ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියන් ස්වාමි මහතා ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹදී හමුවී තිබේ.
සුබ්‍රමනියන් ස්වාමි හිටපු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවට ඉන්දීය නීතීඥයින් සහ ව්‍යාපාරිකයින් පිරිසක්ද එක්ව සිටියා.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) විසින් සංවිධානය කරන ලද 15 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවට සහභාගි වීම සඳහා පැමිණි අතරතුරදී සුබ්‍රමනියන් ස්වාමි මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ඇත.










