22 වන සංශෝධනයේ දෙවන වර කියවීමේ විවාදය අද සහ හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබුණද අද එය විවාද නොකිරීමට ආණ්ඩුව තීරණය කොට ඇත.
ඒ සදහා නිශ්චිත හේතුවක් මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවද දැනගන්නට ඇත.
මෙහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘කෝ 22’ යනුවෙන් ප්‍රශ්න කරද්දී සුසිල් ප්‍රේමයන්ත මහතා ‘බලමු’ යැයි කියමින් ප්‍රශ්නය මගහැර ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.
පසුගිය සදුදා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී 22 වන සංශෝධනයට එරෙහිව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විශාල විරෝධයක් දක්වා තිබිණ.










