• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වන ජීවිය කොටියට කළේ මහදැනමුත්තා එළුවාට කළ වැඩේමද?

August 16, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
වන ජීවිය කොටියට කළේ මහදැනමුත්තා එළුවාට කළ වැඩේමද?
Share on WhatsAppShare on Facebook

මෑත කාලයේ වන ජීවීන්ට සිදුවුණු තාඩන පීඩන එමටය. එවන් සිද්ධීන් කිහිපයක් පසුගිය සති දෙක තුන තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින්ම වාර්තා විය. එක් සිද්ධියක් වූයේ හැටන් ප්‍රදේශයේ පසුගියදා සිදුවුණු කඳුකර කොටියාගේ මරණය. මෙවැනි සිද්ධීන් මීට පෙරත් වාර්තා වුණත්, මේ සිද්ධිය තරමක් වෙනස් ආකාරයක් ගනී. මද්දකට හසුවුණු කඳුකර කොටියෙක් ගස් දෙබලක සිරවී සිටියදී එම සතා බේරාගැනීමට වනජීවීය සිදුකළ මෙහෙයුම අසාර්ථක වීම ඊට හේතුව වුණා. මෙවැනි සිදුවීම් මීට පෙරද වාර්තා වී තිබුණද, ඒ පිළිබඳ එක් එක් පාර්ශ්වයන් විවිධ කරුණු දැක්වීම් කළත් අවසානයේ සිදුවූයේ වනජීවී දෙපාර්තමේන්තුව සිදුකරන මෙහෙයුම්වලින් වැඩි ප්‍රමාණයක් අසාර්ථක වීම බව තහවුරු වීමයි. ඒ පිළිබඳ විවිධ කාරුණු කාරණා වාර්තා වුණත් අවසානයේ සිදුවණේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ කඳුකර කොටියකුට මරණයට පත්වීමට සිදුවීමයි. මේ සිදුවීම සම්පූර්ණයෙන්ම මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස සඳහන් කිරීම නිවැරැදියි. කඳුකර වතු ආශ්‍රිත ප්‍රදේශවල සතුන් දඩයම් කිරීමේ අරමුණෙන් මදු තැබීම නිරන්තරව සිදුවන බව වාර්තා වෙනවා. එම සතුන් බේරා ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව පැත්තෙන් කටයුතු කෙරුණද ඒවා අසාර්ථක වූ පසු ඔවුන් තම නිදොස් බව දැක්වීම සඳහා සිදුකරන ප්‍රකාශවල සාධාරණීකරණය කළ නොහැකි කරුණුද අඩංගු වීම සැඟවිය නොහැකි තත්ත්වයක්.

මෙවැනි වටපිටාවක කඳුකර කොටි සංරක්ෂණය කිරීම සඳහා බලධාරීන් හා එක්ව ‘යාල ලෙපර්ඩ් ඩයරි’ වැනි ස්වේච්ඡා සංවිධාන දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් කඳුකර වතු ආශ්‍රිතව කර තිබීම අගය කළ යුතුයි. පසුගියදා හැටන් ප්‍රදේශයේ නිවෙසක වහලයක් කඩාගෙන නිවෙස තුළට ඇද වැටුණු කඳුකර කොටියා නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවූයේද එවැනි දැනුවත් කිරීම්වල ප්‍රතිඵලයක් ලෙසයි. ඊට අමතරව තවත් මෙවැනි විවිධ උපද්‍රවයන්ට ලක්ව සිටි කඳුකර කොටින් 08 දෙනකුගේ ජීවිත බේරාගැනීමට මේ හරහා පසුගිය මාස කිහිපය තුළදී හැකියාව ලැබී තිබෙනවා. මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් එම සතුන් විවිධ අනතුරුවලට ලක්වුණද, ඉහත සඳහන් කළ ස්වේච්ඡා සංවිධානය වැනි ආයතන සිදුකරගෙන යන දැනුවත් කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස කඳුකර කොටින් බේරාගැනීමට හැකියාව ලැබී තිබීම සතුටට කරුණක්.

යම් වන ජීවියකු සම්බන්ධයෙන් සිදුවීමක් වාර්තා වූ සැණින්, හරි වැරැද්ද නිසි පරිදි නොසොයා, ඊට අදාළ කුමන හෝ පාර්ශ්වයකට ඇඟිල්ල දිගුකිරීම අපේ සමාජයේ සාමාන්‍යයෙන් සිදුවන ක්‍රමවේදයයි. නමුත් අදාළ සිදුවීමට හේතු රාශියක් බලපාන බව සියලු දෙනා දැනගත යුතු කරුණකි. වනජීවී දෙපාර්තමේන්තුවේ පවතින සම්පත් හිඟය, පුහුණු නිලධාරීන්ගේ හිඟය, ප්‍රවාහන පහසුකම් අවම වීම, පශු වෛiවරුන්ගේ හිඟය, මෙහෙයුම් පිළිබඳ නිසි ක්‍රමවේදයන් නොමැති වීම මෙහිදී ප්‍රධාන දුර්වලතා ලෙස හඳුනාගත හැකියි. ඉහත දුර්වලතා නිදහසට කරුණු නොවන අතර, වනජීවී දෙපාර්තමේන්තුව පරිපාලනය කරන බලධාරීන්ගේ වගකීම වන්නේ එම අඩුපාඩු නිසි පරිදි සම්පූර්ණ කර දීමයි. නමුත් එම අඩුපාඩු එසේම තිබියදී, වන සතකුට යම් අනතුරක් සිදුවූ විට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ වනජීවී දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන්ට චෝදනා කිරීම අසාධාරණය. එසේ වුවද කොතරම් අඩුපාඩු තිබුණත් දෙපාර්තමේන්තුව සතුව තිබෙන අවම සම්පත් උපයෝගී කරගෙන එම නිලධාරීන් සිදුකරන කාර්යභාරය අගය කළ යුතුය.

අප රටට ආවේණික ඒක දේශික සත්වයකු වන කඳුකර කොටියා සංරක්ෂණය කිරීම ජාතික අවශ්‍යතාවකි. ශ්‍රී ලංකාවට තිබෙන දැඩි සංචාරක ආකර්ෂණය මෙවැනි දුර්ලභ වන සතුන් සංරක්ෂණය කිරීම හරහා තවත් වැඩිකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එසේ වුවද එම අරමුණ මුදුන් පමුණුවා ගැනීම සඳහා වනජීවී අමාත්‍යාංශය මට්ටමින් සාධනීය වැඩපිළිවෙළක් නිර්මාණය වී තිබෙනවාද යන්න ජනතාව තුළ ඇති ප්‍රශ්නයකි. එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්ම වන්නේ නම් ඒ සඳහා වනජීවී සංරක්ෂණය සඳහා පිහිටුවා ඇති ස්වේච්ඡා සංවිධානවල සහ ජනතාවගේ සහයෝගයද නොඅඩුව ලැබෙනු ඇත.

කඳුකරය ආශ්‍රිතව වන සතුන් දඩයම් කිරීමේ අරමුණෙන් මදු තැබීම සහ උගුල් ඇටවීම මේ වන විට වැඩිවී ඇති බව පැහැලිව දැකගත හැකි කරුණකි. එම මදුවලට කඳුකර කොටින් වැඩි වශයෙන් හසුවීමද කනගාටුවට කරුණකි. තවද, කොටින්ගේ දත්, සම් වැනි දේට අධික වටිනාකමක් සමාජය තුළ නිර්මාණය වී තිබීම මත දඩයම්කරුවන් හරහා කොටින් මරාදැමීමට ජාවාරම්කරුවෝ පෙලඹී සිටිති. මෙවැනි තත්ත්වයක් තුළ ජාතික සම්පතක් වූ දුර්ලභ කඳුකර කොටියා රැකගැනීම රජයේත්, ජනතාවගේත් පරම වගකීමක් ලෙස සැලකිය යුතුය. ඒ සඳහා ස්වේච්ඡා සංවිධානවල සහායද ලබාගැනීම රජයේ වගකීමකි. වන ජීවීන් අනතුරට ලක්වූ මීට පෙර අවස්ථා කිහිපයකදීම ස්වේච්ඡා සංවිධාන මගින් එම සතුන් ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය ඖෂධ සහ උපකරණ පරිත්‍යාග කර තිබීම ප්‍රශංසනී කටයුත්තකි. එවැනි ස්වේච්ඡා සංවිධානවල දායකත්වය ඉදිරියටත් අඛණ්ඩව ලබාගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව සහ අදාළ ස්වේච්ඡා සංවිධාන එකඟතාවකට ඒමට හැකි නම් එය මෙම ව්‍යසනයෙන් කඳුකර කොටින් සහ අනෙක් වනසතුන් නිකරුණේ විනාශ වී යෑම සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කරගැනීමට මහත් රුකුලක් වනු ඇත. එසේම කඳුකර කොටින් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශවල ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමත්, ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමත් බලධාරීන් සතු යුතුකමක් බවද අවධාරණය කළ යුතුය.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

Next Post

රට කළඹන හෙළිදරව්වක් විපක්ෂනායකවරයා කරයි! ජනාධිපති තෝරන ජන්දය දවසේ පොහොට්ටු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ගේන්න වාහන දීලා! කැබිනට් පත්‍රිකාව දාලා තියෙන්නේ අගමැති දිනේෂ්! පස් දෙනෙක්ට තවත් මාස 2ක් වාහනයි තෙලුයි දීලා! (VIDEO & PHOTOS)

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.