• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ත්‍රස්තවාදී පනත යටතේ අල්ලා ගෙන ගිය වසන්ත අද ඉන්නේ කොහොමද?

September 7, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ත්‍රස්තවාදී පනත යටතේ අල්ලා ගෙන ගිය වසන්ත අද ඉන්නේ කොහොමද?
Share on WhatsAppShare on Facebook

‘පත්තිනි දේවිය ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයන් මෙන්ම ද්‍රවිඩ ජනතාවගේ පුදපෙත් ලබන ප්‍රධානතම දේවතාවියයි. සිංහල සම්ප්‍රදායට අනුව බෝධිසත්ව පාරමිතාව පුරන්නියක වන ඕ හින්දු සම්ප්‍රදායට අනුව පාර්වතියගේ අවතාරයයි. ලංකාවේ ජනශ්‍රැතියට අනුව පත්තිනි දේවිය බෞද්ධ වූවා පමණක් නොව පති භක්තිය වැනි සාරධර්ම රැකගත් දේවතාවියක්ද වූවාය….’ ගිය සතියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කතාකළ ලියුම්කරු මේ සතියේ දේවාල වන්දනාවක් ගැන ලියන්නට යන්නේ යැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් මේ උත්සාහය එවැන්නකට නොව, දේවාල බිම් පවා අපයෝජනය කරන්නට හැකි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ඒ යටතේ රඳවා තබන්නන් මුහුණදෙන ඛේදනීය ඉරණම ගැන ඔබට කියන්නටය.

අරගලය යම් තරමකට වියැකී යමින් තිබුණද ලාංකේය සමාජය තවමත් අරගලකරුවන් හා හදවතින් බැඳී ඇත්තේය. එහෙයින් අරගලකරුවන් මුහුණ දෙන ප්‍රශ්න සහ ගැටලු පිළිබඳවද සමාජයක් ලෙස තවමත් අප පසුවන්නේ අවදියෙනි. පසුගිය 18 වැනිදා කැලණියේ සිට කොළඹට පැමිණි විරෝධතා පා ගමනේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නැතහොත් ‘අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ’ අත්අඩංගුවට පත්වීමත්, ඉන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමත් සමාජයේ බොහෝ අවධානයට ලක්වන්නට සමත්ව ඇත්තේය. ඌවේ ඈත පිටිසර ආදිවාසී ගම්මානයක් වූ දඹානේ පදිංචිකරුවෙක් වූ වසන්ත මුදලිගේ දෙහිගොල්ල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබූ, රජරට විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ විද්‍යාර්ථියෙකි. දහසක් දුක් දරා සරසවියට පමිණි ඔහු ‘තනියෙන් නිවන් යනු’ වෙනුවට ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ සහ සිවිල් සමාජ අරගලයන්ට නායකත්වය දෙන්නට තීරණය කරන්නේය. ඒ තීරණය ඔහු නොගත්තේ නම් අද මේ ලිපියට වසන්ත මුදලිගේ ප්‍රස්තුතයක් නොවන්නේම‍ය.

රාජපක්ෂවරු එලවන්නට අරගලය පටන්ගත් දා සිටම අන්තරේ කොල්ලන් කෙල්ලන් වැඩි වශයෙන් හිටියේ මහපාරේය. වසන්ත මුදලිගේ ඒ සැමට නායකත්වය ලබාදුන්නේය. එහෙයින් වැඩි කල් නොගොස් ඔහු මර්දන යන්ත්‍රයේ ඉලක්කයක් වන්නේය. උසාවි වරෙන්තුවක් නිකුත් වුවද ඔහු අල්ලා ගැනීමට පොලිසියට නොහැකි විය. වරක් පොලිස් කණ්ඩායමක් මුදලිගේ සොයා පෙරටුගාමී පක්ෂයේ මූලස්ථානයද වටකළෝය. එහෙත් මුදලිගේ පෙනී නොපෙනී අරගලකරුවන් අතර සිට සටනට නායකත්වය දුන්නේය. අවසන පසුගිය 18 වැනිදා විරෝධතාවක් අතර තුර ඔහු පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නේය. ඒ, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් සහ තවත් සක්‍රීය අරගලකරුවෙක් වූ හසන්ත ජීවන්ත ගුණතිලක සමගය.

මෙවැනි අරගලයන්හිදී අත්අඩංගුවට පත්වන්නන් සම්බන්ධව පොලිසිය අනුගමනය කරනුයේ සරල ප්‍රතිපත්තියකි. ඔවුනට පොලිස් ඇප ලබාදිය නොහැකි නම් පැය 24ක් තුළ අධිකරණයට ඉදිරිපත් කිරීම එම ප්‍රතිපත්තිය වෙයි. එහෙත් මේ සාමාන්‍ය ප්‍රතිපත්තිය වසන්ත මුදලිගේ සහ අනෙක් දෙදෙනා සම්බන්ධව මඳක් වෙනස් විය. ඊට හේතුව අරගල බිමෙන් අන්තරේ කැඳවුම්කරු ඉවත් කිරීමට වගකිවයුතු කාට හෝ තිබූ වුවමනාව බව බොහෝ දෙන පවසති. ඒ අනුව අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ අධිකරණයට ඉදිරිපත් කරනු වෙනුවට ජීප් රියක නංවාගෙන කිහිප තැනකට රැගෙන යාමට ඔවුන් කටයුතු කර තිබේ. ඔබට විශ්වාස කිරීමට බැරි වුවද අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු ලිපියේ පෙර සඳහන් නවගමුව පත්තිනි දේවාල බිමටද රැගෙන ගොස් එහි පැය තුනක් පමණ රඳවා ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ. ඒ, කිසියම් ආගමික වතාවකට නොව කොහෙන් හෝ උපදෙස් ලැබෙන තෙක් මුදලිගේ සඟවා තබා ගන්නටය. අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ සම්බන්ධව ගතයුතු නිශ්චිත පියවරක් පිළිබඳ අදහසක් පොලිසිය තුළ නොතිබීම ඊට තවත් හේතුවකි.

පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව රඳවාගෙන ප්‍රශ්න කිරීම් පොලිසියේ අපේක්ෂාව විය. ඒ අනුව ඊට පැය 72ක් තුළ අදාළ රැඳවුම් නියෝගවලට අස්සන් ලබාගත යුතු විය. පනතේ විධි විධානවලට අනුව එකී නියෝගය අස්සන් තැබිය යුත්තේ ආරක්ෂක අමාත්‍යවරයාය. එහෙත් අන්තරේ කැඳවුකරු සහ අනෙක් දෙදෙනාට ඩී.ඕ. ගසා රඳවා ගන්නට යන පුවත නිසා ආණ්ඩුවට බලාපොරොත්තු නොවූ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවිය.

ඒ, දේශීය වශයෙන් සහ ජාත්‍යන්තරව ඊට එරෙහිව නැඟී ආ විරෝධය නිසාය. විශේෂයෙන්ම වසන්ත මුදලිගේට අදාළව රැඳවුම් නියෝග අස්සන් නොකරන ලෙස ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයන් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලෝලර් වෙතින් එල්ල විය. වසන්ත මුදලිගේ, ජීවන්ත ගුණතිලක සහ ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළකරමින් ඕ ට්විටර් පණිවුඩයක්ද නිකුත් කළාය. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග්ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන ආකාරයේ නීති භාවිත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සෝදාපාළුවට ලක්විය හැකි බවට අනතුරු ඇඟවූවාය. දස දෙසින් නැඟී ආ විරෝධය නොතකමින් අවසානයේ ජනාධිපතිවරයා ආරක්ෂක ඇමැති ලෙස විවාදාපන්න රැඳවුම් නියෝගය අස්සන් කළද, මුදලිගේ වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් සැක කරනුයේ එකී නියෝගය පසු දිනයක් යොදා අස්සන් තැබූ බවයි.

සාමාන්‍ය වශයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවන්නන් සහ රිමාන්ඩ් සිරකරුවන් පිළිබඳ යම් දැනුවත් වීමක් සමාජය සතුය. එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගන්නන් පිළිබඳ සමාජයේ තවමත් ඇත්තේ බලවත් කුතුහලයකි. එහෙයින් රටක් වසඟ කරගෙන සිටි අරගලකරුවෙක් වූ වසන්ත මුදලිගේ ගෙවන රැඳවුම් ජීවිතය ගැන බොහෝ දෙනා විමසිලිමත් වෙයි. ඒත් සාමාන්‍ය රිමන්ඩ් සිරකරුවෙක් ලෙස හිතවතුනට ඔහු හමුවිය නොහැක. එහෙයින් අපි අන්තරේ කැඳවුම්කරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නුවන් බෝපගේගෙන් මේ පිළිබඳ විමසා සිටින්නට තීරණය කළෙමු.

රැඳවුම් නියෝගය ලබාදුන්නේ වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ හසන්ත ජීවන්ත ගුණතිලක තංගල්ල බන්ධනාගාරයේ රඳවා තැබීමට වුවත් ඔවුන් දැන් සිටිනුයේ නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන අංශයේ බව නීතිඥ නුවන් බෝපගේ ‘මව්රට’ට පැවැසීය. ‘ඉතා අවම පහසුකම් යටතේ තමයි ඒ අය රඳවාගෙන ඉන්නේ. අඩුම ගානේ නිදාගන්න කොට්ටයක්වත් දීලා නෑ. පැදුරක් විතරක් දීලා තියෙනවා. කෑම වුණත් ගෙදරකින් ගෙන්වගන්න බෑ. පොලීසිය දෙන දෙයක් තමයි කන්න වෙන්නේ. ඒත් සතියකට පා‍රක් පවුලේ අයට මේ අය බලන්න පුළුවන්. ඒ වගේ වෙලාවට බිස්කට් වගේ තියාගෙන කන්න පුළුවන් දේවල් දෙන්න පුළුවන්. තුන්දෙනාගේම නීතිඥවරුන්ට ඒ අය මුණගැසීමට අවසර තියනවා’ ඔහු පැවැසීය.

මේ තිදෙනාගෙන් හසන්ත ජීවන්ත තෙවැනි වසරේ සිසුවෙකි. එහෙයින් ඔහුගේ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය කරන පොත් පත් නීතිඥවරුන් හරහා ලබාදීමට අවස්ථාවද හිමිව තිබේ. අරගලයේ සගයන් තිදෙනා එකට රැඳවුම් නියෝග ලැබුවද ඔවුන් එකම අවස්ථාවකවත් එකම තැනක රඳවා නැත. සෑම විටම එකිනෙකා මුණගැසිය නොහැකි ලෙසින් ඔවුන් වෙනමම රඳවා තැබීමට නිලධාරීන් වගබලාගෙන ඇත. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම අඛණ්ඩව සිදුකරගෙන යයි. මුල් අවස්ථාවේ කරුණු හතක් ඉලක්ක කර ප්‍රශ්න ඇසීම කරගෙන ගොස් ඇත. ඒ, ජනාධිපති මන්දිරයට, ලේකම් කාර්යාලයට, අරලියගහ මන්දිරයට සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට ඇතුළු වීම සහ ඒවා අත්පත් කරගැනීම වැනි කරුණු සම්බන්ධයෙනි. එහෙත් මේවා කිසිවක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට සම්බන්ධ ඒවා නොවන බවත්, ජනාධිපති මන්දිරයේ සිටි දහස් ගණනක් දෙනා අතර අන්තරේ සාමාජිකයන් කිහිප දෙනෙක්ද සිට ඇති බවත් නීතිඥ නුවන් බෝපගේ පවසයි.

වසන්ත මුදලිගේ, සිරිධම්ම හිමියන් සහ හසන්ත ජීවන්තගෙන් ප්‍රශ්න කිරීමේදී අප්‍රේල් 08 වැනිදා සිට අගෝස්තු 18 වැනිදා තෙක් අන්තරේ සංවිධාන කළ විරෝධතාවන් 05ක් පිළිබඳ වැඩි බරක් තබා ඇත. එකී විරෝධතාවන් සංවිධාන කළේ කෙසේද, ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වූයේ කුමන ස්ථානයන්හිද, ඒවාට සහභාගි වූ සරසවි නායකයන් කවුද යන්න ප්‍රශ්න කිරීමේදී විමසා ඇත. ඊට අමතරව වසන්ත මුදලිගේ පසුගිය කාලයේ විපක්ෂයේ දේශපාලනඥයන් රැසක් හා සාකච්ඡා කර ඇත. ඒ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන්, ශානාක්‍යන් රාසමානික්කම් වැනි කිහිපදෙනෙක් වෙයි. මෙ අය සමග සාකච්ඡා කළේ මොනවාද, කුමක් සඳහා කතා කළේද යන කරුණු පිළිබඳ නිලධාරීන් දැඩි උනන්දුවකින් ප්‍රශ්න කර ඇති බව නීතිඥ නුවන් බෝපගේ පවසන්නේය.

ප්‍රශ්න කිරීම සඳහා ඔවුන් රඳවා ගැනිීමට ලැබී ඇති මාස තුනක කාලය ප්‍රමාණවත් නොවේ නම් එය මාස 12 දක්වා දීර්ඝ කරගැනීමට නීතියෙන් ඉඩ තිබේ. සතියකට වඩා වැඩි කාලයක් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කළද මේ අරගලකරුවන් තිදෙනාට එරෙහිව තවමත් කිසිදු චෝදනාවක් ගොනුවී නොමැත. දැනට කරගෙන යන ප්‍රශ්න කිරීම් අවසානයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට නියමිතය. ආණ්ඩු විරෝධී අරගලයකට නායකත්වය දුන් සරසවි සිසුන් තිදෙනකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් රඳවාගැනීම සමස්ත ලාංකේය සමාජයටම වැදගත් පණිවුඩයක් ලබා දේ. ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් පීඩාවට පත්වන්නේ ත්‍රස්තවාදීන්ම නොවන බවයි. කල් පසුවී හෝ එය තේරුම් ගෙන මෙම පීඩාකාරී පනතට එරෙහිව රට තුළ ජන මතයක් ගොඩනැගීම සැමගේම වගකීම වෙයි.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දෙන්න වටින්නේ ආණ්ඩුවේ බංගලාවක් නෙමෙයි හම්බන්තොට පැලක්! ගෝඨාට පාර්ලිමේන්තුවේදී ප්‍රබල ප්‍රහාරයක්! (VIDEO)

Next Post

ජිනීවාවලදී ලංකාවට අලුත්ම බාල්දියක් පෙරළෙයි! මානව හිමිකම් චෝදනාවලට පසු පළමු වරට ආර්ථික අපරාධ චෝදනාත් ඉදිරිපත් වෙයි!

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.