අද වනවිට ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන සාමකාමී අරගලකරුවන් දඩයම් කරමින් සිටීම පිළිගත නොහැකි කරුණක් බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ පළමුව අරගලයට පහර දුන්නේ මැයි 9 වන දින අරලිය ගහ මැදුරෙන් බවත්, භට ඇමැතිවරුන් පවා සහභාගී වී සිටි බවත්ය.
එසේනම් පළමුව ත්‍රස්ත විරෝධී පනත යටතේ ඔවුන්ද අත්අඩංගුවට ගත යුතු බව වික්‍රමරත්න මහතා කියා සිටියේය.










