• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

1999 දෙසැම්බර් අනෝජා වීරසිංහගේ නිවෙසට බෝම්බ ගසා ගිනි තැබූ කතාව අවුරුදු 23කට පසු අනෝජා සංවේදීව රටට හෙළිකරයි…

August 19, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
1999 දෙසැම්බර් අනෝජා වීරසිංහගේ නිවෙසට බෝම්බ ගසා ගිනි තැබූ කතාව අවුරුදු 23කට පසු අනෝජා සංවේදීව රටට හෙළිකරයි…
Share on WhatsAppShare on Facebook

වෑවගේ අනෝජා කාන්ති ඩෙව් වීරසිංහ. ඒ නම අපට නුහුරුයි. නමුත් ඇගේ රුව දුටු සැණින් අපේ මතකය අලුත් වන්නේ, ‘මේ තමයි අනෝජා වීරසිංහ කියන ප්‍රවීණ, සම්මානනීය රංගන ශිල්පිනිය’ ලෙසින්. දශක තුනකට අධික කාලයක් ලාංකේය කලා කෙත බැබළවූ ඇය, සෙයිලම, මල්දෙණියේ සිමියොන්, කෙළිමඬල, සිරිමැඳුර වැනි විශිෂ්ට සිනමා නිර්මාණ ගණනාවකට රංගනයෙන් දායකත්ව දැක්වූවා. ග්‍රීක නාට්‍ය රචක යූරිපීඩිස්ගේ The Trojan Women නාට්‍යයේ සිංහල පරිවර්තනය වූ ‘ට්‍රෝජන් කාන්තාවෝ’ හි ප්‍රධාන චරිතයට පණ පොවමින් ඇය දැක්වූ ප්‍රතිභාව අග්‍රගණ්‍යයි.
සරසවි සම්මාන, රාජ්‍ය සම්මාන, ජනාධිපති සම්මාන, වසරේ කාන්තාව, හොඳම නිළිය ආදී ඇගයීම් විශාල ප්‍රමාණයක්ද අනෝජා වීරසිංහ නාමය වෙනුවෙන් සනිටුහන්ව තියෙනවා.
ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට ආභරණයක් වූ ඇය, 90 දශකයේ අගභාගයේ මෙරට පැවැති දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන් දැඩි ලෙස පීඩාවටද පත්වූ චරිතයක්. ඒ අතර මොනරාගල පිහිටි ඇගේ නිවෙසට 1999 දෙසැම්බර් මාසයේදී බෝම්බ ගසා ගිනි තබන්නේත් එම දේශපාලන වියරුවේ ප්‍රතිඵලයක් ලෙසින්.

මේ සියලු පීඩාවන් විඳ දරාගනිමින් දශක කිහිපයක් නිහඬව සිටි අනෝජා, එදා තමන් අත්විඳි කටුක අත්දැකීම් එකින් එක රටට හෙළිකරන්නට පසුගිය දිනෙක පියවර ගත්තා. Breathe with Anoja යූටියුබ් නාලිකාවට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය සිදුකළ එම ආන්දෝලනාත්මක හෙළිදරව්ව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අපි මෙලෙස ඉදිරිපත් කරනවා.

1999 දෙසැම්බර් මාසෙ තමයි ‘ට්‍රෝජන් කාන්තාවෝ’ නාට්‍යය පෙන්නුවේ. යුද්ධයෙ තියෙන විනාශය පිළිබඳ අපි දිගින් දිගටම කියනකොට, යුද්ධය පවතින රටක අපට එය වඩ වඩාත් දැනුණා. ‘ගිනිගෙන දැවෙයි මාගේ දේශය’ කියලා අත් දෙක උඩට දික්කරනකොට මට ස්ටේජ් එක උඩ මැවිලා පේන්නේ ලංකා සිතියම. මට පේනවා මේ සිතියම ගිනිගන්නවා. ඒ වෙලාවට ඇත්තටම මම රඟපානව නෙවෙයි. ‘ට්‍රෝජන් කාන්තාවෝ’ නාට්‍යයෙ ගොඩක් වෙලාවට මම රඟපාන්නෙ නෑ. රටට වෙච්ච විනාශය, මැරෙන මිනිස්සු, අපේ හමුදාවෙ දරුවො, එල්.ටී.ටී.ඊ. ළමයි, දෙපැත්තටම මේ වෙන විනාශය මට දැනුණේ. මට ඒ ගැන දැඩි වේදනාවක් තිබුණා. 1999 ජනාධිපතිවරණය තිබ්බා ඒ අතර. අපි චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති වෙන වෙලාවෙ මම නම් සපෝට් කළේ නෑ. මම ඒ කාලෙ දේශපාලනයට ගියේ නෑ. නමුත් අපේ බොහෝ පිරිසක් ඇයට උදව් කළා. මොකද විජය කුමාරතුංග කියන අපේ ආදරණීය අයියගෙ බිරිය නිසා. කොටින්ම කියනවානම් විජය අයියා ජීවත් වෙන කාලෙ චන්ද්‍රිකාව දකින වෙලාවෙ අපි ‘අක්කා’ කියලා කතා කරන්නේ. අපිට අක්කා, අයියා කියන පුරුද්දක් තියෙනවනෙ. ඒ තරම් අපි ළං වෙලා හිටපු මිනිස්සු. පළමුවැනි ඡන්දෙ දිනුවට පස්සේ සිනමාවට වෙච්ච සෙතක් නෑ. සිනමාවෙ මහා කඩාවැටීමක් වුණා. ඉන් පස්සේ අපි බලාපොරොත්තු වුණු දේ නොවුණු නිසා රවී අයියලා ඇතුළු කලාකාරයො බොහෝ දෙනෙක් මේ ගැන කතා කළා. ඒ වෙලාවෙ මටත් ආරාධනා කළා මේ සටනට එකතු වෙන්න කියලා. මම හිතුවා ඔව් මේ සටන සිනමාව වෙනුවෙන් කරන්නේ කියලා. මමත් ඒ අයත් එක්ක එකතු වෙලා පෙළපාළිවලට, ලිප්ටන් වටරවුමෙ කරපු විරෝධතාවලට සම්බන්ධ වුණා.

අනෝජා අක්කගෙ යටිහිතේවත් බලාපොරොත්තුවක් තිබ්බෙ නැද්ද බාර් පර්මිට් එකක් ගන්න, සල්ලි උපයන්න එහෙම?

මට අප්පිරියයි ඒ ප්‍රශ්නෙ අහනකොටත්. ඒත් හැම කෙනාම එහෙමයි කියලා මට කියන්න බෑ. සැබෑවටම කලාවට ආදරෙන් ආපු අයත් හිටියා මා ඇතුළුව. ඊට පස්සේ අපේ කට්ටියට ගැහුවා. අඩන්තේට්ටම් කළා. ගම්පහදී අපිට එළව එළවා ගැහුවා. මිනිස්සුන්ගෙ ගෙවල්වලට රිංගලා තමයි අපේ හුඟක් අය බේරුණේ. ඒ වෙලාවෙ ඇත්තටම මට ගොඩක් තරහ ගියා. අපිට එතකොට වේදිකාවක් හදාගන්න තිබ්බෙ විපක්ෂය. මේක හරි තීන්දුවද, අපි හරි දේ නේද කළේ කියන එක අද මට ඇත්තටම හිතෙන දෙයක්. ලැජ්ජ හිතෙන දෙයක් තමයි හරි තැනද ගිහින් හිටගත්තේ කියන එක. අපේ හුඟක් අයට වෙන්නේ ඒක තමයි. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ පොරොන්දු වුණා මේ මේ දේවල් කරනවා කියලා. සුපුරුදු විදියට. මේගොල්ලො කළේ නෑ, නමුත් අපි කරනවා කියන එකනෙ කියන්නේ හැමදාම. ඒ පොරොන්දු ටික අපට දුන්නා. ඒ අනුව ඡන්දෙට ඉස්සෙල්ලා මම වේදිකාවට නැග්ගේ දවස් තුනයි. ඒ දවස් තුනේදි මං රැස්වීම් හතක කතා කළා. මගේ අවාසනාවට වෙන්න ඇති මගේ කතා ගොඩක් ජනප්‍රිය වුණා සහ ඒ කතා තමයි රූපවාහිනී නාලිකාවල සහ පුවත්පත්වල දිගින් දිගටම පළවුණේ. ඊට පස්සේ ඡන්දෙ ඉවර වුණා 18 වැනිදා. අපේ නාට්‍යයත් දෙසැම්බර් 08 වැනිදා පෙන්නුවා. දෙසැම්බර් මාසෙ 25 වැනිදා නත්තල් දවසේ මම කොළඹ. ඊට ඉස්සෙල්ලා මට දුරකතන ඇමතුම් එනවා. ඒවා කියන්න බෑ. සමහර කටහඬවල් මම අඳුනගත්තා. මේ අවස්ථාවේ ඒ නම් කියන එකෙන් මම වළකිනවා යම් හේතුවක් මත. ඒ කතා කරපු අය මගේ ක්ෂේත්‍රයට සම්බන්ධ අය වෙන්නත් පුළුවන්, සමහර විට දේශපාලනයට සම්බන්ධ අය වෙන්නත් පුළුවන්. මේ රටේ ජනාධිපති හරි ඇමැති කෙනෙක් හරි කතා කරන හඬ අපට රේඩියෝ එකෙන් ඇහුණත් ඒ කවුද කියලා අපට අඳුනගන්න පුළුවන්නෙ. ඒ නිසා කොයි ක්‍රමයකින් හරි අඳුනන කටහඬවල්වලින් මට ඉතා නින්දිත විදියට බැණවැදුණා. එක දවසක් මේ විදියට කෙනෙක් කතා කරලා මම කෝ කියලා බැණලා ඇහුවා. මම කටහඬ පුහුණු කරන ගුරුවරියක්. මම එක එක කටහඬවලින් කතා කරන්න පටන් ගත්තා. තව දවසක් මගේ ගල්කිස්සෙ ගෙදරට එහෙම ඇමතුමක් ආවා. ඒ වෙලාවෙ මම ගෙදර වැඩකරන කෙනා වගේ ‘නෝනා ඡන්දෙ දාන්න මොනරාගල ගියා, තාම ආවෙ නෑ’ කියලා කිව්වා. ඒ කියලා දවස් දෙකතුනකට පස්සේ අපේ මොනරාගල මහ ගෙදරට මහ රෑ ගිහිල්ලා ටී-56 තුවක්කුවකින් වෙඩි තියලා තිබ්බා. ඒ වෙඩි තියපු බිත්තිය හරියට පෙනේරයක හිල් වගේ. අපේ ගෙදර ඉස්සරහ බිත්තියට වෙඩි වරුසාවක් තියලා තිබුණා. පතුරම් හැම තැනම වැටිලා තිබිලා තියෙනවා.

ඒක වුණාට පස්සේ මගේ දුව දිල්කි හුඟක් බයවුණා. මම ඒ දවස්වල ලක්නව්වල භාත්කණ්ඩ ඩිප්ලෝමා විභාගයට සූදානම් වෙනවා. දිල්කි මට කිව්වා ‘අම්මි ඉන්න එපා. මං කියන දේ අහන්නෙ නැතුව වේදිකාවට නැග්ගා. දැන් වත් මම කියන දේ අහන්න. අම්මි විභාගෙට යන්න. ගිහින් එහෙ ඉඳන් විභාගෙට වාඩිවෙන්න’ කියලා. මම ලක්නව්වලට ගියා. ගිහින් ජනවාරි 02 වැනිදා මම පන්ති යන්න ලෑස්ති වෙනවා. එතකොට මට කෝල් එකක් ආවා දුවගෙන්. මගෙන් ඇහුවා මොනරාගල ගෙදර වටින දේවල් තිබුණද කියලා. මගේ සිනමා ජීවිතේ මම ඇඳපු ඇඳුම්, සපත්තු, ආභරණ, සිනමා පිටපත්, මගේ ෆිල්ම්ස් ටික, මගේ පුස්තකාලය, අත්ට්‍රැක්ටර්, යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් තිබුණා. මේවා මිල කරන්න පුළුවන්ද? කෝටි ගණනක් දුන්නත් ඒවා නැවත ගන්න පුළුවන්ද? ඒ මිල කළ නොහැකි විශාල ප්‍රමාණයක් ඒ ගෙදර තිබුණා. ඉතින් මම දුවට කිව්වා පුතේ ගොඩක් වටින දේවල් තිබුණා. මට ඒ වටිනාකම කියන්න බෑ කියලා. ඒ ටික ඔක්කොම අහගෙන ඉඳලා දුව කිව්වා, ‘අම්මි කලබල වෙන්න එපා, ගෙට ගිනි තිබ්බා’ කියලා. ඒ වෙලාවෙ මට හිතාගන්න බැරිව ගියා. මාව ඇඳ උඩ ඉන්දවුණා. මට ඇඬුණා. පස්සේ මම කල්පනා කළා දැන් අඬලා වැඩක් නෑ. මගේ පන්තියෙ සර් ප්‍රොෆෙසර් කේ.කේ. කපූර් මම එනකල් බලාගෙන ඉන්නවා. මම ගිහින් පැය දෙකක මගේ සංගීත පාඩම ඉවර කළා. ඊට පස්සේ මම සර්ට කිව්වා ‘සර් මගේ ගේ දැන් ගිනි තියලා කියලා දුව මට දැන් කිව්වා’ කියලා. ඇත්තටම සර් පුදුම වුණා ඔයා මේ සින්දු කිව්වේ ඒක වෙලා තියෙද්දිද කියලා. මම කිව්වා ‘ඔව් සර්, මට ඕනෙ වුණේ මගේ හිත ඇතුළේ තිබුණු පීඩනය අතහැර ගන්න. දැන් මට සැහැල්ලුවක් දැනෙනවා’ කියලා.

ඊට පස්සේ ජැක්සන් ඇන්තනී ඇවිල්ලා හිටියා බොම්බායට. ජැක්සන් මට කෝල් එකක් දුන්නා. මං ජැක්සන් එක්ක මේ ගැන හරියට කතා කළා. මට හරි දුකයි. මම එහෙම කියනකොට ජැක්සන් කිව්වා ඔයා කියන දේ ටයිප් කරලා මම ඉන්න හොටෙල් එකට ෆැක්ස් කරන්න කියලා. මම කිව්වා මට මේක පත්තරවලට කියන්න ඕනෙ කියලා. ඊට පස්සේ මගේ අත්අකුරෙන් ලියපු ලියුමක් මම ජැක්සන්ට ෆැක්ස් කළා. ජැක්සන් ඊට පස්සේ ඒක පත්තරවලට බෙදලා තිබුණා. ඒක පුවත්වල පළවුණා. මට වෙච්ච විනාශය ගැන පුවත්පත්වල ගොඩක් විස්තර පළ කළා. ඒ පුවත්පත් මට විශාල සහයෝගයක් දුන්නා. නමුත් සිනමාවෙ මා වෙනුවෙන් එදත් පෙනීහිටියෙ ජැක්සන්, ධර්මසිරි (ධර්මසිරි බණ්ඩාරනායක) අයියා, රවී (රවීන්ද්‍ර රන්දෙණිය) අයියා වගේ කිහිප දෙනෙක් පමණයි. අනෙක් අය මුණිවත රැක්කා. ඒක හරි පුදුමයි. මෙවැනි අසාධාරණකම් දැක දැක මුණිවත රකින මිනිස්සු ඉන්න රටක් මේක.

දැන් මම ලංකාවට එන්න ඕනෙ ‘ට්‍රෝජන් කාන්තාවො’ පෙබරවාරි මාසෙ පෙන්නන්න තියෙනවා. ධර්මසිරි අයියට දුව අඬ අඬා කියලා තියෙනවා, ‘අනේ අංකල් මගෙ අම්මව මරයි, ෂෝ එක කැන්සල් කරන්න’ කියලා. ඒ අතරතුර ලෝකෙ බොහොම බලවත් රටවලින් මට කතා කරලා කියනවා දේශපාලන රැකවරණ ලබාගන්න අවස්ථාව හදලා දෙන්නම්, රටින් පිටවෙන්න කියලා. මට ඒක ඕනෙ වුණේ නෑ. මැරෙන්න හරි මගේ රටට එන්නයි මට අවශ්‍ය වුණේ. මම දුවටත් කිව්වා ‘මං පරිස්සමෙන් ඉන්නම්, කොහෙ හරි හැංගිලා හරි ඉන්නම්. මට වෙන කොහෙවත් රටකට යන්න බෑ’ කියලා. ඊට පස්සේ ධර්මසිරි අයියා පෙබරවාරි මාසෙ ෂෝ එක පෙන්නනවා කියලා කියනකොට මම කිව්වා මම එනවා කියලා. එතකොට ධර්මසිරි අයියා කිව්වා මම එයාපෝර්ට් එකෙන් ඔයාව ගන්න ලෑස්ති කරන්නම් කියලා. අනෙක් සියලු නළු නිළියන් (මීනා කුමාරි, යශෝධා විමලධර්ම) ඇතුළු පිරිස කියලා තිබුණා අපි මැරෙනව නම් එකට මැරෙමු කියලා. මොකද ඒ වෙනකොට ලයනල් වෙන්ඩ්ට් එකට වෝර්න් කරලා තිබුණා ‘ට්‍රෝජන් කාන්තාවො’ පෙන්නුවොත් බෝම්බ ගහනවා කියලා. ඒ වෙනකොට ධර්මසිරි අයියා තීන්දුවක් අරගෙන තිබුණා නාට්‍යය පෙන්වනවා කියලා. ඒකට මමත්, සියලු නළු නිළියොත් එකඟ වුණා.

මම ලංකාවට එනකොට හරි පුදුමයි. අපේ කිට්ටුම අය උදව් නොකළට කස්ටම් ඔෆිසර්ස්ලා, ඉමිග්‍රේෂන් ඔෆිසර්ස්ලා දුවගෙන ඇවිත් මගේ පාස්පෝට් එකට සීල් එක ගැහුවෙ ‘ඕක අරගෙන ඉක්මනට යන්න’ කියලා. මගේ බෑග් එක ඉක්මනට අරගෙන දුන්නා ඒ කට්ටිය. ඉක්මනට එයාර් පෝර්ට් එකෙන් පිටවෙන්න කියලා ඒ අය මට කිව්වා.

ඒ වෙද්දී ධර්මසිරි අයියා වාහනයක් අරගෙන ඇවිල්ලා හිටියා. මාව නිදිකරවා ගත්තා වාහනේ බිම. මාව පේන්න අරගෙන ගියේ නෑ. මම දන්නෙ නෑ ධර්මසිරි අයියා මාව අරගෙන ගියෙ කොහෙටද කියලා. ගේට්ටුවක් ඇතුළට ගියාට පස්සේ තමයි මට කිව්වේ නැගිටින්න කියලා. මූදෙ සද්දෙ ඇහුණා. පස්සේ මම දැනගත්තා ඒ උස්වැටකෙයියාවෙ යාළුවෙක්ගෙ ගෙදර කියලා. මට කිව්වා දෙමළ මනුස්සයෙක් ඉන්නෙ මේ ගේ බලාගන්න. ඔයා එයා එක්ක සිංහලෙන් කතා කරන්න එපා, ඉංග්‍රීසියෙන් කතා කරන්න කියලා. මම ඉන්දියාවෙ ඉඳලානෙ ආවෙ. ඉතින් මම පොට්ටුවක් එහෙම තියාගෙන, එයා එක්ක ඉංග්‍රීසියෙන් කතා කළා. දවස් තුනක් විතර ගියාට පස්සේ මේ මනුස්සයා මගෙන් අහනවා දැන් කරදර ටික ඉවරයිද කියලා. ඒ මනුස්සයා මම කවුද කියන එක සම්පූර්ණයෙන්ම දැනගෙන තමයි මට උදව් කරලා තියෙන්නේ.

දැන් ට්‍රෝජන් පෙන්වන දවස උදාවුණා. මගේ ජීවිතේ මට අමතක නොවන රංගනය කරපු දවස. ඒ වෙනකොට අර්ජුන රණතුංග තමයි ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. අර්ජුන මල්ලි මට කතා කළා. මම ඔහු සමග කිට්ටු ඇසුරක් තිබුණේ නෑ. ඔහු ක්‍රිකට් කැප්ටන් විදියට මම ඔහුව දන්නවා, මම නිළියක් හැටියට ඔහු මාව දන්නවා, දැක්ක තැන කතා කරනවා. එහෙම ඇසුරක් පමණයි තිබුණේ. ඔහු මට කතා කරලා කිව්වා, ‘අක්කේ අපේ ගෙදර ඇවිල්ලා ඔයා නවතින්න. ඔයා බයවෙන්න එපා’ කියලා. මම කිව්වා ‘නෑ මෙතැන ආරක්ෂිතයි’ කියලා. ඔහු කිව්වා ක්‍රිකට් කණ්ඩායමේ ගොඩක් දෙනෙක් එනවා නාට්‍යය බලන්න කියලා. මට සහයෝගයට අර්ජුන රණතුංග ඇතුළු ක්‍රිකට් කණ්ඩායමේ බොහෝ පිරිසක් එදා ආවා ‘ට්‍රෝජන් කාන්තාවෝ’ නාට්‍යය බලන්න.

නාට්‍යයේ මගේ රංගනය සිදුවෙන්නේ වේදිකාවෙ ඉදිරිපස කොනක. මම තනියම එතැන හිටගෙන ඉන්නේ ගොඩක් වෙලාවට. පිටිපස්සේ ඔක්කොම දේවල් සිදුවෙද්දී මම ඉදිරිපසම ඉන්නවා. ශාලාවෙ ගොඩක් ප්‍රේක්ෂකයො හිටගෙන හිටියෙ. ඒ අය එහාට මෙහාට හෙලවෙනකොට මම හිතනවා දැන් මට වෙඩි තියයි කියලා. එහෙම තත්ත්වයක් තුළ නාට්‍යයේ පිටු තුන හතරේ දෙබස් මට පාඩම් හිටීයිද? මම එකපාරටම හිතාගන්නවා හොඳයි කමක් නෑ, නිළියකට මැරෙන්න තියෙන හොඳම තැන තමයි වේදිකාව. මාව මරාපු දෙන් මේ වේදිකාව උඩ, ඒක හොඳ මරණයක් කියලා මම හිත හදාගන්නවා. එහෙම රඟපානවා මම. මම මුළු නාට්‍යයම රඟපෑවෙ, ‘මට දැන් වෙඩි තියයි, දැන් වෙඩි තියයි’ කියන හැඟීම ඇතුව. නාට්‍යය ඉවර වුණා විතරයි රවී අයියලා ඇවිත් මාව බදාගත්තා. මගේ තිබුණු පීඩනය පිටවුණා. මම මහා හයියෙන් කෑගහලා ඇඬුවා ඒ වෙලාවෙ. ඊට පස්සේ තමයි මම සම්පූර්ණ සිද්ධිය හරියටම හොයාගත්තේ. එතෙක් මට හොයාගන්න බැරි වුණා.

ඔබේ මුළු දේශපාලන ජීවිතයම දවස් තුනයි. පැය 72ක් පමණයි. ඒ වගේ කෙටි දේශපාලන ජීවිතයක් තියෙන ඔබ වගේ කෙනෙකුට මේ විදියෙ මරණ තර්ජන එල්ල වෙන්න හේතුව මොකක්ද?

ඒක හොඳ ප්‍රශ්නයක්. මෙතෙක් කාලයක් දේශපාලනය කරපු එකම එක්කෙනා මම නෙවෙයිනෙ. හැබැයි ආපස්සට හැරිලා බලනකොට වරින් වර දේශපාලනයේ යෙදීම නිසා බොහෝ අය ඝාතනය වෙලා තියෙනවා. මාධ්‍යවේදීන්, රංගන ශිල්පීන් විවිධ අය ඝාතනය වෙලා තියෙනවා. ඒ අයට හිරිහැර වෙලා තියෙනවා. මට අහන්න ලැබුණා බොහොම කිට්ටුවෙන් හිටපු සමහර අය කියපු දේවල්. ඔය දේශපාලන නායක නායිකාවන්ට, ප්‍රධාන පෙළේ කට්ටියට ළං වෙලා හිටපු සමහර අයට ඒගොල්ලොත් එක්ක තිබුණු ගනුදෙනුවලදී තමන් ඒගොල්ලන්ට පක්ෂපාතී බව පෙන්නන්න, තමන් කළ වැරැදි වහගන්න ඒ අය කරපු යම් ක්‍රියාකාරකම් මට මේ විදියට තර්ජන එල්ල වෙන්න හේතු වුණා කියලා මම හිතනවා. උදාහරණයක් විදියට කියනවා නම්, කවුරුන් හෝ කාන්තාවක් ඉතා අසභ්‍ය වචනයෙන් එම නායක නායිකාවන්ට බණින ඕඩියෝ කැසට් පටයක් රෙකෝඩ් කරලා ගෙනිහින් දීලා මේ අනෝජා වීරසිංහ බණින විදිය බව කියලා තියෙනවා. ඒ කියපු තැනැත්තා කිව්වේ මේ නායකයන් නායිකාවන් හැන්දෑවෙ හොඳටම බීලා මෙලෝ සිහියක් නැතුව ඉන්න අවස්ථාවක තමයි මේ කැසට් එක දාලා පෙන්නලා තියෙන්නේ කියලා. ඒ ක්ෂණයෙන්ම කියලා තියෙනවා ගිහිල්ලා නැතිකරලා දාපං, ගිනි තියලා දාපං කියලා. ඒ විතරක් නෙවෙයි දීලා තියෙන ඕඩර් එක තමයි මාව දූෂණය කරලා මරන්න කියලා. ඒකට හේතුව තමයි ඡන්දෙ දාන්න මම මොනරාගල ගියා කිව්වම හිතලා තියෙන්නේ මම මොනරාගල ගෙදර ඉන්නවා කියලා. ඒකයි කොළඹ ගෙදරට එන්නෙ නැතුව ඔවුන් මොනරාගලට ගිහින් තියෙන්නේ. එතැනට යවලා තියෙන්නේ නම අහන්නත් බය හිතෙන ඉතා දරුණු අපරාධ කළා කියලා අපි මාධ්‍යවලින් අහල තියෙන සීසර් කපිල, වම්බොට්ටා, ආමි සුරංග වගේ නම් තියෙන අය. ඒ නම් පුවත්පත්වල පළවුණා. ඒ අය පාපොච්චාරණය කරලා තියෙනවා අපි තමයි අනෝජා වීරසිංහගෙ ගේ ගිනි තියන්න ගියේ. අපිට දීපු ඕඩර්ස් මේවා කියලා. මම ඒවා දැනගත්තේ ඒගොල්ලන්ගෙ කටින්ම ඒවා කිව්වට පස්සේ.

ගේ ගිනිතියලා, සම්පූර්ණයෙන්ම ගිනි ගන්නකන් කාටවත් ඒ ගින්න නිවාගන්න බැරි වෙන්න විනාඩි 45ක් ඒගොල්ලො හිටියා කියලා එතැන හිටපු මගේ ළමයි කිව්වා. මම ඒ ගෙදර වැඩකරන අයට කතා කරනකොට ඒ අය කියනවා ‘කිසි දෙයක් නෑ නෝනා ඔක්කොම පිච්චුණා. බිත්ති ටික විතරක් තියෙනවා’ කිව්වා. මම දැන් හිත හදාගන්න ඕනෙ. මොකද පොලිසියේ එන්ටි්‍ර එක ළමයි දැම්මට මගේ කටඋත්තරයත් එක්ක ඒක ඉවර කරන්න ඕනෙ. ඒකට මම ගිනිගත්ත ගේ බලන්න ගිහින් ඒ කටඋත්තරය දෙන්න ඕනෙ. මම ඉතින් ගියා. මම හැදිච්ච වැඩිච්ච ගේ නිසා මට හරි අමාරුයි. වාහනය වත්තට ඇතුළු වෙනකොට මම දැක්කා ගේ. වහලයක් නැති ඇටසැකිල්ලක් වගේ කාමර පහක ලොකු ගේ. මම රොබෝ කෙනෙක් වගේ ඇවිදගෙන ගියේ ගේ ඇතුළට. මම ඒ පඩිපෙළට අඩිය තියනකොටම මම එකපාරට දැක්කේ එල්ලිලා තියෙන බුදු පින්තූරයක්. ඒ බුදු පින්තූරෙ මට අද වගේ මතකයි පොඩ්ඩක් ඇලවෙලා තිබුණේ. මම එතැන ටිකක් නැවතුණා. ගෙයි වහලෙට නැගලා පෙට්‍රල් දාලා ගෙට ගිනි තියලා තිබුණෙ. බුදු පින්තූරෙට යටින් මම සරස්වතී පින්තූරයක් ගහලා තිබුණා. ඒ බිත්ති ඔක්කොගෙම තිබුණා මගේ චිත්‍රපටවල පින්තූර. ඒ එක පින්තූරයක්වත් ඉතිරි වෙලා තිබුණෙ නෑ. බුදු පින්තූරෙට යටින් තිබුණු සරස්වතී පින්තූරයත් පිච්චිලා තිබුණා. ගින්දර උඩින් ඇවිත් තිබුණේ. බුදු පින්තූරයත් පහුකරගෙන ගිහින් සරස්වතී පින්තූරෙ පිච්චුණේ කොහොමද? සරස්වතී රූපෙ පිච්චෙනකොට බුදු පින්තූරෙට ඇවිළුණේ නැත්තේ ඇයි? අදටත් මට උත්තර නැති ඒවා.

හැබැයි මට එක උත්තරයක් තියෙනවා. මම හුඟක් සාකච්ඡාවල මේක කියලා තියෙනවා. මගේ ජීවිතේ මට ලැබුණු හොඳම ගුරුවරිය තමයි චන්ද්‍රිකා කුමාරතුංග. ඇයට කියන්න පුළුවන් මේක කළේ මම නෙවෙයි කියලා. ඇය එහෙම කියලා තිබුණා. හැබැයි ඇයට නිදහස් වෙන්න බෑ. ඒ වෙලාවෙ තිබුණේ ඇගේ රජය කියන එය ඇයට පිළිගන්න වෙනවා. ඇය දැන් ඇඟිල්ල දික්කරනවා නම් අනෙක් අයට, ඔබලාගෙ රජය කාලෙ සිදුවෙන දේවල්වලට ඔබ වගකියන්න ඕනෙ කියලා. එහෙම නම් මගේ ගේ ගිනිතැබීම ගැන චන්ද්‍රිකා කුමාරතුංග ඒ වගකීම භාරගන්න ඕනෙ. ඇයගේ රජය යටතේ ඒක සිදුවුණු නිසා. ඒ නිසා මම ඇඟිල්ල දික්කරනවා මට හමුවුණු හොඳම ගුරුවරිය ඇයයි. ඇය අද ඉන්න තත්ත්වය දැක්කාම මට දැනෙන්නේ අප්‍රමාණ කනගාටුවක්. ඇය වටා හිටපු කිසි කෙනෙක් නෑ. ඇය සම්බන්ධ වුණු බොහෝ දේවල් අද ඇය පසුපස හඹාගෙන එනවා. තැනකට ගියාම ඇයට ‘හූ’ කියනවා. කිසි කෙනෙක් ඇයව පිළිගන්නෙ නෑ. අපි තැනකට ගියාම මිනිස්සු වැලඳගන්නවා. අපට ආදරෙයි. කොට්ටෙට ඔළුව තියපු ගමන් මට හොඳට නින්ද යනවා. මගේ හිතේ කිසිම ප්‍රශ්නයක් නෑ. මම හිතේ සැනසීමෙන් ඉන්නවා. මොකද ඒ බුදු පින්තූරෙ මට ගොඩක් පාඩම් ඉගැන්නුවා. ඒකයි මම කියන්නේ ඇය මගේ ගුරුතුමිය කියලා. බොහෝ දෙනෙකුට උගන්වන්න බැරි පාඩම මොකක්ද? කිසි දෙයක් මට අයිති නෑ, හැම දේම විනාශ වෙලා යනවා කියන පාඩම ඇය මට ඉගැන්නුවා. මම කැමැතියි මේ අවස්ථාවෙ මෙන්න මේ දේ කියලා සාකච්ඡාව අවසන් කරන්න. මෙන්න මේ පාඩම මම කියන්නේ චන්ද්‍රිකා කුමාරතුංගට විතරක් නෙවෙයි. මේ රටේ දේශපාලනය කරන හැම කෙනෙක්ම මේ වචන ටික නැවත නැවත අහන්න. ඔබලා රටවල්, මිනිස්සු විනාශ කරගෙන යන මේ ගමන අවසානයේ ඔබලාට සිද්ධ වෙන්නේ මෙන්න මේ දේ කියලා. මේක අවුරුදු 3000කට කලින් යූරිපීඩිස් ලියපු, ධර්මසිරි බණ්ඩාරනායක සිංහල නාට්‍යයකට නඟපු ‘ට්‍රෝජන් කාන්තාවෝ’ නාට්‍යයේ දෙබසක්.

‘නුවරක් දිනන්නට
එම නුවර වනසා
එහි වෙසෙන දන නසා
බැති පුද ලබන දේව පුදසුන්ද
මළවුන් නිසලව සැතපෙනා
සොහොන් කොත්ද
වනසාලන යම් අමනයකු වේද,
සිදුකරන්නේ හෙතෙම,
තමා වටා කතරක් ඉදිකොට
ඌද තනිවී නැසී යෑමය…’



සැකැසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

ආරක්ෂාවට බලපෑමක්! අපි උනන්දුවෙන්! චීන නැව ගැන ඉන්දියාව පළමු ප්‍රතිචාරය දක්වයි!

Next Post

පාස්කු ප්‍රහාරය හොයන්න බ්‍රිතාන්‍යය සහාය ගන්න බවට රනිල් කියා මාසයක් ගියත් තවම කිසිම ඉල්ලීමක් කරලා නෑ!

MORE NEWS

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News
Exclusive

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

Load More
විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News
Exclusive

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම...

Read more
කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.