එන මාසයේ සිට රජයේ සේවකයන්ට ලබාදෙන්නේ වැටුපෙන් බාගයක් යැයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පැවසූ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කරයි.
ඒ රජයට මුදල් නැති නිසා බවද ඔහු පැවසුවේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.
රජය විසින් ක්‍රියාත්මක කර ඇති අධි ආරක්ෂිත කලාප ගැසට් පත්‍රයෙන් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බව ද හෙතෙම එහිදී පැවසීය.
විරෝධතා වල යෙදෙන ජනතාවට පොලිසිය විසින් ගහන්නේ ඇඟ කසන කුණු වතුර බවත් ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.










