දමිතා අබේරත්න රංගනශිල්පිනිය අන්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත්, මේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ පීතෲවරුන් කවුද කියා රටම දන්නා බව පැවසූ විපක්ෂ නායකතුමා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට කිසිවෙකුට අයිතියක් නැතැයිද පැවසීය.










