දිනයේ පැවැත්වෙන අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීමට ප්‍රථම රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ රාජ්‍ය අමාත්‍ය ධූර ලබා නොදෙන්නේ නම් අයවැයට පක්ෂව ජන්දය ප්‍රකාශ නොකරන බවට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත කර තිබූ දැඩි බලපෑම මේ සදහා හේතුවී ඇති බවකි.
පසුගිය දිනෙක ජනාධිපතිවරයා හමුව තිබූ පොහොට්ටුවේ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනකු තමන්ට යළි රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දිය යුතු බව ජනාධිපතිවරයා වෙත දැනුම් දීමටද පියවර ගෙන තිබිණ.
ඒ අනුව අද පැවැත්වෙන අයවැය ජන්ද විමසීමට ප්‍රථම මෙම රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.










