තම රට තදාසන්නයේ අසල්වාසී ප්‍රදේශවල සිදුවන දෑ සහ වර්ධනයන් තම රටේ ආරක්ෂාවට විශාල බලපෑමක් ඇතිකරන බැවින් ඒ පිළිබඳව නිසැකයෙන් උනන්දු වන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් පවසන්නේ.
චීනයට අයත් Yuan Wang – 5 නෞකාවෙන් කිසිදු තුන්වන රටකට බලපෑමක් ඇති නොවන බවත් ඊට බාධා නොකරන ලෙසත් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin කළ ප්‍රකාශයට පිළිතුරු ලෙසයි ඉන්දියාව මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ.
තායිලන්තයේ බැංකොක් නුවර පැවති ඉන්දු – තායිලන්ත ඒකාබද්ධ කොමිසමේ 9 වන සැසිවාරයේ මාධ්‍ය හමුවේ දී යි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මේ බව පවසා ඇත්තේ.
“අප රට තදාසන්නයේ අසල්වාසී ප්‍රදේශවල සිදුවන දෑ සහ වර්ධනයන් අපේ රටේ ආරක්ෂාවට විශාල බලපෑමක් ඇතිකරන බැවින් අපි නිසැකයෙන්ම ඒ පිළිබඳ උනන්දු වනවා. මට මතකයි අපගේ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා මීට පෙර ප්‍රකාශ කළා අපි නියත වශයෙන්ම එවැනි වර්ධනයන් පිලිබඳ අධීක්ෂණයෙන් පසුවන බව. ඒ පිළිබඳ ඇත්ත වශයෙන්ම අපි උනන්දුවෙන් සහ පරීක්ෂාවෙන් පසුවනවා” යි ඔහු සඳහන් කරනවා.










