• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැපරාසීන් ‘සීමන්’ වට කරයි… ප්‍රභාකරන්ගේ අලුත් කතාව ඔන්න එළියට පනී…

October 19, 2022
in Exclusive, Heart
Reading Time: 6 mins read
A A
පැපරාසීන් ‘සීමන්’ වට කරයි… ප්‍රභාකරන්ගේ අලුත් කතාව ඔන්න එළියට පනී…
Share on WhatsAppShare on Facebook

සමස්තයක්ව ගත් කලෙක ලොව බොහොමයක් වූ නිර්මාණකරුවන් තම නිර්මාණයන් කලඑළි දැක්වීමේදී සිය මානසිකත්වය සමග එය පටලවා ගැනීම සාමාන්‍ය දෙයකි. පටලවා ගැනීම යන වචනය මෙතැනදී පාවිච්චියට ගත්තද බොහෝ විට එවැනි නිර්මාණකරණයන් තුළ කිසිදු ආරවුලක් එය රස විඳින්නන් තුළ නම් හටගන්නේ නැති බවද කියන්නට ඕනෑය. එයට නිදසුන් ඕනෑ තරම් වේ. එකක් හෝ දෙකක් කියනවා නම් ප්‍රවීණ ඉන්දියානු ලේඛිකා සුසෑනා අරුන්දතී රෝයි තමා ලියූ සෑම නවකතාවකටම පාහේ සිය ජීවිත අත්දැකීම් පටලවා ගත්තාය. ඒ පටලවා ගැනීම අති සංවේදී විය. සුවහසක් කාන්තාවන් වයස් භේදයක් නැතිව එය රසවිඳීමට වහල් වූයේ කෝටි ගණනක ලාභයක් ඇගේ දෝතට දිනා දෙමිනි. කතාබහට විචාර පැසසුමට පවා ලක්වූ එම නිර්මාණයන් සම්මානයටද පාත්‍ර විය.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මනිරත්නම්ද ඉහත කී පටලවාගැනීම තුළ කදිම සාර්ථකත්වයක් අත්විඳි නිර්මාණකරුවෙකි. හින්දු – මුස්ලිම් කතන්දරය ගැන නිතර සිත් තැවුලෙන් කතා කළ මනිරත්නම් එය පාදක කොට ගෙන තැනූ සියලු නිර්මාණයන් බොක්ස් ඔෆිස් වාර්තා තැබීය.

ස්ටීවන් ස්පිල්බර්ග් නම් සුදු ජාතිකයා දිහාට ටිකක් හැරෙමු. ස්පිල්බර්ග්ගේ මානසික්තවය තුළ හැමදාමත් වාගේ වූයේ පිටසක්වළ ලෝකයක් ගැනය. එහි සිටින අරුමපුදුම ජීවීන් ගැනය. ඉස්කෝලේ යන ගැටයා සන්දියේ ඉඳන්ම ඒ ගැන ස්පිල්බර්ග් මැවූ මානසික ලෝකය ඔහු ලෝකය හමුවේ තැබුවේ ඊස්ට්මන් වර්ණ නැති තද දුඹුරු පාට වඩාත්ම උලුප්පා ගත් චිත්‍රපට හරහාය. ඒ නිර්මාණකරණය තුළින් හෙතෙම අති විශිෂ්ට රසාස්වාදයක් දිනාගත් අතර සිය බැංකු ගිණුම්ද ඇති පදමට පුරවා ගත්තේය.

ඒ සියලු නිදසුන් මැද තවත් එක් හොඳම නිදසුනක් වන්නේ ඇමෙරිකන්කාරයා වියට්නාමයට එරෙහිව නිර්මාණය කරන සිනමා කලාවය. එක්දහස් නවසිය අසූ ගණන්වල ඉඳන්ම ඇමෙරිකන් චිත්‍රපට අධ්‍යක්ෂවරු තම ජාතියේ ගැම්ම බේරාගැනීමට හිටු කියා වියට්නාමයට ඇඩ්‍රස් නැති කරන තාලයට චිත්‍රපට තනා සව්දිය පුරති. හැබැයි සැබෑ කළු සුදු යථාර්ථය තුළදී ඇමෙරිකන්කාරයා වියට්නාමය වැනි කුඩා ජනපදයක් හමුවේ තම තමන්ගේ යුද බංකර් ගලවාගෙන පල්ලම් බැස ගිය ඇත්ත කතාව මුළු ලෝකයටම එක්දහස් නවසිය හැත්තෑතුනේ අසන්නට ලැබුණේ නම් චිත්‍රපටයක නොවේ. ඒ දරුණු ලැජ්ජාව දරාගැනීමට බැරි ශෝකය අදටත් ඇමෙරිකානුවෝ වසාගන්නේ වියට්නාම්කාරයන්ට මදි නොකියා පහර දී අවසානයේ ඔවුන් ෂැම්පේන් කඩමින් ජය ඝෝෂා නඟන චිත්‍රපට කලාව ලෝකය පුරා පෙන්වමිනි.

ඒ ජාත්‍යාලය හෙවත් තම ජාතිය ගැන කැක්කුම කියන මානසිකත්වය පටලා ගැනීම තුළ කරන නිර්මාණකරණයට ඉතා සමීප සාක්ෂියකි, නිදසුනකි. ඒ වාගේ ජාති ආලය ගැන කතාවක් මේ දවස්වල දකුණු ඉන්දියාවෙන්ද ආරංචි වෙන්නට පටන් ගෙන ඇත. එම ආරංචිය අනුව ජාත්‍යාලය මුල් කරගෙන තම මානසිකත්ව පටලවා ගැනීමේ මෙහෙවරට මුහුණ දීමට සූදානම් වන්නේ තමිල්නාඩුවේ සුප්‍රසිද්ධ දේශපාලනඥයෙකි. ඔහු නම් තමිලර් පක්ෂයේ නායකත්වය දරන සෙන්තමිසාන් සීමන්ය. කලාකරුවකු නොවූ සීමන් කලාකාමී මිනිසකු වෙන්නට මේ දඟලන්නට හදන්නේ සිය දමිළ ලෙයට ඇති තදබල කැක්කුම නිසාය. ඔහුගේ ජාත්‍යාලය පදමට රත්වූ මෙහෙවරට උරදෙන්නේ ප්‍රවීණ දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂ වෙටි්‍රමාරන්ය.

‘නාම් තමිලර්’ පක්ෂ නායක සීමන් සමග ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වෙටි්‍රමාරන් රාජ රාජ චෝලන්ගේ සහ මරණයට පත්කරන ලද ප්‍රභාකරන්ගේ චරිත අලළා නිර්මාණය කෙරෙන දැවැන්ත චිත්‍රපට නිර්මාණයක් වෙනුවෙන් අත්වැල් බැඳගනිති.

‘නාම් තමිලර්’ නායක සෙන්තමිසාන් සීමන් පසුගිය බ්‍රහස්පතින්දා හිමිදිරියේ සිය නිල ට්විටර් ගිණුමේ එම සටහන ලොව පුරා මුදාහැරියේය. ඒ සමග සීමන් මඳක් නුදුරු ඈතක මියගිය දමිළයන් සහ දමිළ ජාතිකයන්ට වන අසාධාරණයන් ගැන මුළු ලොවටම හඬගා කතා කළ ජාතික වීරයකු සේ සැලකෙන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සහ දේශපාලනඥ ආචාර්ය අම්බෙඩ්කාර් පිළිබඳ සටහනක්ද තම ට්විටර් සටහනට එක් කොට තිබුණේය.

‘පීඩිත පන්තියේ ඉතිහාසය ගැන ඔවුන් අතින්ම කවදා හෝ ලියැවෙනු ඇත. එකී ඉතිහාසය ලියැවෙන දිනෙක මුළු මහත් ලෝකයම ඔවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන දැනගනු ඇත.’

  • අම්බෙඩ්කාර්

සීමන්ගේ ට්විටර් මුදාහැරීමට අනුව රාජ චෝලන් සහ ප්‍රභාකරන්ගේ චරිතාපදානයන් සිනමාවට නඟන්නට සූදානම් වන්නේ සම්මානනීය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වෙටි්‍රමාරන්ය.

‘ඔබ විශාල මෙහෙවරකටයි මේ සූදානම් වන්නේ. දේශපාලනයට සමුදී චිත්‍රපට කලාවට යොමුවෙන්නද ඔබේ අදහස?’

ට්විටර් මුදාහැරීම හමුවේ කලබල වූ පැපරාසීන් සීමන්ව ප්‍රසිද්ධියේම වැටලුවේ නගරසභා උත්සවයකට පැමිණි මොහොතේය. ඉහත ප්‍රශ්නයට සීමන් උපහාසයෙන් පළමුව සිනාසුණේය. අනතුරුව හෙතෙම,

‘ඔබ ඇසූ ප්‍රශ්නය මට මහා විහිළුවක්. චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න මම ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගන්නට ඕනෑ කියා හිතන එක හරිම මෝඩයි. හැබැයි මෙතැනදී දිය යුතු උත්තරය මෙහෙම දෙන්නම්. නිර්මාණකරණය කියන්නේ හුදු විනෝදය සතුට පමණක්ම දිය යුතු කලාවක් නෙවෙයි. එයින් සමාජයට දිය යුතු පණිවුඩද බොහොම තියෙනවා. නමුත් අපේ ප්‍රවීණ යැයි කියාගන්නා වැඩි පිරිසක් චිත්‍රපටකරුවන් අවැසි දේ ලෝකයට දෙන්නෙ නැහැ. ටිකක් හිතලා බලන්න ඔයාලගේ චිත්‍රපට අධ්‍යක්ෂ මනිරත්නම් ගැන. ඔහු ‘පොන්නියින් සෙල්වන්’ චිත්‍රපටය හරහා චෝල ඉතිහාසය සම්පූර්ණ විකෘති කරලා. ඔහු ‘රාජ රාජ චෝලන්’ගේ චරිතය හින්දු රජකුට සමාන කරන්නට ගිහින් එතුමට ලොකු අගෞරවයක් කරලා. එය දකුණෙහි සංවිධානවලත්, දමිළ හිතවාදී කණ්ඩායම්වලත් දැඩි විවේචනයට පවා ලක්වුණා. වෙටි්‍රමාරන්ද මෙය මාධ්‍ය හමුවකදී කියා සිටියා මතක ඇති නේද ඔබට.

ඉතින් මේ අහන්න. ප්‍රවීණයන් තම කලා නිර්මාණ හරහා එහෙම වැරැදි රූප ලෝකයට දෙනකොට අපට සිදුවෙනවා දේශපාලකයන් ලෙස හෝ වැරැද්ද නිවැරැදි කරන කලා නිර්මාණ කරන්න. හිංසාවට ලක්වන දමිළ පීඩිතයන් ගැන හරි දේ ලෝකයට දෙන්න. චිත්‍රපට නිෂ්පාදනයට විතරක් නෙවෙයි, නළුවකු වීමට වුණත් මම ලෑස්තියි. දමිළයන් වෙනුවෙන් කවදා හරි අපේ ඉතිහාසය අපි ලොවට කියාපානවා…’

ප්‍රවීණ දේශපාලන නායකයකු වූ සීමන් එලෙස තම හඬ ඉමහත් උද්දාමයෙන් අවදි කොට තිබිණි.
‘තව එක ප්‍රශ්නයයි සර්, ප්‍රභාකරන් චරිතය සහ රාජ රාජ චෝලන් චරිතය චිත්‍රපට දෙකක් ලෙසද ඔබ අතින් නිෂ්පාදනය වෙන්නේ…?’

පැපරාසියා ඒක ඇහුවේ සීමන් වාහනයේ දොරට අත තියනකොටයි.

‘එය වෙටි්‍රමාරන් ගතයුතු තීරණයක්. මම ඔහුට ඕනෑ තරම් නිදහස දෙනවා. අවැසි දේ ඔහු ලෝකයට අපූරුවට දෙන බව විශ්වාසයි….’

‘විශාල මුදලක් මේ සඳහා වැය වේවි. ඔබ ඊට සූදානම්ද?’ කියා අවසානයට පැපරාසියා අහනකොට සීමන් ඔහුට පෑවේ සුහද සිනාවක් නොවන බවයි සමාජ ජාල වෙබ් අඩවියක සඳහන්ව තිබුණේ.

කොහොම නමුත් ප්‍රවීණ චිත්‍රපට නිර්මාණකරු වෙටි්‍රමාරන් මෙම නිර්මාණ යුගල පිළිබඳ තවම කිසිවක් ප්‍රසිද්ධියේ පවසා නැහැ. දෙමළ ජාතිකයා කොතැනත් ශුද්ධවන්තයෙකි. යම් ලේ හැලීමක් ඔහු කළා නම් ඒ තම ජාතිය උදෙසාය යන ආලවන්ත හැඟීමෙන් පසුවන වෙටි්‍රමාරන් දේශපාලන පෙරළිකාරයකු වූ තරමක් අළුගෝසු අදහස් ඇති සීමන්ගේ මනදොළ සනහන ආකාරයේ චිත්‍රපටයක් නිර්මාණය කරන බව කොලිවුඩයේ බොහෝ දෙනකුගේ අදහස බව සීමන් මුදාහැර ඇති ට්විටර් පණිවුඩයට ලැබුණු කමෙන්ට්ස්වලින් සනාථව ඇත.

මෙම ප්‍රසිද්ධ ආක්‍රමණශීලී චරිත දෙක වෙන වෙනම නිෂ්පාදනය වේද? එකක් ලෙස දැවැන්තව නිර්මාණය වේද යන්න වෙටි්‍රමාරන් තවම කියා නැත. රංගනය සඳහා තෝරාගැනෙන්නන් ගැනද තවම හාවක් හූවක් නැත. හැබැයි මෙය කටින් බතල සිටුවීමක් නොවන බව නම් දැඩිව ස්ථිර වන කාරණයක් වන්නේ සීමන්ගේ පම්පෝරිය සහ කයිවාරුව පමණට වැඩි නිසාය. මොකද චිත්‍රපටය නොකර හිටියොත් කියාපු කියුම් කෙරුම්වල හැටියට සීමන් ආයෙම දේශපාලන වේදිකාවට පය තැබිය යුත්තේ රෙදි නැතුවය.

කොහොම වෙතත් සීමන්ගේ වෑයම මර්දනයට ලක්වූ දෙමළ පීඩිතයන්ට සහ ‘නරකය’ යන නාමය යටතේ හංවඩු ගැසුණු පෙරළිකාර දෙමළ චරිතයන්ට සාධාරණය ඉටුකිරීමය. ‘රාජ රාජ චෝලන්’ව මඳකට පසෙකින් තැබුවද ප්‍රභාකරන් චරිතයට ශුද්ධවන්තභාවයක් දීමට ඔහු මෙම නිර්මාණකරණය හරහා වෙහෙසෙනවා වන්නට පුළුවන.

ප්‍රභාකරන් වැනි ම්ලේච්ඡ චරිතයකට ශුද්ධ වූ යන නාමය දෙන චිත්‍රපට බලන්නට කඳුළු සලන්නට සීමන් වැනි ජාත්‍යාල උණ තිබෙන මිනිසුන්ට පුළුවන්කම තිබුණාට ඔහුගේ අමානුෂික ප්‍රහාර හමුවේ කායිකව මානසිකව බැටකෑ ලෝකයා ඊට දක්වන ප්‍රතිචාරය කුමක් වෙයිද?
ඇතැම් විට මේ කිසිවක් සීමන්ට අදාළ නැති වෙන්නට පුළුවන්. සීමන්ට ඕනෑ එකකි. ඒ, ජාති හිතෛෂී ආචාර්ය අම්බෙඩ්කාර් කිව්වා වාගේ,

‘මරදිත පන්තීන්ට සාධාරණය ඉටුවිය යුතුය. කවදා හෝ ඔවුන්ගේ ඉතිහාසය ඔවුන් අතින්ම ලියැවෙනු ඇත…’ යන කියමන මත සිය මෙහෙවර සිනමා පට මතින් ලෝකයා හමුවේ කියා පෑමටය.

සෙන්තමිසාන් සීමන්ගේ සහ වෙටි්‍රමාරන්ගේ සිහින සැබෑ වෙයිද?

එය කියන්න දන්නේ නැත. නමුත් කෙලෙසක හෝ තම සිහින සැබෑ කරගන්නා මිනිසුන්ද ලොව ඕනෑ තරම් වේ.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ලූ රනිල් හමුවෙයි!

Next Post

රනිල් ජාතිය අමතයි! මීටත් වඩා අසීරු කාලයක් පැමිණිය හැකි බව යළි රටට දැනුම් දෙයි!

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

විදේශයකදී මුද්‍රණයකර මෙරටට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබුණු අමොරිකානු ‌ඩොලර් ලක්ෂ 06ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක්...

Read more
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.