කොළඹ වරායට නුදුරින් ගිනි ගනිමින් තිබූ නෞකාවක් වරාය තුළට රැගෙන විත් ඇති බව වාර්තා වේ.
දැනගන්නට ඇති ආකාරයට මෙම නෞකාවේ තිබූ බහාලුමක හදිසි ගින්නක් මතුව ඇති බව දැනගන්නට ඇත.
මෙම නෞකාව මේ වනවිට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ඇතුළු කොට ඇති බව වාර්තා වේ.
අදාළ නැව ‘සිම් චාර්ල්ස්ටන්’ නමින් හදුන්වන බවද දැනගන්නට තිබේ.
මීට පෙර මේ ආකාරයෙන්ම ලංකා මුහුදු සීමාවට පැමිණි එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගැනීම හේතුවෙන් සාගරයට විශාල හානියක් සිදුව තිබිණ.










