ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කරන තම ජාතිකයන්ගෙන් ප්‍රවේශම් සහගත ලෙස ක්‍රියා කරන ලෙස ඉන්දියාව බ්‍රහස්පතින්දා දිනයේදී ඉල්ලීමක් කළේය.
එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Arindam Bagchi පැවසුවේ, “අපි ලංකාවේ සිදුවන දේ සමීපව බලමින් සිටිනවා. ඉන්දියානුවන් තවමත් ශ්‍රී ලංකාවට යන සංචාරකයින්ගේ විශාලතම මූලාශ්‍රයයි. වත්මන් තත්ත්වය තුළ ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන්, මෙම විශේෂිත අවස්ථාවෙහිදී ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියාවෙන් පිටත රැඳී සිටින කාලය තුළ ඉන්දියානු ජාතිකයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සැමවිටම අප ප්‍රමුඛ උනන්දුවක් දක්වන බව මම අවධාරණය කරනවා. අපගේ උත්සාහය ඉන්දියාවෙන් පිටත සිටින ඉන්දියානුවන් සම්බන්ධ කිසිදු අප්‍රසන්න සිදුවීමක් වීම වැලැක්වීමයි. එබැවින්, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය සංචාරයක් කිරීමට පෙර මුදල් පරිවර්තන හැකියාව සහ ඉන්ධන තත්ත්වය ඇතුළු අදාළ සියලු සාධක ඔවුන් විසින් පරීක්ෂා කළ යුතුයි” යනුවෙන් Bagchi වැඩිදුරටත් පැවසීය.










