• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිසිකෙනෙක් බඩගින්නේ තියන්නේ නෑ! ජනාධිපති අම්පාරේදී කියයි! (PHOTOS)

October 15, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
කිසිකෙනෙක් බඩගින්නේ තියන්නේ නෑ! ජනාධිපති අම්පාරේදී කියයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ඉවත දමා, ආහාර සුරක්ෂිතතාව ඇති කර ජනතාවගේ ආහාර ගැටලුව විසඳන වැඩපිළිවෙලට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) පෙරවරුවේ අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේ පැවති ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි.

මේ වන විට ඉතා අසීරු කාලයක් පසු කරමින් සිටියත්, කිසිවෙකු කුසගින්නේ නොතබන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යමින් 2023 ඇතිවිය හැකි ගෝලිය ආහාර අර්බුදයට ශක්තිමත්ව මුහුණදීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතරතුරදී ලබන වසරේ සිට කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා කීය.
විකසිත ප්‍රජාවකින් හෙබි ඉසුරු පිරි දිස්ත්‍රික්කයක් බවට අම්පාර දිස්ත්‍රික්කය පරිවර්තනය කරමින් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහුආශික ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙරට වී නිෂ්පාදනයෙන් 22% ක් අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව විසින් නිෂ්පාදනය කරන අතර ඉදිරි යල සහ මහ කන්නවල අස්වැන්න සාර්ථක කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.
මෙම සාකච්ඡාව සඳහා සහභාගීවී සිටි රාජ්‍ය නිලධාරීන් අතරට ගිය ජනාධිපතිවරයා ක්ෂේත්‍ර කටයුතුවලදී ඔවුන් හඳුනාගත් ගැටලු සහ දුෂ්කරතා පිළිබඳ ඝෘජුවම ඇහුම්කන් දීම ද විශේෂත්වයක් විය.
අම්පාර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සහ ධීවර ගැටලු රැසක් පිළිබඳ එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කෙරණු අතර ඒ පිළිබඳ සොයා බලා කඩිනම් පියවර ගැනීමට රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා විශේෂ කමිටුවක් පිහිටුවීමට ද උපදෙස් දුන්නේය. .

මෙම සාකච්ඡාවෙන් අනතුරුව හාඩි ගොවිපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිවරයා එම අවස්ථාව සනිටුහන් කරමින් ගොවිපොළ පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමට ද කටයුතු කළේය.
අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
ආහාර සුරක්ෂිතතා වැඩසටහන අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වීම ගැන සමලෝචනය සඳහා මම මෙතනට පැමිණියේ. වැඩසටහන ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වීමේ දී තිබෙන අඩු පාඩු පිළිබඳවත් අපි හඳුනා ගත්තා. කාබනික පොහොර ගැටලුව ඉදිරිපත් වුණා. පසුගිය වසරේ කාබනික පොහොර බෙදාදීම සිදු කළේ අමාත්‍යාංශයෙන්. නමුත් මේ වසරේ අපි එය භාර දි තිබෙන්නේ සමාගම්වලට. ඉතින් ඒ සමාගම් පොහොර ලබාදීම සිදු කරයි.
එක ගැටලුවක් තිබෙනවා, පසුගිය වසරේ රුපියල් බිලියන 08ක බිල්පත් තිබෙනවා සමාගම් සඳහා ගෙවීමට. අපි ඒවා ගෙවීම දැන් ආරම්භ කරලා තිබෙනවා. ඉන් බිලියන 04ක් විතර අපි මේ වන විට ගෙවා තිබෙනවා.
දෙවනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ සඳහා සම්බන්ධ කර ගැනීම පිළිබඳ සාකච්ඡා කරලා අවශ්‍ය නිලධාරීන් ලබා දෙනවා. අපි මේ වැඩපිළිවෙළේදී එක කණ්ඩායමක් ගැන සඳහන් කළේ නැහැ. ඒ ත්‍රිවිධ හමුදාව. ඔවුන්ගේ ගොවිපොළවල්වලින් විශාල නිෂ්පාදනයක් සිදු වෙනවා. ඒ නිසා ත්‍රිවිධ හමුදාවත් අපි මේකට සම්බන්ධ කර ගත යුතුයි.
ලංකාවේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන පළමු අවස්ථාව මෙය. මෙහෙම තත්ත්වයක් මීට පෙර ලංකාවේ ඇතිවී තිබුණේ නැහැ. දෙවන ලෝක යුද්ධයේදී ආහාර ගේන්න බැරි වුණාට ආර්ථිකය කඩාගෙන වැටුණේ නැහැ. දැන් ආර්ථිකය කඩා වැටිලා තිබෙන්නේ. පසුගිය වසරට වඩා මේ වසරේ මේ ආර්ථිකය ගොඩ අරගෙන තිබෙනවා. තවම ගැටලු තිබෙනවා. අපි මුදල් මුද්‍රණය කරන්න ගියොත් උද්ධමනය වැඩි වෙනවා. තිබෙන මුදල් එක්ක වැඩ කරද්දි සීමා ඇති වෙනවා. කෙසේ හෝ අපි සියලුදෙනා එකතු වෙලා මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි.
දැනට තිබෙන්නේ තමන්ගේ ප්‍රදේශවල මේ වගා කටයුතු ආරම්භ කරන්න. ඒ ගැන වාර්තා කරන්න. දෙවනුව අපිට වැඩිපුර අවශ්‍ය ආහාර වර්ග ගැන අපේ ආහාර සුරක්ෂිතතා කාර්යාංශයෙන් දැනුම් දෙයි.
වී වගාව ගැන ප්‍රශ්නයක් නැහැ. මේ කන්නය සාර්ථක වුණොත් අපිට අතිරික්තයක් තිබෙනවා. බඩඉරිගු වැනි බෝග වගාවන් වැඩිකරගන්න ඕන. ඒ සඳහා ඉඩ කඩ ලබා ගනිමින් ඒ කටයුතු සිදු කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.
බිම් මට්ටමේ සිට මේ වැඩකටයුතු කරන නිලධාරීන් සියලුදෙනාම අපි මේ වැඩසටහනට එකතු කරලා තිබෙනවා. පළමුව අපි ආහාර සුරක්ෂිතාව ඇති කළ යුතුයි. දෙවනුව මන්ද පෝෂණය තුරන් කිරීම සඳහා ආහාර ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. අපිත් ඒවට ආධාර උපකාර කරනවා. ඒ සඳහා ආහාර බැංකු, ප්‍රජා මුලුතැන්ගෙය මෙම වැඩසටහන් ඇති කරලා තිබෙනවා.
මොකද අපි මේ ගත කරන්නේ අසීරු කාලයක්. ඒත් කාටවත් ආහාර නැතිව ඉන්න අපි ඉඩ දෙන්න හොඳ නැහැ. ඉදිරියේ දි මහ කන්නය සාර්ථක වුණහාම මේ තත්ත්වයෙන් අපිට ඉදිරියට යන්න පුලුවන්. මේ වැඩපිළිවෙළ 2023 අවසන් වෙනකන් අපි ඉදිරියට ගෙන යන්න ඕන. මොකද අපේ මේ ප්‍රශ්නය විසඳුනත් ගෝලීය ආහාර අර්බුදයක් මතු විය හැකි නිසා මේ රටේ ආහාර සුරක්ෂිතතාව සඳහා මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්න වෙනවා.
ඒ වගේම මෙම ආහාර සුරක්ෂිතතා යාන්ත්‍රණය මෙතතින් නතර කරන්නේ නැහැ. මෙය ක්‍රියාත්මක කරන ගමන් ලබන වසරේ සිට කෘෂිකර්මාන්තය නවීකරණය කරන වැඩසටහන් අපි ආරම්භ කරනවා. එහෙම නම් අපි අලුත් වැඩකටයුත්තක් භාරගෙන තිබෙන්නේ. ඒ සඳහා අපි සියලුදෙනා එකට එකතු වෙලා වැඩ කරන්න ඕන.
මේ වැඩකටයුත්තේ දී අපට තිබෙන්නේ පක්ෂ දේශපාලනය නෙවේ, සම්ප්‍රදායික දේශපාලනය මේකට වැඩක් නැහැ.පක්ෂ දේශපාලනය පැත්තකට දාන්න. ජනතාවගේ ආහාර ගැටලුව විසඳන දේශපාලනයට අපි යන්න ඕන. ඒ වැඩපිළිවෙළට අපි එකතු වෙමු. මහ කන්නයේ සාර්ථක අස්වැන්නක් ලබන්න දැන් සිට අප්‍රේල් දක්වා නිෂ්පාදන වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි.
නිදහසින් පසු ආරම්භ කළ පළවෙනි වාරි ව්‍යාපෘතිය තිබෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ ඩී.එස්. සේනානායක මහතා ආරම්භ කළ ගල්ඔය ව්‍යාපාරය. එම ව්‍යාපෘතියට කාගෙන්වත් ණය ගත්තේ නැහැ. අධාර ගත්තෙත් නැහැ. යුද්ධයෙන් පස්සේ අපි එංගලන්තයට ණය දීලා ඉතිරි මුදල් තමයි ගල්ඔය ව්‍යාපාරය හැදුවේ.
මම බලාපොරොත්තු වෙනවා අම්පාර දිස්ත්‍රික්කයෙන් රටට වුවමනා ආහාරවලින් වැඩි ප්‍රමාණයක් ලබා දෙයි කියල. මේ කටයුත්තේ දී දේශපාලන බේදයක් නැතිව සියලු මන්ත්‍රීවරු, සංවිධායකවරු එකතුවෙලා මේ වැඩසටහන කරන්න. කෘෂිකර්ම අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී මේ ප්‍රදේශයට පැමිණෙයි මේ වැඩසටහනේ ප්‍රගතිය ගැන බලන්න.
ඔබ සියලුදෙනා මේ වැඩකටයුතුවල නිරත වෙයි කියා මම බලාපොරොත්තු වෙනවා. අපි මුහුණ දී සිටින මේ අභියෝගය මීට පෙර අපි මුහුණ දුන් එකක් නොවේ, අපේ දෙමාපියන් මුහුණ දුන්නෙත් නැහැ. අපේ මුතුන් මිත්තන් මුහුණ දුන්නෙත් නැහැ. මේ අලුත් තත්ත්වයක්. අපි මෙය නිසි ලෙස හදුනාගෙන වැඩ කළොත් මේ අභියෝගය ජයගෙන ශක්තිමත්ව ඉදිරියට යන්න පුළුවන්. ඒ සඳහා සියලුදෙනාගේ සහයෝගය ඉල්ලා සිටිනවා.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අම්පාර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ඩබ්ලිව්.ඩී. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එල්.එම්. අතාවුල්ලා, එච්.එම්.එම්.හරිස්, ෆයිසාල් කාසිම්, වෛද්‍ය තිලක් රාජපක්ෂ, එන්.එම්.එම් මුෂාරෆ්, ටී. කලෙයි අර්සන්, සරත් වීරසේකර, හිටපු අමාත්‍ය දයා ගමගේ, හිටපු රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ යන මහත්ම මහත්මීහු සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම්, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්, අම්පාර දිස්ත්‍රික් ලේකම්, නැගෙනහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, නැගෙනහිර පළාත් සභාවේ සභාපති සහ අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන කෘෂිකර්ම, වාරිමාර්ග, සමෘද්ධි ඇතුළු රාජ්‍ය නිලධාරීහු මීට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

රාජ්‍ය ඇමැතිවරුන් 4කට වැඩක් දෙයි!

Next Post

අරගලෙන් ගොඩගිය ටීම් එක නාමල් නම් කරයි! මහින්ද මහත්තයාව ආයෙත් ගේන ප්ලෑන් එක ජොනී කියයි! දෙන්නම එකම වේදිකාවේ! (VIDEO)

MORE NEWS

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

Load More
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

සමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ...

Read more
ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.