දින 1020කට පසුව ජාත්‍යන්තර පිටියේ ශතකයක් ලබා ගැනීමට සුපිරි පිතිකරු විරාත් කෝලි සමත් විය. මෙය ඔහුගේ 71 වැනි ජාත්‍යන්තර ශතකය වන අතර මේ වනවිට ඔහු ක්‍රීඩා ඉතිහාසයේ ඒකාබද්ධ-දෙවන-වැඩිම ශතක ලබා ගත් ක්‍රීඩකයා බවට පත්ව ඇත.
ඒ අනුව විරාත් කෝලි, අද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මොහොමඩ් නබිගේ නායකත්වයෙන් යුත් ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව 2022 ආසියානු කුසලාන 2022 සුපර් 4 වටයේ 5 වැනි තරගයේදී සිය ශතකය ලබා ගත්තේය.
අදට පෙර, කෝලි අවසන් වරට ජාත්‍යන්තර ශතකයක් රැස් කර තිබුණේ 2019 නොවැම්බර් මාසයේදීය. කෝලි අවසන් වරට ටෙස්ට් ශතකයක් රැස් කළේ 2019 නොවැම්බර් මාසයේදී බංග්ලාදේශයට එරෙහිව ඊඩ්න් ගාඩ්න්හිදී සහ 2019 අගෝස්තු මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ක්වීන්ස් පාර්ක් ඕවල්හිදී එක්දින ශතකයයි. විරාත් කෝලිගේ මෙම ශතකය පැමිණ ඇත්තේ හරියටම වසර 2 යි මාස 9 යි දින 16 කට පසුවය. මෙය කෝලිගේ පළමු T20 ශතකය විය.
සුරේෂ් රයිනා, රෝහිත් ෂර්මා සහ කේ.එල් රාහුල්ට පසුව ක්‍රීඩා ආකෘතීන් තුනෙන්ම ශතකයක් රැස් කළ 4 වැනි ඉන්දීය ජාතික ක්‍රිකට් පිතිකරුවා බවට විරාත් කෝලි මේ වන විට පත්ව ඇත.
කෝලි ශතක 71 ක සන්ධිස්ථානය සම්පූර්ණ කිරීම සඳහා ඉනිම 522 ක් ගත කළ අතර ඔහු මෙම කඩඉම පසු කළ ක්‍රීඩා ඉතිහාසයේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්ව ඇත. ජනප්‍රිය පිතිකරුවන් වන සචින් තෙන්ඩුල්කාර් සහ රිකී පොන්ටින් ඔවුන්ගේ 71 වැනි ජාත්‍යන්තර ශතකය පිළිවෙළින් ඉනිම් 523කදී සහ 652කදී ලබා ගෙන තිබිණ..










