පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාගේ ඝාතනය සම්බන්ධ නඩු විභාගය සදහා පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමට තීන්දු කර තිබේ.
ඊයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දීමට කටයුතු කොට ඇත.
එම සිද්ධිය සම්බන්ධ නඩු විභාගය සදහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් මීට පෙර ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබිණ.










