පිලිපීනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ මැනිලා නුවරදී එරට ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාර්කෝස් සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ සිය පිලිපීන නිල සංචාරය ආරම්භ කළේ ය.
ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩල රැස්වීමට එක්වීමට ද නියමිතයි.










