සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට යැයි ජනාධිපතිවරයා විසින් තම පක්ෂයට ආරාධනා කරන්නේ රට ගොඩගැනීමේ සැබෑ වුවමනාවෙන් නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
අද (25) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට පෙර රට බංකොලොත් තත්ත්වයට පත්වීමට දායක වූ මහාපරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් සොයා බලන ලෙසයි.










