ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජයසිංහ මහත්මිය එම තනතුරින් ඉවත් වීමට තීරණය කොට ඇත.
සංචාරක ක්‍ෂේත්‍රයේ පාර්ශවකරුවන් වෙත ලිපියක් යවමින් විජයසිංහ කියා ඇත්තේ ඔක්තෝබර් 5 වනදා තමා එම තනතුරේ සේවය කරන අවසන් දිනය බවයි.
ආරංචි මාර්ගවලට අනුව, විජයසිංහ මහත්මිය වෙනත් අමාත්‍යාංශයක් වෙත මාරු කර යැවීමට නියමිතය.
මේ අතර, සංචාරක සංවර්ධන අධිකාරියෙහි හිටපු සභාපතිනි කිමාර්ලි ප්‍රනාන්දු, මේ පිළිබඳව අදහස් දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් තබමින් කියා සිටියේ, “දූෂිත පද්ධතියක් හේතුවෙන් සංචාරක කර්මාන්තයෙන් දක්ෂ හා අවංක රාජ්‍ය සේවකයෙකු අහිමි වූ” බවයි.
ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට අඳුරු දිනයක් යැයි ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් පැවසීය.










