සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා හෙට (26) දින හෝ සඳුදා (29) දින නිදහස ලබනු ඇති බව දැනගන්නට තිබේ.
ඒ සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා තබා තිබූ ෆේස්බුක් පණිවුඩය මෙසේය.
‘මා හිතවත් දේශපාලන සගයා රන්ජන් අයියා හෙට(26) හෝ සදුදා (29) නිදහස ලබන බව මට දැඩිසේ විශ්වාසයි.මගේ සහ මනූෂ ගේ ඉල්ලීම ඉටුකල ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහ සුව්ශේෂී මෙහෙවරක් ඉටුකල අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමා ඇතුළු සහය දුන් සැමට ස්තුතියි!’










