• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැඩ්ඩෙක්ද-අපරාධකරුවෙක්ද? ගාල්ලේ පාසල් සිසුවෙක් විභාග දෙපාර්තමේන්තුවෙන් A/L ප්‍රතිපල හොරකම් කරලා! වෙනම වෙබ් එකකින් අලුත් විදිහකට රටටම දීලා!

September 9, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
වැඩ්ඩෙක්ද-අපරාධකරුවෙක්ද? ගාල්ලේ පාසල් සිසුවෙක් විභාග දෙපාර්තමේන්තුවෙන් A/L ප්‍රතිපල හොරකම් කරලා! වෙනම වෙබ් එකකින් අලුත් විදිහකට රටටම දීලා!
Share on WhatsAppShare on Facebook

මෙවර උසස් පෙළ විභාගප්‍රතිඵල නිකුත් වූ රටපුරා සිසුන් සියලුදෙනාගේම ප්‍රතිඵල ලේඛනය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හැක් කොට සොරාගත් පාසල් සිසුවෙක් අද(08) රහස් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිසුවා මෙවර ප්‍රතිඵල නිකුත් වූ සියලුම උසස් පෙළ සිසුන්ගේ ප්‍රතිඵල නීතිවිරෝධී ලෙස ලබාගෙන ඊට නම ඇතුලත්කරමින් ප්‍රතිඵල ලේඛන පරීක්ෂාකර බැලීමට හැකිවන ලෙස වෙනම වෙබ් ප්‍රවේශයක් සකස්කර තිබී ඇත.

මේ පිළිබඳ ලද පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ සමාජ මාධ්‍ය ජාල ඒකකයේ නිලධාරීන් විසින් කළ විමර්ශනයේදී මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ගාල්ලේ ජනප්‍රිය පිරිමි පාසලක උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරණ සිසුවෙකි.

මෙම සිසුවා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හැක් කොට මෙවර ප්‍රතිඵල නිකුත් වූදෙලක්ෂ හැත්තෑ දෙදහස් හයසිය අසූ දෙදෙනාගේම ප්‍රතිඵල ලබාගෙන ඇත.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතාගෙන් අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉකුත් 06 වෙනිදා ලද පැමිණිල්ලකට අනුව කළ දිර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම සිසුවව හදුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත.

විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ උසස් පෙළ ඇතුළු විභාග ප්‍රතිඵල පරීක්ෂාකර බැලීමට හැකියාව ඇත්තේ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ විභාග අංකය හෝ විභාගයට මුහුණ දුන් අයදුම්කරුවන්ගේ ජාතික හැදුණුම්පත් අංකය ඇතුලත් කිරීමෙන් පමණි.

ඒ හැරුණු කොට කිසිදු විටෙක නමක් පරීක්ෂාකිරීමකින් විභාග ප්‍රතිඵල ලබාදීමක් සිදු නොකරමින් රහස්‍ය භාවය උපරිමයෙන් ආරක්ෂා කිරීමට කටයුතු කර තිබේ.

එහෙත් මෙම සිසුවා විසින් විභාග දෙපාර්තමේන්තුවේ වෙඩ් අඩවිය හැක්කර එහි ඇති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛනය සොරාගෙන සකස්කර ඇති නව වෙබ් ප්‍රවේශයෙන් විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ නම ඇතුලත් කිරිමෙන් ප්‍රතිඵල ලේඛනය පරීක්ෂාකර බැලීමට හැකියාව පවතී.

විභාගයට පෙනී සිටි අපේක්ෂකයාගේ නම සම්පූර්ණයෙන්ම නොදන්නේ නමේ දන්නා කොටස ඇතුලත් කළ විට එවැනි නම් ඇති විභාගයට පෙනී සිටි සියළුම අපේක්ෂකයන්ගේ නම් පෙන්වන අතර ඒ නම් අතර ඇති තමන්ට අවශ්‍ය නම තෝරාගෙන ප්‍රතිඵල ලේඛනය පරීක්ෂා කිරීමට පහසුකම් මෙහි සපයා තිබේ.

මෙම සිසුවාගේ දෙමාපියන් ගුරුවන් වන අතර වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක්ද ඔහුට සිටින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ එක් සහෝදරියක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන අතර අනෙත් සහෝදරිය උසස් පෙළ අධ්‍යාපනය හදාරයි.

මෙම සිසුවා වෙබ් අඩවි හැක්කරන සහ දත්ත සොරා ගැනීම් කරන ආකාරය ගැන දැනුම බෙදා ගන්නා තාක්ෂණය විෂය හදාරණ පාසල් සිසුන්ගෙන් සමන්විත ටෙලිග්‍රෑම් සමූහයකට සම්බන්ධව සිටින බවත් එහි 5000ක් පමණ සිසුන් එක්ව දැනුම හුවමාරුකර ගනිමින් සිටින බවත් සිය විමර්ශන වලින් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අනාවරණයකරගෙන තිබේ.

විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හැක්කර එහි දත්ත යොදා සකස් කළ නව වෙබ් ප්‍රවේශය මෙම සිසුවා ප්‍රසිද්ධකර ඇත්තේ මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දී සිටි සිසුන්ගේ වට්ස් ඇප් ඇතුළු විවිධ සමාජ මාධ්‍ය ජාල සමූහයන් අතර හුවමාරුකරමිනි. ඒ ඔස්සේ විභාග ප්‍රතිඵල විශාල පිරිසක් බලා ඇති බවද පැවසේ.

අත්අඩංගුවටගත් සිසුවාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ මෙයට පෙරත් එක් අවස්ථාවකදීත් විභාග දෙපර්තමේන්තුවේ වෙබ් අඩවිය හැක්කර ප්‍රතිඵල ලේඛනයක් මේ අකාරයටම වෙනම වෙබ් ප්‍රවේශයක් ඔස්සේ ප්‍රසිද්ධ කළ බවය. -නිව්ස්වේව්

SendShareShare
Previous Post

IMF ණයට පොල්ලක් වැටෙයිද? චීනය බාල්දියක් පෙරළයිද? (VIDEO)

Next Post

බැසිල් ඇමෙරිකාවට යන්න දැන් කටුනායකට ඇවිත්!

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.