• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

SLPP-SLFP-UNP ඉවරයි! 2024 සටන SJB සහ JVP! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

August 20, 2022
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
SLPP-SLFP-UNP ඉවරයි! 2024 සටන SJB සහ JVP! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘මට අවශ්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චීනයේ කොමියුනිස්ට් පක්ෂය වගේ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය වගේ හදන්න…’

මේ, බැසිල් රාජපක්ෂ 2021 දෙසැම්බර් 04 වැනිදා ‘ද හින්දු’ පුවත්පතට කළ ප්‍රකාශයය.

‘බැසිල්ගේ බේබි පක්ෂය ඓතිහාසික සුපිරි ජයග්‍රහණයක් ලබාගනී…’

මේ, 2020 මහ මැතිවරණයට පසු විදේශ මාධ්‍ය පොදුජන පෙරමුණේ ජයග්‍රහණය නිර්වචනය කළ ආකාරයය.

‘අපි පක්ෂ 70ක් ඡන්ද ගත්තොත් දෙවැනි වැඩිම ඡන්ද ගන්න පක්ෂය ලක්ෂ 35ක් වත් ගන්නෙ නැහැ…’

මේ, 2020 මහ මැතිවරණයට කලින් බැසිල් රාජපක්ෂ වාගාඩම්බර පා පළ කළ අනාවැකියය.

මෙහෙව් පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුවට 2022 නොවැම්බර් මාසයට වසර 06ක් සම්පූර්ණ වේ. බැසිල් චීන කොමියුනිස්ට් පක්ෂය වගේ, භාරතීය ජනතා පක්ෂය වගේ හදන්න ගිය පොහොට්ටුව අද ජනාධිපති ධුරයත් අහිමි, අගමැති ධුරයත් අහිමි, විපක්ෂ නායක ධුරයක් පමණක් නොව කතානායකත්වයත් අහිමි පක්ෂයක් බවට පත්ව තිබේ. පොහොට්ටුව පිහිටෙව්වේම රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට එරෙහිවය. ඔහුගේ ප්‍රතිපත්තිවලට එරෙහිවය. එහෙව් පක්ෂය අද රනිල්ව නායකත්වයට හයර් කරන තරමට බංකොලොත් වී තිබේ.

ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ජනාධිපතිවරු හයර් කරන වැඬේ පටන් ගත්තේ රනිල්ය. ඒ, රනිල්ට ජනාධිපතිවරණ දිනන්න බැරි නිසාය. 2010 ජනාධිපතිවරණයේදී රනිල් ජනාධිපති අපේක්ෂත්වයට හයර් කළේ ෆොන්සේකාවය. 2015 රනිල් ජනාධිපති අපේක්ෂකත්වයට හයර් කළේ මෛත්‍රීපාලවය. ෆොන්සේකා 2009 යුද්ධය දින්න හමුදාපතිය. මෛත්‍රීපාල 2014 වන විට ලක්ෂ 48ක් ඡන්ද ගත්ත ශ්‍රීලනිපයේ මහ ලේකම්ය. ඒත් රනිල් ජනාධිපති වී ඒ ජනාධිපති ධුරය ෆොන්සේකාට හෝ මෛත්‍රීපාලට බන්දේසියක දමලා දුන්නේ නැත. ඔහු අපේක්ෂකකම දුන්නා පමණි. දිනන වගකීම තිබුණේ ෆොන්සේකාට හා මෛත්‍රීපාලටය. මෛත්‍රී, ජනාධිපතිවරණය අමාරුවෙන් දින්නාට පසුත් රනිල් මන්ත්‍රී ආසන 45ටත් අඩුවෙන් තිබ්බ යූ.ඇන්.පී.යට අගමැති ධුරයත් ආණ්ඩුවේ ප්‍රබලතම ඇමැති ධුරත් ඕනෑ කීවේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක බලතල කපන්න ඕනෑ කීවේය. මෛත්‍රී ඒ කියන හැම දේම කළේය. ආසන 45ටත් අඩුවෙන් තිබ්බ රනිල්ව අග මැති කළේය. තමන් සතු විධායක බලතල රනිල්ට පවරා දුන්නේය.

‘අනේ ඉතින් බැසිල් චීන මහා ප්‍රාකාරය වගේ හදනවා කිව්ව පොහොට්ටුවෙන් රනිල්ව ජනාධිපති කරලා රනිල්ට ඕනෑ විදියට අගමැති, ඇමැති ධුර පත්කරගන්න දීලා කොහොම හරි තුනෙන් දෙක හදලා සම්මත කරගත්ත 20 විධායක බලතලත් දීලා වත්ත බද්දට දී ඇස්සට දත නියව නියවා ඉන්නේ ඇයි…?’

පොහොට්ටුව හදලා 2019 ජනාධිපතිවරණය ජයගත්තාට පස්සේ හැමෝම බැසිල්ට කීවේ බී.ආර්. යනු ජේ.ආර්.ගේ අවතාරය කියාය. ලංකාවේ දේශපාලනයේ මහමොළකරු කියාය. බැසිල්ට මොළ හතක් තියෙනවා යැයි පොදුජන පෙරමුණ කීවේය.

‘ඒ මොළ හත කෙසේ වෙතත් තියෙන මොළය පාවිච්චි කරලවත් තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරයකුට ඇමැති ධුරයක් අරන් දෙන්න බැරි තරමට බැසිල් බංකොලොත් වුණේ කොහොමද?’
බැසිල් නොව බංකොලොත් වෙලා තියෙන්නේ පොදුජන පෙරමුණය. පොදුජන පෙරමුණ අද සීසීකඩය. කෑල්ලක් රනිල්ගෙන් ඇමැතිකම් ගන්න රනිල් එක්කය. තව කෑල්ලක් බැසිල් එක්කය. තව කෑල්ලක් ඩලස් එක්කය. තව කෑල්ලක් විමල්ලා එක්කය.

ජනාධිපතිකමත් ආණ්ඩුවත් බැසිල්ලා රනිල්ට දුන්නේ සමගි ජන බලවේගය කඩලා බිඳලා සජිත්ව ඉවර කරලා අරගලය ඉවර කරන්න යැයි කියා හිත හදාගන්නා පොහොට්ටුකාරයන් සිටී. එයින් පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ අරගලය එක්ක තිබුණු වෛරය පරිමහගත්තා යැයි ඔවුන් සැනසෙයි. තරහ පිරිමහන්න මුහුණත් එක්ක තරහට නහය කපාගන්නේ නැත. පොහොට්ටුව කරගෙන තියෙන්නේ ඒකය. 1970-1977 මැතිනිය යූ.ඇන්.පී.ය දෙකඩ කරන්න රුක්මන්ව පාවිච්චි කළාය. හැබැයි අගමැතිකම් දුන්නේ නැත. ජේ.ආර්., ශ්‍රීලනිපය දෙකඩ කරන්න අනුරව පාවිච්චි කළේය. හැබැයි අගමැතිකම් ජනාධිපතිකම් දුන්නේ නැත. මහින්දත්, යූ.ඇන්.පී.ය දෙකඩ කරන්න කරුව පාවිච්චි කළේය. හැබැයි දුන්නේ රාජ්‍ය පරිපාලන ඇමැතිකමය. විපක්ෂය කඩන්නයි, විපක්ෂ අරගලවලින් පලිගන්නයි ජනාධිපතිකම්, අගමැතිකම්, ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය ඔක්කොම දන්දෙන මරිමෝඩ පක්ෂ ලොවේ තියා ලොවි ගහේවත් නැත.

‘පොහොට්ටුවටත් ඊළඟ ඡන්දෙදී අලියාට වෙච්ච දේම වෙයිද…?’

පේන්නේ ඒ වගේය. යූ.ඇන්.පී.ය විනාශ වුණේ රනිල් තමාගෙන් පිට කිසි කෙනකුට යූ.ඇන්.පී. නායකත්වය දෙන්නේ නැහැ කියන මතයේ සිටි නිසාය. ඒ වගේම තමාට ජනාධිපති ධුරය හෝ අගමැති ධුරය නොලැබෙන්නේ නම් යූ.ඇන්.පී.යේ කාටවත් ජනාධිපති ධුරය හෝ අගමැති ධුරය ගන්න ඉඩ දෙන්නේ නැහැ කියන මතයේ සිටි නිසාය. ඔහු 2010 ෆොන්සේකාවත්, 2015 මෛත්‍රීපාලවත් හයර් කළේ ඒ මතයේ සිටගෙනය. ජනතාව යූ.ඇන්.පී.ය ෆයර් කළේ ඒ හයර් එක නිසාය.

‘මහ බැංකු හොරකමට එරෙහිව කොටි ඩයස්පෝරාවට ඔක්සිජන් දීමට එරෙහිව ඥානසාර හිමි හිරේ දමා මුස්ලිම් අන්තවාදීන් හුරතල් කිරීමට එරෙහිව දෙමළින් ජාතික ගීය ගැයීමට එරෙහිව රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව රනිල්ගේ ආණ්ඩුව පරද්දන්න තීරණය කළ ලක්ෂ 69ට පස්ස පෙන්නා ඒ ලක්ෂ 69 දුන්න ජනාධිපතිකමට රනිල්වම හයර් කරලා, ඒ ලක්ෂ 69 පොහොට්ටුව ෆයර් කරයිද?

බැසිල්ම පොහොට්ටුව හදලා බැසිල්ම පොහොට්ටුව විනාශ කරගෙන ඉන්නේ රනිල් වගේ හිතන්න ගිහිල්ලාය. ඒ කියන්නේ රාජපක්ෂලාගෙන් පිට කාටවත් ජනාධිපතිකම් අගමැතිකම් ගන්න බැහැ කියලා හිතන්න ගිහිල්ලාය. බැසිල්ලා අගමැතිකමටවත් පොහොට්ටුවෙන් මන්ත්‍රීවරයෙක් යෝජනා නොකළේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් අගමැති වුණොත් ඔහු වටා පොහොට්ටුව රොක් වෙයි කියන බයටය. මේ රනිල්ට තිබුණ ලෙඬේය. දැන් ඒ ලෙඬේ බැසිල්ට බෝවී ඇත. පොහොට්ටුව ඉවර වෙන්නේ ඒ ලෙඩෙන්ය.

1994 වනතෙක් ලංකාවේ ලොකුම පක්ෂය යූ.ඇන්.පී.යය. 1994ට පසු යූ.ඇන්.පී.ය එන්න එන්න කුඩා විය. ශ්‍රීලනිපය අති දැවැන්ත පක්ෂයක් විය. 2014 ශ්‍රීලනිපය විනාශ කළේ රනිල්ය. ඒ, මෛත්‍රීපාලව ජනාධිපති අපේක්ෂකත්වයට හයර් කරලා ශ්‍රීලනිපය සමග ජාතික ආණ්ඩුවක් හදන්න ගිහිල්ලාය. පොදුජන පෙරමුණ බිහිවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය. රනිල්, මෛත්‍රීව හයර් කරන්න ගිහින් යූ.ඇන්.පී.යත් නැත්තටම නැතිකර ගත්තේය.

‘ඇයි දැන් රනිල් ජනාධිපති වෙලා යූ.ඇන්.පී.ය ගොඩගන්න බැරිද…?’

මෛත්‍රී, රනිල්ගේ ජනාධිපති අපේක්ෂකයා වූ දින සිට ශ්‍රීලනිප පාක්ෂිකයන් මෛත්‍රීට වෛර කළේ කෙසේද, අද රාජපක්ෂලා රනිල්ව ජනාධිපති කරගත් දින සිට යූ.ඇන්.පී.කාරයා වෛර කරන්නේ රනිල්ටය. එදා මෛත්‍රී එකතු වුණේ ශ්‍රී ලංකාකාරයාගේ හතුරා රනිල් එක්කය. අද රනිල් එකතු වී ඇත්තේ යූ.ඇන්.පී.කාරයාගේ හතුරා රාජපක්ෂලා එක්කය. රනිල්, රාජපක්ෂලාගෙන් ජනාධිපතිකම ගැනීමෙන් රනිල්ට 2020 යූ.ඇන්.පී.කාරයෝ දුන්න ඡන්ද ටිකවත් ලැබෙයිද කියා හිතන්න බැරිය. රනිල්, රාජපක්ෂලා සන්ධානගත වීමෙන් ශ්‍රීලනිපයට 2019 සහ 2020 පොහොට්ටුවට ලැබුණු කොටි ඩයස්පෝරාවට එරෙහි, මුස්ලිම් අන්තවාදයට එරෙහි, රාජ්‍ය දේපොළ විකිණීමට එරෙහි ඡන්ද ටිකවත් ඩැහැගැනීමට හැකියාව තිබිණි.

‘මට ජනාධිපති වෙන්න උදව් කළත් මම රනිල් ප්‍රතිගාමී නිසා රනිල්ව විනාශ කළා. රාජපක්ෂලා රනිල්ව ජනාධිපති කළා…’

මෛත්‍රීපාලට පොහොට්ටු ඡන්ද පදනමට මෙලෙස කිව හැකිව තිබිණි. ඒත් මෛත්‍රී, රාජක්ෂලාට වඩා හයියෙන් රනිල්ට කඬේ යන්න පටන්ගෙන තිබේ. ඒ කියන්නේ ශ්‍රීලනිපයත් ඉවරය. දැනටමත් රාජපක්ෂලා සහ රනිල් පක්ෂය කඩලා ඉවරය. පක්ෂය සීසීකඩය.

‘පොහොට්ටුවත් අලියාත් අතත් ඉවර නම් මොකක්ද ඉතුරු වෙලා තියෙන්නේ…?’

අද ලංකාවේ තියෙන විශාලතම පක්ෂය සජිත්ගේ සමගි ජන බලවේගයය. සමගි ජන බලවේගයට අභියෝග කළ හැකි පක්ෂය ජනතා විමුක්ති පෙරමුණය. මේ ටික දැනනෙ රනිල් සහ රාජපක්ෂලා බලන්නේ සමගි ජන බලවේගය කඩා බිඳ දමන්නටය. ඒත් පක්ෂය එකට තියාගන්න සජිත් දෙන්නේ මාරාන්තික සටනකි. අද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රනිල්ගේ ගෝලයන්ය. රනිල් දේශපාලනයට ගෙන ආ අයය. රනිල්ට නායකතුමා කී අයය. ඔවුන් බොහොමයකගේ දේශපාලනයේ අවසානය ප්‍රබල ඇමැති ධුරයකි. අද රනිල් ඇමැති කට්ට පෙන්න පෙන්නා ඔවුන් බාගන්න පැය 24ම ගේම් ගසයි. රාජපක්ෂලා ඒකට අත් උදව් දෙයි. රනිල් ජනාධිපති වූ දින සිට අද දක්වා රාජපක්ෂලාට කඬේ යන මාධ්‍ය සහ වෙබ් අඩවිවලට ලොකුම ප්‍රවෘත්තිය සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කඩාගෙන යන ප්‍රවෘත්තියය. ඔවුන්ට අනුව අද රටේ ආර්ථික අර්බුදයක් නැත. බඩු මිල ප්‍රශ්නයක්ද නැත. එකම ප්‍රශ්නය සමගි ජන බලවේගය කඩන්නේ කොහොමද කියන එකය.

මේ රාජපක්ෂ මාධ්‍ය මාෆියාව, රනිල්ගේ ඇම, රාජපක්ෂලාගේ අවතාර මැද සජිත් කොහොම හරි පක්ෂය කඩන්න දෙන්නේ නැතුව රැකගෙන සිටී. සජිත්, රනිල්ට කලින් දුවලා ගිහින් අගමැති ධුරය ගත්තා නම් සජිත් ජනාධිපති වෙන්නේ නැත. එහෙනම් ගොඩ යන්නේ ගෝඨාය. ගෝඨා අදටත් ජනාධිපතිය. සජිත් ඇතුළු විපක්ෂයෙන් අයි.එම්.එෆ්. ගොඩදමාගෙන ජාත්‍යන්තරය ගොඩදමා ගෙන ගෝඨා සජිත්ට ගහලා පන්නනවා මිසක් සජිත්ට ජනාධිපති වෙන්න බැරිය. සජිත් එදා අගමැතිකම භාරගත්තා නම් අරගලය සටන මොට කරගෙන අකුළාගෙන යන්නේ එදාමය. සජිත් බැලුවේ මාස කිහිපයකට රාජපක්ෂලාගේ පිහිටෙන් අගමැති වෙන්න නොව 2024 මහජන වරමකින් ජනාධිපති වෙන්නටය. අද රනිල්ගේ ආණ්ඩුවේ ඇමැතිකම් භාරගන්න අයටත් වෙන්නේ රාජපක්ෂලාගේ පිහිටෙන් ඇමැතිකමේ සිට 2024 දේශපාලනයෙන් විශ්‍රාම යන්නටය.

‘රාජපක්ෂලාගේ පිහිටෙන් මාස කිහිපයකට ඇමැතිවරු වෙනවාද? මහජන වරමෙන් ශක්තිමත් ආණ්ඩුවක ප්‍රතිපත්ති රකිමින් වසර 05කට ඇමැතිවරු වෙනවාද…?’

අද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු තීරණය කළ යුත්තේ ඒකය.

‘රාජපක්ෂලාගේ පව් ඇදලා රනිල්ගේ ආණ්ඩුවේ නන්නත්තාර වෙනවාද…?’

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු තමන්ගෙන්ම අහන්න ඕනෙ ප්‍රශ්නය ඒකය. අද පක්ෂ නායකයෝ අතරමංය. රනිල් මොන පක්ෂයේ නායකයාද කියා හොයන්න බැරිය. මහින්ද මොන පක්ෂයේ නායකයාද කියා හොයන්න බැරිය. අද ඉන්නේ නායකයෝ දෙන්නෙකි. එක්කෙනෙක් සමගි ජන බලවේගයේ නායක සජිත්ය. දෙවැන්නා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාරය. 2024 ආණ්ඩුවයි විපක්ෂයයි බෙදාගන්නේ මේ දෙන්නාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සීතා එළියට! ගෝඨා පාර්ලිමේන්තුවට! අලුත් ආණ්ඩුවේ අගමැති ගෝඨා! EXCLUSIVE

Next Post

ගෝඨාගේ මිරිහානේ ගෙදර වටේට ආරක්ෂක වළල්ලක්! පොලිසියෙන් දැඩි රැකවල්!

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.