අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) මහලේකම්වරයා වන මාටින් චන්ගොන්ග් මහතා ලබන 11 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙරට පර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම ඇතුලු කරුණු ගණනාවක් මුල් කරගෙන චන්ගොන්ග් මහතා මෙසේ ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙම සංචාරයේදී ඒ මහතා ආණ්ඩුවේ ඉහළ පෙළ නියෝජිතයන් මෙන්ම විපක්ෂයේ නියෝජිතයන්ද හමුවීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.
පසුගිය කාල සීමාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම පිළිබද පැමිණිලි රැසක්ම අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙත ඉදිරිපත්ව තිබිණ.










