවිල්ලා කාටත් හොරෙන් කන කෙනෙක්. සෙරෙප්පු දෙකක් කෑවට පස්සේ ලොකු නඩුවක් වැටෙනවා. ඔය නඩුව සමථයකට පත් කරගන්න ඒක ඊටත් වඩා ප්‍රශ්නයක් බවට පත්වෙන්නත් පුළුවන්. මොකද අහල පහළ උදවිය එහෙම දෙයක් වුණාම චෝදනා කරනවා. බල්ලා ඕවා දන්නේ නෑ කියලා ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ. ඒක නිසා මේගොල්ලො බැලුවා මේ පාර මොකද මෙයා හොර ගෙඩියා වගේ ඉන්නේ කියලා. ගෙනැල්ලා තියෙන්නේ සෙරෙප්පු දෙකක් නෙවෙයි. වෙන මොකක්දෝ එකක් ගෙනල්ලා බලුරාළ කකුල් දෙකෙන් තද කරගෙන බලාගෙන ඉන්නවා. වෙනදා නම් සෙරෙප්පු දෙකක් ගෙනාපු ගමන් මිනිහට අවශ්‍යතාව තියෙන්නෙ කොහෙට හරි රංගලා ඒක කන්න. හැබැයි මේ වෙලාවෙ මිනිහට එහෙම කන්න වුවමනාවකුත් නෑ. මිනිහා මොකක්දෝ එකක් හංගගෙන ඉන්න නිසා ගෙදර උදවිය ටිකක් වැඩි උනන්දුවකින් බැලුවා. දෙයියනේ කොල්ලා ගෙනල්ලා තියෙන්නේ පර්ස් එකක්. පර්ස් එකක් කිව්වට මේක ටිකක් අමුතු තාලෙ පර්ස් එකක්. මෙයා මේ පර්ස් එක ගේන්න ඇත්තේ කොහෙ හරි වැටිලා තියෙන තැනකින් හින්දා එච්චර උනන්දුවෙන් නොබැලුවත්, මේගොල්ලො හිතනවා කාගෙ පර්ස් එකක්ද දන්නේ නෑ, මේකෙ මොනවා තියෙනවද දන්නෙ නෑ කියලා. මෙන්න බොලේ වැඩිපුර උනන්දුවෙන් බැලුවට පස්සේ තමයි වැඩේ අහුවුණේ. කොල්ලා ගෙනල්ලා තියෙන්නේ පර්ස් එකක්. පර්ස් එකේ තියෙනවා සල්ලි ටිකක් එහෙම. සල්ලි විතරක් නෙවෙයි පර්ස් එකේ තව පැත්තක තියෙනවා රත්තරන් බඩු. මාලයක්. හැම තැනම මාල කඩන කාලෙ මිනිස්සුන්ගෙ දේවල් හොරාකන කාලේ, මිනිස්සු බලුවැඩ කරන කාලේ බල්ලෙක් කරපු මේ ගුණයහපත් වැඩේ ගැන ගෙදර මිනිස්සුන්ටත් හරි පුදුමයි.

මෙතැන තවත් දෙයක් තියෙනවා. ඕනෙ නම් තිබුණා ගෙදර උදවියට බල්ලගෙ පිටේ දාලා වැඩේ ෂේප් කරගන්න. මොකක්ද දන්නවද? පර්ස් එකේ තියෙන සල්ලි ටික එහෙම අරගෙන, රත්තරන් බඩු ටික කාට හරි විකුණලා හෙමීට ගේම ගහන්න. මොකද මේ දවස්වල ඕනෙ තරම් රත්තරන් බඩු හොරකම් කරනවා අපි දැකලා තියෙනවා. අපට ඇහිලා තියෙනවා. ඒත් මතක තියාගන්න. ඒ බල්ලො නෙවෙයි මිනිස්සු. ඒ මිනිස්සුන්ට බල්ලො කියලා බණිනවා නම් ඔයා දෙපාරක් හිතන්න. උන්ට බල්ලො කියලා බණින එකත් පව්. මොකද හේතුව බල්ලො ඊට වඩා කොච්චර ගුණයහපත්ද කියලා. මේ වතාවෙ මේ කතාව අහගෙන ඉන්නකොට අපට කියන්න තියෙන්නේ, ගෙදර උදවිය මේ රත්තරන් බඩු, සල්ලි ටික අතට අරගෙන බැලුවා. ඒගොල්ලො ගුණයහපත් මිනිස්සු. ඒ ගෙදර හැදිච්ච නිසා වෙන්න ඇති බල්ලත් මෙච්චර ගුණයහපත් වෙලා තියෙන්නේ කියලත් අපට සමහර වෙලාවට හිතෙනවා. කොහොම නමුත් ඒගොල්ලො උත්සාහ කළා මේක කාගෙද කියලා හොයලා බලන්න. වාසනාවකට මේක ඇතුළේ පොඩි තුණ්ඩු කෑල්ලක් තිබුණා. ඒකෙ ලියලා තියෙනවා මේ අදාළ බඩු භාණ්ඩ අයිතිකාරයගෙ ලිපිනය. මම හිතන්නේ හදන්න අරන්න ගිය තැනක කඩදාසියක් වෙන්න ඇති. මොකද ඒකෙ තිබිච්ච රත්තරන් මාලෙ තිබුණේ දෙකට කැඩිලා. මෙයාලා කතා කරලා අර මනුස්සයට රත්තරන් බඩු ටිකයි, සල්ලි ටිකයි භාරදෙනවා. බල්ලා තාමත් ඒ විදියටම ඉන්නවා. එයා කාටවත් කරදර කරන්නේ නෑ. හැබැයි එයා දුක් වෙනවා ඇති සමහර වෙලාවට මේක ඇතුළේ සෙරෙප්පු දෙකක් නැති එකට. මොකද එයා සෙරෙප්පු කන්න ආසා කෙනෙක්. ඒ වුණාට සෙරෙප්පු දෙකක් කනවා වගේ නෙවෙයි. බලන්න කොච්චර ගුණයහපත්කමක් තිබිච්ච මිනිස්සුද කියලා.

කාගෙ හරි දුකක් වේදනාවක් හඳුනගන්න පුළුවන් මිනිස්සු දැන් හරි හිඟයි. අපි හැමදාම හිතන්නේ අපේ ගොඩ ලොකුවෙනවා නම්, අපේ මඩිය තර වෙනවා නම් ඒ ඇති කියලා. ඉහළ ඉඳන් පහළටම එහෙම තමයි. එහෙම අයට අපි බල්ලො කියලා බණිනවා. හැබැයි බල්ලො එහෙම හිතන්නේ නෑ කියලා මේ බල්ලා අපට ඔප්පු කරලා පෙන්නුවා. එයාලට ගුණයහපත්කම් තාමත් තියෙනවා. එදා ඉඳන්ම අපිත් එක්ක අපේ ළඟින් ජීවත් වෙච්ච මේ අහිංසක සත්තු මිනිස්සුන්ට වඩා හුඟක් වටින, මනුස්සකම්වලින් පිරිච්ච අය. ඒක තමයි මේ සතා ගැන අපට තේරෙන්නේ. කොහොම වුණත් අද ඔක්කොම සතුටින්. ගෙදර විතරක් නෙවෙයි, ගමෙත් මේ බලු රාළගෙ නම ප්‍රසිද්ධ වුණා. එයා වටිනා කෙනෙක් බවට පත්වුණා. එයා වීරයෙක් බවට පත්වුණා. එයාට ඕනෙ නම් තිබුණනේ මේ රත්තරන් බඩුයි, සල්ලිත් එක්ක මේක කාලා දාන්න. එහෙම කෑවා නම් බල්ලටත් නෑ, අපිටත් නෑ කියලා කතාව ඉවර කරන්න තිබුණා. ඒ නිසා ගුණයහපත්කමක් තියෙන මිනිස්සුයි, ඔක්කොටම වඩා ගුණයහපත්කමක් තියෙන බල්ලෙකුයි නිතර බලු වැඩ කරන මිනිස්සුන්ට අපූරු පාඩමක් කියලා දීලා. ඒ නිසයි අපි මේ කතාව ඔබට කියන්න හිතුවේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පොඩ්ඩො එක්ක ඔට්ටු වෙලා මට්ටු වෙච්ච ලොක්කො…

Next Post

සිරකරුවෝද මනුෂ්‍යයෝ කියන්නේ බයිලා! සල්ලි තියෙන අයට රිමාන්ඩ් එකේදි සැපේ ඉන්න පුලුවන් විදිහට ගහපු මාර ගැසට් එකක් ගැන පුබුදගෙන් හෙළිදරව්වක්! (VIDEO)

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.