චෝදනා ලැබූ මන්ත්‍රීවරුන් රැසකට අද දිනයේදී අමාත්‍ය ධූර ලබා දී ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම දූෂිත පුද්ගලයන්ට දඩුවම් දෙන ලෙස ඉල්ලා සිටි දමිතා අබේරත්න මහත්මිය අද දිනයේදී අත්අඩංගුවට ගැනීමට පියවර ගැනීම පිළිගත නොහැකි බවකි.










