අවසන් ක්‍රීඩකයා ලෙස පිටියට පිවිසි වේගපන්දු යවන නසීම් ෂා අවසන් පන්දු වාරයේ පළමු පන්දු දෙකට පිට පිට හයේ පහර දෙකක් එල්ල කරමින් ඇෆ්ගනිස්තානයට එරෙහිව නොතිබූ ජයක් කරා පාකිස්තානය රැගෙන යාමට සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය ලකුණු 129ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී පාකිස්තාන කඩුලු දිගින් දිගටම දවා ගැනීමට ඇෆ්ගන් පන්දු යවන්නෝ සමත් වූහ.
ඒ අනුව අවසන් පන්දු වාරයේදී පාතිස්තානයට පකුණු 11ක් ලබා ගැනීමට සිදවූ අතර ඒ වෙනුවෙන් ඔවුන් අත පැවතියේ එක් කඩුල්ලක් පමණි.
කෙසේවෙතත් අවසන් පන්දු වාරයේ පළමු පන්දු දෙකටම හයේ පහර දෙකක් එල්ල කරමින් නසීම් ෂා තරගයේ ජය පාකිස්තානයට ලබා දීමට සමත් විය.










