• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රනිල්ගේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට මොකද වුණේ? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

October 8, 2022
in Exclusive, Gurudawa
Reading Time: 7 mins read
A A
රනිල්ගේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට මොකද වුණේ? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘ලංකාවට හිමි නොවූ හොඳම ජනාධිපති ලෙස රනිල් ඉතිහාගත වේවි…’

මෙහෙම කිව්වේ වෙන කවුරුවත් නොවේ. මංගල සමරවීරය. ඔහු මේ කතාව කිව්වේ 2020 ජූලි 24 ‘ඩේලි මිරර්’ පුවත්පතටය. රනිල් කවදාවත් මේ රටේ ජනාධිපති වෙන්නේ නැතැයි ඔහු සිතන්න ඇත්තේ රනිල්ට ජනාධිපති වීමට තිබූ අවස්ථා සියල්ල ගිලිහී ගොස් ඇති නිසාය. මංගල මෙම ‘ඩේලි මිරර්’ සම්මුඛ සාකච්ඡාවේදී පමණක් නොව ඊට පසු ඔහුගේ රැඩිකල් සෙන්ටර්හි පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවලදීද කීවේ රනිල් ලිබරල්වාදියකු බවත්, රනිල් 2015 අගමැතිව සිටියදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට යුද අපරාධ සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග සම නියෝජනයෙන් ඉදිරිපත් කළ යෝජනාව වචනයෙන් වචනය සකස් කළ බවත්ය. 2020 මාර්තු මාසයේ ගෝඨාගේ ආණ්ඩුව 2015 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඇමෙරිකාව සමග ලංකාව ඉදිරිපත් කළ යෝජනාවෙන් ඉවත් වෙන්න තීරණය කළ විට මංගල ‘ඩේලි එෆ්.ටී.’ පුවත්පතට ලිපියක් ලියමින් කීවේ ලංකාවේ අවාසනාවන්තම දවස එදා යැයි කියාය. එසේම ඔහු විපක්ෂ නායක සජිත්ටත් සමගි ජන බලවේගයටත් චෝදනා කළේ සජිත් සහ සමගි ජන බලවේගය පොදුජන පෙරමුණට විකල්පයක් නොවී ආදේශකයක් වී ඇති බවත්, විපක්ෂය ජාතිවාදීන්ගේ ග්‍රහණයට හසුවී ඇති බවත්ය.
ඔහු කිව්වේ ලංකාවේ ජාතිවාදී නොවන යුදවාදී නොවන එකම ලිබරල් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක රනිල් බවය. මංගලගේ සගයෝත් සජිත්ටත්, සමගි ජන බලවේගයටත් පහර පිට පහරදුන්නේ යුද්ධයේදී මානව හිමිකම් කඩවූ සුළු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින එකම නායකයා සහ එකම පක්ෂය රනිල් සහ එක්සත් ජාතික පක්ෂය යැයි කියමින් රනිල්ගේ ගුණ වයමින්ය.

දැන් ජනාධිපති රනිල්ය. රනිල් අද ඔහුත්, මංගලත් හදපු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට 2015දී ඇමෙරිකාව සමග ඉදිරිපත් කළ යෝජනාවෙන් ඉවත් වීම අනුමත කර ඇතිවා පමණක් නොව ලංකාවේ මානව හිමිකම් කඩකිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ රටවල් 7ක් ඉදිරිපත් කරන යෝජනාවට එරෙහිව කොමිසමේදී ඡන්දයක් ඉල්ලන තැනට පත්ව තිබේ. මේ 2020 ගෝඨා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් ගත් ප්‍රතිපත්තියටත් අන්ත ප්‍රතිගාමී ප්‍රතිපත්තියකි. මෙම ප්‍රතිපත්තිය අනුගමනය කළේ 2015ට පෙර මහින්ද රාජපක්ෂය. ඔහු මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කරන යෝජනාවලට එරෙහි වෙමින් 2012 සිට හැම වසරකදීම ඡන්දයක් ඉල්ලුවේය. අද රනිල් අනුගමනය කරන්නේ ඒ ප්‍රතිපත්තියමය.

‘කෝ එතකොට අර මංගල කිව්ව ලිබරල් රනිල්…?’

‘මංගල කිව්ව සුළු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින රනිල්…?’

‘මංගල කිව්ව ලංකාවට අහිමි වූ හොඳම ජනාධිපති රනිල්…?’

අද මංගල ජීවතුන් අතර නැත. හැබැයි මංගලගේ සගයෝ සහ රැඩිකල් සෙන්ටර්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ගැන මීක් කියන්නේ නැත. දැන් ඒක රැඩිකල් සෙන්ටර් නොව, රනිල්-රාජපක්ෂ ආණ්ඩුවේ ‘පරඬැල් සෙන්ටර්’ වී මංගල, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාව, මංගල ත්‍රස්ත පනත යටතේ හිජාස් හිස්බුල්ලාව රඳවා ගැනීමට එරෙහිව නඟපු හඬ මංගල මිලිටරීකරණයට මර්දනයට එරෙහිව නඟපු හඬ අමු අමුවේ පාවාදී ඇත.

ඔවුන් රනිල්ගේ විස්කිවලට රාජපක්ෂලාගේ සෝඩා කලවම් කොට, මංගලගේ හදවත බාබකිවු කොට බයිට් එකට ගෙන තිබේ.

‘ඇත්තටම මංගල ජාත්‍යන්තර සහතික දුන්න රනිල්ට මොකද වුණේ..,?’

රනිල් ජනාධිපති වීමට පෙර මෙරට පී.ආර්. කොම්පැනියක් හරහා සමාජ මාධ්‍ය පෝස්ට් රැල්ලක් මතුවිය. ඒ රැල්ලේ එකම භාෂාව වූයේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න පුළුවන් රනිල්ට පමණක් බවත්, ජාත්‍යන්තරය පිළිගන්නේ රනිල්ව පමණක් බවත්ය. දැන් පසුගිය සතියේ ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාවට ලැබුණු ඡන්ද ගණන් කරන විට මහින්දගේ ආණ්ඩුවට එයිට වඩා ජාත්‍යන්තර පිළිගැනීමක් තිබිණි.

2012දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ලංකාවට එරෙහිව ආ යෝජනාවට විරුද්ධව මහින්දගේ ආණ්ඩුව ගත්තේ ඡන්ද 15කි.

2013දී ආ යෝජනාවට විරුද්ධව මහින්දගේ ආණ්ඩුව ඡන්ද 13ක් ගත්තේය.

2014දී යෝජනාවට විරුද්ධව මහින්දගේ ආණ්ඩුව ඡන්ද 12ක් ගත්තේය.

2021දී ගෝඨාභය ආණ්ඩුව මානව හිමිකම් යෝජනාවට එරෙහිව ඡන්ද 11ක් ගත්තේය.

‘එතකොට කොහොමද ජාත්‍යන්තරය පිළිගන්නවා කී රනිල්ගේ ආණ්ඩුවට මෙහෙම බංකොලොත් ඡන්ද 07ක් ලැබුණේ…?’

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී පමණක් නොව රනිල්ගේ ලන්ඩන් සහ ජපාන සංචාරවලදීද රනිල්ට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාගත නොහැකි බව ඇස්පනාපිට පෙනුණි.

බි්‍රතාන්‍ය ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ලංකාවට එරෙහිව යෝජනාව සකස් කරමින් සිටියේ රනිල් රැජිනගේ අවමඟුලට සහභාගි වෙන්න ලන්ඩනයට යන විටදීය. රනිල් ලන්ඩනයට ගියේ ගෝඨාගේ ආණ්ඩුව තහනම් කළ දෙමළ ඩයස්පෝරා සංවිධානවල තහනම ඉවත් කරලාය. මෙලෙස තහනම ඉවත් කළ ලොකුම සංවිධානය ග්ලෝබල් ටැමිල් ෆෝරම්ය. ඒත් රනිල් ලන්ඩන්වල සිටියදී මේ සංවිධාන බි්‍රතාන්‍ය ආණ්ඩුවට ලංකාවට එරෙහිව යෝජනා ගෙන එන ලෙස බලපෑම් කරමින් සිටියහ. රනිල්ට ලන්ඩනයේදී බි්‍රතාන්‍ය ආණ්ඩුවෙ කිසිදු ඇමැතිවරයෙක් හමුවීමට නොහැකි විය. රනිල් ලන්ඩන් සංචාරය අවසන් කොට ලංකාවට යන විට බි්‍රතාන්‍ය රජය ලංකාවේ මානව හිමිකම් කඩකළ හමුදා ප්‍රධානීන්ට සම්බාධක පැනවීමේ යෝජනාවක් ඉදිරිපත් කොට තිබිණි. මෙයින් පේන්නේ රනිල්ට බි්‍රතාන්‍යය, ලංකාව ගැන දරන මතය ඉස්පිල්ලකින් හෝ පාපිල්ලකින් වෙනස් කර ගැනීමට නොහැකි වී ඇති බවය.

‘රනිල්ගේ ජපාන ටුවර් එකේ මොකද වුණේ…?’

රනිල් ජපානයට යන්න කලින් රොයිටර් පුවත් සේවයට පවසා සිටියේ ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න සමුළුවක් කැඳවන ලෙස තමා ජපානයේ හිටපු අගමැති අබේගේ අවමඟුලට ගිය විට ජපානයෙන් ඉල්ලීමක් කරන බවය. රනිල් ජපානයට යන්නත් කලින් ජපාන විදේශ ඇමැති කීවේ එවැනි සමුළුවක් කැඳවන්න ජපානය එකඟ වූ බවට පළවන පුවත අසත්‍යයක් බවය. රනිල් ජපානයට ගියේය. ඔහු විදේශ ඇමැති හමුවිය. අගමැති හමුවිය. ජපාන විදේශ ඇමැති එම හමුවීමෙන් පසු ආසියානු සංවර්ධන බැංකුවේ රැස්වීමට සහභාගි වී මාධ්‍ය අමතා කීවේ ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ජපානය කොන්දේසි ඉදිරිපත් කළ බවය. එම කොන්දේසිය නම් ජපානය ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න පෙර ලංකාව, චීනය සහ ඉන්දියාව ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟ කරගත යුතු බවය. රනිල් වෙනුවෙන් ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න සමුළු තියන්න යනවා කී ජපානය අන්තිමේදී ජපානයේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නත් කොන්දේසි ඉදිරිපත් කොට ඇත.

ඒත් රනිල් එය සඟවා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ණය සමුළුවේ සමසභාපතිත්වය දරන්න ජපානය එකඟ වුණා යැයි කීවේය. ජපානය හැරෙන තැපෑලෙන් උත්තර දෙමින් කීවේ එහෙම එකඟතාවක් සිදු නොවූ බවය. මෙය රනිල්ට සිද්ධ වුණු වස ලැජ්ජාවකි. ජනාධිපතිවරයෙක් ජාතිය අමතා පැය ගණනකින් කිසියම් රටක් එම ජනාධිපතිගේ කතාව නිෂේධ කරනවා කියන්නේ ඒ රට ජනාධිපතිගේ කම්මුලට ගැසීමකි. මෙයින් පෙන්නේ රනිල්ගේ ජපාන අවමඟුල් සංචාරයේ සාර්ථකත්වයය.

‘එතකොට රනිල් කොහොමද ආසියානු සංවර්ධන බැංකුවේ ලොකු පුටුවක වාඩි වුණේ…?’

ආසියානු සංවර්ධන බැංකුව මෙවර රැස්වීම පවත්වන්න සිටියේ ලංකාවේය. ඒ රැස්වීම ලංකාවේ පවත්වන්න ලංකාවට පහසුකම් දෙන්න බැහැ කියා කලින් වසරේ හිටපු මුදල් ඇමැති මහින්ද මෙහි පැවැත්වීමට නියමිත රැස්වීම අවලංගු කරගත්තේය. පිලිපීනයට රැස්වීම ගියේ ඒ නිසාය. අද මහින්ද හෝ බැසිල් මුදල් ඇමැති ධුරයේ සිටියා නම් ඔය ලොකු පුටුව හම්බවෙන්නේ මේ දෙදෙනාගෙන් එක් අයකුටය. මේ නිසා සනත් නිශාන්ත මුදල් ඇමැති වෙලා හිටියා නම් ඔය පුටුව ඔහුටත් හිමිය.

‘එතකොට රනිල් ජනාධිපති වූ හැටියේ බටහිර රටවල් විදේශිකයන්ට ලංකාවේ සංචාරය කිරීමට පනවා තිබූ බාධා ඉවත් කළේ…?’

මෙරට රාජපක්ෂලාට කඩේ යන මාධ්‍ය රනිල් ජනාධිපති වූ විගස විදේශ රටවල් ලංකාවට යන්න දැන් කිසි ප්‍රශ්නයක් නැහැයි කියා ලංකාවට පනවා තිබූ තහනම් ඉවත් කළ බවට මහා හාහූවක් නැඟුවේය. හැබැයි පසුගිය සතියේ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ලොක්කා මාධ්‍යයට කීවේ ලංකා ඉතිහාසයේ අඩුම සංචාරකයන් ප්‍රමාණය ඇවිත් තියෙන්නේ මේ සැප්තැම්බරයේ බවය.

‘ඒ කියන්නේ වෙනදා එන සංචාරකයනුත් රනිල් ජනාධිපති වුණාට පස්සේ අඩුවෙලාද…?’

ඇත්ත ඕකය.

මේ මංගල කී ලංකාවට අහිමි වූ හොඳම ජනාධිපතිගේ ආණ්ඩුවය. රනිල් ජනාධිපති නොවුණා නම් ලංකාවේ මිනිස්සු මංගල කී කතාව අදටත් කියනවා සහතිකය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

‘අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ.. නිමවෙන්නට කල් ගතවෙයිදෝ.. අනේ සර් අප මිතුරන් වෙයිදෝ…එදා දවස උදා වේවිදෝ…!’ අරගලකරුවෝ නුගේගොඩ සිංදු කියති! පොලිසිය ඇවිත් වටකරගනී! තත්ත්වය උණුසුම් වෙයි! (VIDEO)

Next Post

අගමැතිකමෙන් ඉල්ලා අස්වී ගෙදර ගිය මහින්ද අද පළමුවරට එළියට එයි! මුල්ම දේශපාලන රැස්වීම රෝහිත කළුතරින් පටන් ගනී!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.