ජල ගාස්තු ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට ඉහළ නැංවීමට තීරණය ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවසීය.
ඒ අනුව ජල ගාස්තුව සියයට 70 ත් 90 ත් අතර ප්රතිශතයකින් ඉහළ දැමීමට නියමිත බවත් සේවා ගාස්තුව වැඩි ප්රතිශතයකින් ඉහළ දැමීමට නියමිත බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ජල ගාස්තු ඉහළ දැමීම ජනතාවට බරක් නොවන ආකරයට ක්රියාත්මක කිරීමට උපරිමයෙන් කටයුතු කළ බවත් එහිදී අඩු ආදායම් ලාභීන් පිළිබඳව ද අවධානය යොමු කළ බවත් එම නිලධාරියා කීය.













