අද පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය හෙට (09) දිනයේදී පැවැත්වීමට සූදානම් කොට ඇති විරෝධතා සැලැස්ම හෙළි කිරීමට පියවර ගෙන ඇත.
මන්ත්‍රීවරුන් මේ පිළිබදව ජනාධිපතිවරයාගෙන් විමසද්දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන්ට ඇති තොරතුරුවලට අනුව හෙට දිනයේදී ජවිපෙ සහ පෙරටුගාමී කණ්ඩායම් විහාර මහා දේවී උද්‍යානයට පැමිණ උද්ඝෝෂණ සිදු කොට පසුව නිදහස් චතුරශ්‍රය අසලට පැමිණ විරෝධතාවල නිරත වීමට සැලසුම් කර ඇති බවකි.
පසුව ඔවුන් විසිර යනු ඇති බව තමන්ට දැනගන්නට ලැබී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කොට ඇත.
කෙසේවෙතත් ඔවුන් එසේ විසිර නොගියහොත් ගැටලුවක් මතු වනු ඇති බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කොට ඇත.
කෙසේවෙතත් අරගලය තවමත් අවසන් වී නැති බව ප්‍රකාශ කොට ඇති ජනාධිපතිවරයා, මෙය සංකේතාත්මක වශයෙන් සිදුකරන්නක් බවද සදහන් කොට තිබේ.










