ප්‍රාදේශීය සභා මැතිවරණ ක්‍රියාදාමය නිල වශයෙන් ආරම්භ වූවායින් පසුව එය කල් දැමීමට උත්සාහ දැරීමට එරෙහිව සහ මැතිවරණ කටයුතු සූදානම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරු අද (12) පෙරවරුවේ දී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රමුඛ සාමාජිකයින් හමුවූහ.
මෙම අවස්ථාවට මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුලු මන්ත්‍රී කණ්ඩායමක් එක්ව සිටියහ.













