ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ගේ අදහස් දැක්වීමේ කාලයෙන් 5%ක් විපක්ෂයට ලබා දීමට අද පැවැති පක්ෂ නායක හමුවේදී තීරණය වී ඇත.
ඒ අනුව ආණ්ඩු පක්ෂයට හිමි 60%ක කතා කාලයෙන් විනාඩි 5%ක් විපක්ෂයට ලබා දීමට ආණ්ඩුවේ පක්ෂ නායකයන් කටයුතු කර තිබේ.
එමෙන්ම පාර්ලිමේන්තුව පවත්වන වේලාව විනාඩි 30කින් දීර්ඝ කොට එම කාලයද විපක්ෂයට ලබා දීමට මෙහිදී තීරණය වී ඇත.
ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම මහතාගේ 13 කණ්ඩායමට කතා කිරීමට අවශ්‍ය වේලාව ලබා දෙන ලෙසට පසුගිය කාලයේදී ගෙන ගිය සටනේ ප්‍රතිපලයක් ලෙස මෙසේ විපක්ෂයට වැඩි කාලසීමාවක් ලබා දීමට ආණ්ඩුව කීරණය කොට තිබේ.
කෙසේවෙතත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඩලස් පිලට කාලය වෙන්කිරීම සිදුවනු ඇත.










