• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උද්ඝෝෂණ අරගල වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව මරික්කාර් දාපු නඩුව දිනුම්! නොමිලේ පෙනී හිටපු තාරකට ස්තූතියි! අධිකරණයටත් ස්තූතියි! රනිල්ට අනතුරු ඇඟවීමකුත් කරයි! (VIDEO)

October 20, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
උද්ඝෝෂණ අරගල වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව මරික්කාර් දාපු නඩුව දිනුම්! නොමිලේ පෙනී හිටපු තාරකට ස්තූතියි! අධිකරණයටත් ස්තූතියි! රනිල්ට අනතුරු ඇඟවීමකුත් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අරගලකරුවන් ඉලක්ක කොටගෙන ආණ්ඩුව ඉදිරිපත් කළ පුනරුත්ථාපන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ගොනු කළ පෙස්සමේ තීන්දුව අද දින අධිකරණය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කොට තිබිණ.

ඒ අනුව පෙස්සම් විභාගයෙන් ජයග්‍රහණය කිරීමට පෙස්සම්කාර පාර්ශ්වය සමත්ව තිබිණ.

ඊට පෙනී සිටියේ නීතීඥ තාරක නානායක්කාර මහතා ඇතුලු නීතීඥ කණ්ඩායමකි.

අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් ඔවුන් පළ කළ අදහස් මෙසේය.

රාජපක්ෂලාගේ සහ පොහොට්ටුවේ කැමැත්තෙන් ආශිර්වාදයෙන් ඔවුන්ගේ පාර්ලිමේන්තුව තුළ ඉන්න 134 දෙනාගෙ ඡන්දයෙන් ජනාධිපති වුණායින් පස්සේ මීට අවුරුදු 45 කට පෙර එතුමා කතා කර කර හිටපු ප්‍රජාතන්ත්‍රවාදය, මූලික මිනිස් අයිතිවාසිකම්, කතා කිරීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සම්පූර්ණයෙන්ම අමතක කරලා එතුමා සම්පූර්ණයෙන්ම වෙනස් ම ප්‍රතිරූපයක් ආවඩා ගත්තා. විශේෂයෙන් ම එතුමා ප්‍රජාතන්ත්‍රවාදයට වඩා කතා කිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ විරෝධතා දැක්වීමේ නිදහස එතුමා ගණන් ගන්නේ නැති තත්ත්වයක් පෙන්නුවා. එතකොට අපිට නිකං හිතනවා මේ ජනාධිපතිතුමා අවුරුදු හතළිස් පහක් තිස්සේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට , සාමාජිකයන්ට එතුමත් එක්ක වැඩ කරපු අපිට, ප්‍රජාතන්ත්‍රවාදය ගැන බණ දෙසුවේ බොරුවට ද කියලා අපිට හිතෙනවා. එතුමා ඒකාධිපතියෙක් වෙලාද, එතුමා මර්දනකාරී පුද්ගලයෙක් වෙලාද කියලා අපිට හිතෙන්න ගත්තා. එතුමා එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී මාවත අවුරුදු හතළිස් පහකට පස්සේ ඒකාධිපති මර්දනකාරී මාවතක් ඇයි තෝරාගත්තේ කියලා අපිට හිතුණා. අවසානයේදී අපිට තේරෙන්න ගන්නවා මේ ඔක්කොම රාජපක්ෂලා සහ පොහොට්ටුවේ අයගේ ඡන්දයෙන් පැමිණීම නිසා ඔවුන්ට කෘතගුණ සැලකීමට තුටු පඬුරු ලබාදීමේ අරමුණින් සිදු වෙන දේවල්. එහෙම නැත්නම් ඔහු පොහොට්ටුවේ හිරකාරයෙක් බවට පත්වෙලා. එහෙම නැත්නම් පොහොට්ටුව ඔහුව බිත්තියට හේත්තු කරල තියෙන්නෙ කියන එක අපිට තේරෙන්න ගන්නවා. එතුමාගේ ඒ තත්ත්වය පිළිබඳ අපිට ඇත්තටම කනගාටුවක් තියෙනවා . මොනවා උනත් අපි ආදරය කරපු, දේශපාලන ජීවිතයේ අපි අයන්න ආයන්න කියපු, අපි දේශපාලනය ආරම්භ කරපු, එක්සත් ජාතික පක්ෂයේ නායකයා එතුමා. එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඔහොම හොරුන්ගේ ත්‍රාඩයන්ගේ මිනීමරුවන්ගේ කුඩ්ඩන්ගේ හිරකාරයෙක් වීම අපට දුකට කාරණයක්. අපේ පරණ කතාවක් තියෙනවනේ තාත්තා කොච්චර වැරදි කලත් තාත්තා ම තමයි.තාත්තා එහෙම පිස්සු කෙලින කොට දරුවන්ට දුකක් ඇති වෙනවා වගේ හැඟීමක් තමයි ජනාධිපතිතුමා ගැන අපට තියෙන හැඟීම.
මේකේ උච්ඡතම අවස්ථාවට එතුමා එනවා තව පියවරක් ඉස්සරහට ගිහිල්ලා විවිධ චෝදනාත් එතුමාට එල්ල වෙලා තියෙනවා. ඒවා අපි පිළිගන්නේ නැති එක වෙනම කතාවක්. නමුත් ඒ හා සමානම හැසිරීම් රටාවක් නැවත එනවා.

දැන් වර්තමාන ආණ්ඩුව, ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් තියෙන ආණ්ඩුව, පුනරුත්ථාපන ප්‍රතිසංස්කරණ අධිකාරි පනත කියලා පනතක් ගේනවා මීට සුමාන තුනකට මාසයකට විතර කලින්. පුනරුත්ථාපන අධිකාරිය පනත මෙච්චර කල් තිබුණේ මත්ද්‍රව්‍ය වලට මත්කුඩු වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා පමණයි. දැන් මේ පනත ප්‍රතිසංස්කරණය කරල ගෙන එනවා සාමකාමී විරෝධතාකරුවන්, මූලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන සටන්කාමින්, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් එකට රැස් වෙන අයව බලෙන් අල්ලන් ගිහිල්ලා පුනරුත්ථාපනය කිරීමේ අරමුණෙන් . එහෙම නැත්නම් තමන්ගේ දේශපාලන මතයට විරුද්ධව දේශපාලන මත දරන්නන් , මත ප්‍රකාශ කරන්නන්, ඒ වෙනුවෙන් ක්‍රියා කරන අයව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් ඔබ්බට ගිහිල්ලා , ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කරලා එවැනි පුද්ගලයන්ව මර්දනය කිරීමේ අරමුණෙන් තමයි මේ පනත ගෙනාවේ. ඒ නිසා මේ පනතේ තියෙන භයංකාර කම සමගි ජන බලවේගය විදිහට අපි දැක්කා.මේ හරහා කරන්න යන ප්‍රචණ්ඩත්වය ,මේ හරහා කරන්න යන මර්දනය, මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය , භාෂණයේ නිදහස රැස්වීමේ නිදහස සම්පූර්ණයෙන් පාලනය කරන්න යන ආකාරය අපි දැක්කා. ඒ අනුව අපි විශේෂයෙන්ම සමගි ජන බලවේගය නියෝජනය කරමින් මීට සුමාන තුනකට කලින් මම අධිකරණයට ගියා. මගේ නීතිඥවරයා හැටියට සමගි ජනබලවේගයේ නීතිඥ තාරක නානායක්කාර මහතා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ වෙනුවෙන් පෙනී සිටියේ . අද එහි නඩු තීන්දුව ලැබුණා පාර්ලිමේන්තුවට. කතානායකතුමා අද උදේ කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය. ඒ අනුව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට හිස නමා ආචාර කරනවා මේ රටේ ජනතාවගේ කතා කිරීමේ අයිතිය භාෂණයේ අයිතිය , මත ප්‍රකාශ කිරීමේ අයිතිය, රැස්වීමේ නිදහස නැවත සුරක්ෂිතව ලබාදීම පිළිබඳව.
ජනාධිපතිතුමාටයි මේ ආණ්ඩුවටයි එකක් කියන්න කැමතියි. ඡන්දෙන් පත් පත් වෙච්ච ජනාධිපති කෙනෙක් නෙමෙයි මේ ඉන්නේ . ජනමතයක් නැති ජනාධිපති කෙනෙක්. පහුගිය ටිකේම දැක්කා ජනමතයක් නැති ආණ්ඩුවක් තියෙන්නේ. ජනමතයක් නැති ප්‍රාදේශීය සභා ටිකක් පළාත් පාලන ආයතන ටිකක් තියෙන්නේ. අවුරුදු හතරකට වරක් තියෙන ඡන්ද දැන් අවුරුදු හතර පැනලා තියෙන්නේ. මේ රටේ කිසිම දේශපාලන බලාධිකාරියකට කිසිම ජන මතයක් නැහැ. නමුත් අධිකරණය තාමත් ක්‍රියාත්මකයි. ඒ නිසා අපි අධිකරණයට හිස නමා ආචාර කරනවා. දැන් මේ පුනරුත්ථාපන අධිකාරි පනතෙන් අරගලකරුවන් ව මර්දනය කරලා දඟගෙට ගෙනියන්න හදපු උත්සාහය , තමන්ගේ දේශපාලන මතයට ප්‍රතිවිරුද්ධ මත දරන අය ව පුනරුත්ථාපනය කරන්න හදපු උත්සාහය, එහෙම නැත්නම් මූලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන වීදි බසින අයව පුනරුත්ථාපනය කරන උත්සාහය, එහෙම නැත්නම් තමන් අකමැති ඕනෑම පුද්ගලයෙක්ව විවිධ හේතු පෙන්වලා පුනරුත්ථාපනය කරන උත්සාහය දැන් වලංගු වෙන්නේ මත්කුඩු සහ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවනට පමණයි. එහෙම නැතුව ජනාධිපති ටයි මේ ආණ්ඩුවටයි ඕන ඕන විදිහටඑක එක්කෙනාව අත්අඩංගුවට අරගෙන බලෙන් පුනරුත්ථාපනය කරනවා නම් තුනෙන් දෙකකුත් අරගෙන මං හිතන්නේ ජනමතවිචාරණයකුත් තියෙන්න ඕනේ ද කොහෙද. එනිසා අධිකරණයට අපේ ආචාරය නැවත වතාවක් පුද කරන ගමන් නීතිඥ තාරක නානායක්කාර මහතාට පුරවැසි නිදහස වෙනුවෙන් නොමිලේ පෙනී සිටීම පිළිබඳව සමස්ත ජනතාවගේ ම ස්තුතිය එතුමාට පුද කරන ගමන් ජනාධිපතිතුමාටයි මේ ආණ්ඩුවටයි කියන්න කැමතියි රාජපක්ෂලාගේ දොරටුපාලයා වෙලා රැකවලා වෙලා ඔබතුමා ඉන්න හැබැයි මේ රටේ ජනතාවට කෙළවන්න නම් ලෑස්ති වෙන්න එපා. එහෙම වුනොත් එතුමාට වැඩිදුර යන්න හම්බ වෙන්නේ නැහැ. අපි එතුමාව හොඳට දන්නවා එතුමත් අපිව හොඳට දන්නවා. මං පෞද්ගලිකව එතුමාව හොඳට දන්නවා එතුමාත් පෞද්ගලිකව මාව හොඳට දන්නවා. දැන් ඔබතුමාලා ඇයි කියලා අහන්න එපා. අපි ළඟ ළඟම එනවා පාරට ලඟදිම බහිනවා පාරට. මේ මර්ධනයට විරුද්ධව. පුළුවන්නම් අපිව අත්අඩංගුවට අරගෙන බලමු. එකක් මතක තියාගන්න මාර්තු 16 වෙනිදා ඒකාධිපති ගෝඨාභයට challenge කරලා අපි නොවැම්බර් 16 පටන් ගත්තා. අපේ බස් වලට ඇණ තිබ්බා බැරිගේට් දාලා නැවැත්තුවා. අපි අත්හැරියේ නැහැ. ගොඩක් කට්ටිය පස්සේ ආවා ලණු කෑලි ත් අරගෙන show දාන්න.මමයි මුලින් ආවෙ ඒක කියන්න ඕනේ දැන්වත්. එදා තමයි අපි පටන් ගත්තෙ ගෝඨා ගෙදර පලයන් කියලා. අන්තිමේ දී ගෝඨා ත් ගෙදර ගියා මහින්දත් ගෙදර ගියා. බැසිලුත් ගෙදර ගියා කබ්‍රාලුත් ගෙදර ගියා. ඒ නිසා වික්‍රමසිංහ මහත්මයෝ ජනමතය තේරුම් ගන්න .

බොහොම ස්තුතියි.

SendShareShare
Previous Post

ගෝඨා පටන් ගත් එකක් ආණ්ඩුවෙන් වසා දමයි!

Next Post

ජන්ද කල් දැමීමට එරෙහිව පාර්ලිමේන්තුවේදී මුලු විපක්ෂයම එකතු වූ ඒ ඓතිහාසික මොහොත! (ජවිපෙ හැර)

MORE NEWS

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

Load More
හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

අගමැතිනිය බොරු කී බවට විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් චෝදනා - විදුහල්පති වැටුප් විෂමතා ගැන නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට අධ්‍යාපන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.