තමන් ආණ්ඩුවට එක්වන බවට ඇතැම් පිරිස් බොරු කටකතා යවමින් සිටින බවත්” ඒ කටකතාව කිසිදු සත්‍යතාවක් නැති බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද පැවැති සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.
“මම දෙපිටකාට්ටු වැඩ කරන්නේ නෑ. හදවතින් හිතලා කතා කරනකොට කෙනෙක් ඒක වැරදියට ගන්න පුලුවන්. නමුත් කවදාවත් අපි පක්ෂයෙන් ආණ්ඩුවට යන්නෙ නෑ. අපි නායකතුමා එක්ක එක මතයක ඉන්නවා. හැබැයි අපේ රට වෙනුවෙන් වැඩක් කරන්න ඕන. අපි හැමෝම එකට එකතු වෙලා කරන්න ඕන. ආණ්ඩුවේ ඇමති තනතුරු ගන්න එකක් ගැන නෙවෙයි මම කියන්නේ. ශක්තිමත් කමිටු ක්‍රමයක් හරහා හරි අපි මේ රට ගොඩනගන්න එකට එකතු වෙමු.’
‘ආණ්ඩුවට ජනමතයක් නෑ. ආණ්ඩුව කෘතිමව ජනමතය අල්ලාගෙන ඉන්න උත්සහ කරනවා. කළ යුතු එකම දේ ඉතා ඉක්මනින් ඡන්දයක් පැවැත්වීමයි.ඒ හරහා නව ජනමතයකට යා යුතුමයි.’
යැයි හර්ෂද සිල්වා පැවසීය.










