ඩොලර්වලට, රුපියල්වලට, වරප්‍රසාදවලට යටවී සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයකු වත්මන් ආණ්ඩුවේ ඇමැති ධූර නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සජබ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වන බවට මේ වනවිට සැලසුම්ගත දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් දියත් කර ඇති බවත්, එම ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් විපක්නායකවරයා පෙන්වා දුන්නේය.
ජනතාව බලාපොරොත්තු වන්නේ එවැනි තැන්තැන්වලින් ඇහිදගත් පාලනයක් නොව, ජනතා ප්‍රශ්නවලට විසදුම් දෙන සියලු දෙනාටම පිළිගත හැකි වැඩපිළිවෙළක් බවද ඒ මහතා අවධාරණය කිර සිටියේය.
මේ සූදානම් වන්නේ ජනතා අභිලාෂයන්ට එරෙහිව ගොස් සල්ලිවලට මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ පරණ පුරුදු සෙල්ලමම සිදු කිරීමට බවත්, ඊට සජබය කිසිදු අයුරකින් දායක නොවන බවත්, විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.










