රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට අද (26) අත්සන් තැබීමෙන් පසු ඔහුගේ නිදහස අපේක්ෂාවෙන් කලාකරුවන්, මාධ්‍යවේදීන් මහජනතාව ඇතුළු පිරිස් මේ වන විටත් වැලිකඩ බන්ධනාගාරය අසලට රැස්වෙමින් සිටිති.
රන්ජන් රාමනායක මහතාට ආදරය කරන අය අද දහවල් 12ට වැලිකඩ බන්ධනාගාරය අසලට පැමිණෙන ලෙස ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමෙහි ද පළ කර ඇති අතර, ඒ අනුව මේ වන විටත් ඒ අසලට බොහෝ පිරිස් රැස්ව සිටිති.










