• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිගරැට්වලට හරියට බදු ගහපු නැති ඇමැතිවරු කවුද? වත්මන් මුදල් ඇමැති සිගරැට්වලට හරියට බදු ගහයිද? දුම්කොළ සමාගම් ආණ්ඩුවේ බදුවලින් කනෙන් රිංගන්නේ කොහොමද?

August 6, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
සිගරැට්වලට හරියට බදු ගහපු නැති ඇමැතිවරු කවුද? වත්මන් මුදල් ඇමැති සිගරැට්වලට හරියට බදු ගහයිද? දුම්කොළ සමාගම් ආණ්ඩුවේ බදුවලින් කනෙන් රිංගන්නේ කොහොමද?
Share on WhatsAppShare on Facebook

රට බිහිසුණු ආර්ථික අර්බුදයකය. මහජන නැගිටීමකින් අනතුරුව විධායක ජනාධිපති ධුරයේ පුද්ගල වෙනසක් සිදු වී තිබේ. නව ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් සදා දෙසතියකින් අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කිරීමට සැරසෙයි.

රුපියලුත් නැති රටේ භාණ්ඩාගාර මග හැර ගිය බදු සම්බන්ධ විචක්ෂණව විමසා බැලිය යුතු මොහොත එළඹී ඇත. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම හිටපු මුදල් ඇමතිවරුන් ද ස්වකීය අභිලාෂය පරිදි හසුරුවාගෙන මගහැර දැමූ සිගරට් බද්ද උදාහරණයකි.

”බදු සංශෝධනයේදී සුරාබදු ඉහළ යා යුත්තේ කෙසේද..” යන්න ජාතික තලයේ සංවාදයක් ඇති කළ යුතු මාතෘකාවක් වන්නේ එබැවිනි. මේ ඒ පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල සමග කෙරෙන සංවාදයකි.

මහාචාර්ය වසන්ත අතුකෝරල

රජයක් විසින් තම ආර්ථික සහ සමාජ අරමුණු සඳහා අරමුදල් රැස් කරගැනීම පිණිස යොදා ගන්නා ප්‍රධාන මාර්ගය බදු අරමුදල් ය. රටේ ආදායම් ප්‍රති ව්‍යාප්තිය කරලීම සඳහා ද රටේ ආර්ථිකයට කාර්යක්ෂමව උපයෝජනය ක් ඇති කිරීම සහ පෙළඹවීම සඳහා ද ආර්ථිකය ප්‍රමුඛ අංශ ධෛර්යමත් කිරීම සඳහා ද රජයේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වේ.

සමාජ පරමාර්ථ රහිත බදු ප්‍රතිපත්ති

ඉහළ සමාජ පිරිවැය ක් සහිත භාණ්ඩවල හෙවත් සිගරට් මත්පැන් දුම්කොළ වැනි භාණ්ඩ වල පරිභෝජනය අධෛර්යමත් කිරීම සඳහා ද රජයේ බදු ප්‍රතිපත්තිය ඉවහල් වෙයි. සමස්ත ඉල්ලුම් සැපයුම් කළමනාකරණය සිදුවන්නේ බදු ප්‍රතිපත්තිය හරහා ය . එහෙත් ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක කොට ඇති බදු ප්‍රතිපත්තිය රජයේ ආදායම් පරමාර්ථය හැර වෙනත් කිසිදු පරමාර්ථයක් ඉටු කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට නැත .

තවද රජයක් බදු අය කිරීමේ දී මූලිකවම අනුගමනය කළ යුතු මූලධර්ම රැසක් ඇත. සාධාරණ බවේ මූලධර්මය පහසු බවයේ මූලධර්මය පිරිමැසුම් බවේ මූලධර්මය කාර්යක්ශම බවේ මූලධර්මය සහ නම්‍යශීලී බවේ මූලධර්මය එම මූලධර්ම වේ.

මේ මත පදනම් වූ සාර්ථක බදු ක්‍රමයක් රටට හඳුන්වා දීමට නම් දක්ෂ ආර්ථික සමාජ විද්‍යාඥයින් සමග එක්ව රටට පැහැදිලි බඳු ප්‍රතිපත්තියක් ඇති කළ යුතු වේ

නමුත් අවාසනාවකට අපේ රටේ පසුගිය කාලවකවානු දෙස සලකා බලද්දි එවන් තත්ත්වයක් කිසි විටෙක ඇති වී නැත. ර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් රටේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව අවබෝධයකින් තොරව ඔවුනට හිතුමතේ බදු පැනවීමට පවත්නා ක්‍රමය තුළ සිටිමි බදු සංශෝධනය කිරීමට පියවර ගත් බවත් පැහැදිලිය.මේ නිසා පවත්නා බදු ක්‍රමය ඉතාම අකාර්යක්ෂම බදු ක්‍රමයකි.

රජයේ බදු ආදායම ක්‍රමයෙන් පහළ ගොස් රාජ්‍ය ණය බර ඉහල යාම රට තුළ සාර්ව ආර්ථිකයේ අස්ථාවර තාවයක් කාලයක් පුරා ගොඩනැගී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම මේ හේතුවෙන් රටේ වැඩි වෙමින් පවතින උද්ධමනකාරී තත්ත්වය මේ වන විට රටේ ජනතාවට දරාගත නොහැකි තරම් තත්ත්වයකට පරිවර්තනය වී තිබේ.

එවන් පසුබිමක සිටයි 2022 සම්මත රාජ්‍ය අයවැය පසෙක තබා ඉදිරි මාස කීපයක කාලය සඳහා නව අයවැයක් පිළියෙල කළ යුතු බවට රජය තීරණය කර තිබෙන්නේ.

නිසි බදු ක්‍රමයක්

බදු ක්‍රමය රටේ ආර්ථික සමාජ ක්‍රමයට අදාළව සකස් කළ යුතුය. එසේ සකස් කරන බදු ක්‍රමය රට තුළ සාර්ථකව ක්‍රියාත්මක විය යුතුය. නමුත් ඒ කිසිවක් ලංකාව තුළ ක්‍රියාත්මක වන බවක් දක්නට ලැබෙන්නේ නැත. රජයට ආදායම් වැඩිකර ගැනීමට නම් වක්‍ර බදු වලින් ඈත්ව සෘජු බදු වැඩි කිරීම සිදුකළ යුතුය. බොහෝ රටවල ආදායම් බදු අනුපාතිකය ඉහළ ආදායම් ලබන අයට 60% දක්වා ඉහළ දැමීමක් සිදු කරන බව පෙනෙන්නට තිබේ.

ලංකාව තුළ එවැනි තත්ත්වයක් දක්නට ලැබෙන්නේ නැත. සෘජු බදු තුළින් ඉහළ ආදායම් ලැබිය යුතු වුව ද රජයේ එවැන්නක් සිදු කරන්නේ ද නැත. ලංකාවේ බදු පැහැර හරින පිරිස ඉහළ අගයක් ගන්නා අතර ඉහළ ආදායම් ලබන ව්‍යාපාරිකයින් දේශපාලනඥයින් ඒ අතර සිටින බව ද කිව හැකිය.නිවැරදි බදු ආදායමක් රට තුළ ක්‍රියාත්මක නොවන බව මේ කරුණු වලින් යළි යළිත් තහවුරු කළ හැකිය.

නිසි බරක් නොතැබූ සිගරට් බද්ද

බදු සංශෝධනයන් හි දී සුරාබදු එසේත් නැතිනම් දුම්කොල මත්ද්‍රව්‍ය මත අය කරන බදු සඳහා නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇති බව පෙනෙන්නට තිබේ. එම බදු නිසිලෙසකින් වැඩි නොකළ බව පැහැදිලි කරුණකි.

දුම්වැටි මත බදු අයකිරීමේ දී ඉතාම උපක්‍රමශීලීව එම බදු ප්‍රවේශය අත්හැර ගොස් ඇති ආකාරය නිරීක්ෂණය වේ.

මත්පැන් සම්බන්ධව සලකා බලනවිට ප්‍රායෝගිකව මෙම ක්ෂේත්‍රයේ බහුතර ව කටයුතු කරනු ලබන්නේ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාර වලට සහාය වන පිරිස් බැවින් බදු බදු ප්‍රතිපත්තියේ දී ප්‍රතිපත්ති සම්පාදකයින් මේ පිළිබඳ සැලකීමක් කර නැති බව කිව හැකිය.

බදු පැනවීම සහ බද්ද වෙනස් කිරීම පහසු කටයුත්තක් නොවේ. රටේ අයවැය සම්පාදනය කිරීමේ දී ඉහළ ආදායමක් උත්පාදනය කර ගත හැකි අංශ සම්බන්ධයෙන් කාර්යක්ෂම සෘජු තීරණ ගැනීමේ හැකියාව ප්‍රතිපත්ති සම්පාදකයින්ට තිබිය යුතුය. එහෙත් එවැනි ස්වරූපයක් ලංකාවේ දක්නට නැත

මත්ද්‍රව්‍ය ඇබ්බැහිය

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව අතරින් මුළු ජනගහනයෙන් සියයට හතළිහක් මත් ද්‍රව්‍ය මත්පැන් පරිභෝජනය සඳහා ඇබ්බැහි වී සිටිති. එය ජනගහණයෙන් මිලියන 9ක පමණ ප්‍රමාණයකි. එයින් ද සියයට අනූ නවයක්ම පිරිමි පුද්ගලයින් වන අතර සියයට එකක් කාන්තාවන් බවට තහවුරු වී තිබේ. මෙම පිරිස් අතරින් දිනපතා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස මිලියන හතරකි. එම පිරිසෙන් 65% ක් පරිභෝජනය කරන්නේ නීත්‍යානුකූල නොවන කසිප්පු රා වැනි මත්පැන්ය. ඒ බව පර්යේෂණ වාර්තා සනාථ කොට තිබේ.

තවදුරටත් ඒ පිළිබඳව විග්‍රහ කිරීමේ දී සනාථ වන්නේ ශ්‍රී ලාංකිකයින් දිනකට මත්ද්‍රව්‍ය පරිභෝජනය සඳහා වියදම් කරන ප්‍රමාණය රුපියල් මිලියන 250ක් ඉක්මවා ඇති බව ය.

මේ හේතුවෙන් දක්නා ලැබෙන අතුරු පල විපාකයක් නම් ශ්‍රී ලංකාවේ අවුරුදු 25ත් 45ත් අතර පුද්ගලයින්ගෙන් විවිධ රෝගාබාධයන්ට ලක් වන පිරිසේ අති බහුතරය මත්පැන් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය පරිභෝජකයින් බවය.

ලංකාවේ සමස්ථ දුම්වැටි පරිභෝජනයෙන් සියයට අනූ අටක් සිගරට් පරිභෝජනයට ද සියයට දෙකක් ගංජා සුරුට්ටු බීඩි හෝ වෙනත් දෑ ඉරීමට ද හුරු වී තිබේ.

පවුල් 300 ක් වාසය කරන ගමක මාසිකව රුපියල් ලක්ෂ හතරක් දුම්වැටි හා මත්පැන් මත්ද්‍රව්‍ය පරිභෝජනය සඳහා වියදම් කරන බවට පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

තවද ශ්‍රී ලංකාවේ වයස අවුරුද්දටත් 60 -19 අතර වයස් කාණ්ඩ වල ජනගහණයෙන් සියයට පහළොවක් පමණ දිනපතා සිගරට් භාවිතයට ඇබ්බැහි වී සිටින බවටද වාර්තා සනාථ කොට ඇත.

මේ හේතුව මත ඇතිවන රෝගී තත්වයන්ගෙන් ලංකාවේ මුළු මරණ වලින් වැඩි ප්‍රතිශතයක් දුම්වැටි මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතය හේතුවෙන් සිදුවන මරණ බවට සෞඛ්‍ය දත්ත අනාවරණය කොට තිබේ.

එසේ වුවද රජය වාර්ෂිකව වැඩි වියදමක් දරනු ලබන්නේ දුම්වැටි මත්පැන් මත්ද්‍රව්‍ය සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයන්ට ඇබ්බැහි වූ පිරිස් මුහුණපාන රෝගාබාධවලට ප්‍රතිකාර කිරීම සඳහාය.

රටේ දරුණු දරිද්‍රතාවයෙන් පෙළෙන ඉතාම දුප්පත් පවුල්වල වියදමෙන් සියයට හතළිහක් පමණ වියදම් කරන්නේ දුම්වැටි සහ මත්පැන් සඳහා බවද අනාවරණය වී තිබේ. ඊට යටත් වන පවුල් වැඩි වශයෙන් වාසය කරන්නේ වැවිලි අංශය මුඩුක්කු නිවාස කම්කරු ක්ෂේත්‍රය, ඇතැම් මහල් නිවාස ආශ්‍රිතවය. මෙම පිරිස අතරින් ඇබ්බැහිවූවන් බත්පත නැතත් මත්ද්‍රව්‍ය සඳහා අනිවාර්යෙන් වියදමක් සිදුකරන බවට සනාථ වී තිබේ.

මේ සමාජ යථාර්ථය තියුණු විග්‍රයකට ගෙන රටක් ලෙස ස්ථාවර බදු ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑම ජාතික වශයෙන් වැදගත්වන බව කිව යුතුය. පුද්ගල අභිලාෂයන්, හා වෙනත් සාධක මත එක් එක් අංශ සඳහා අතාර්කික බදු මග හැරීම් ජාතියකට අත් කරන්නේ ව්‍යසනයකි. මත්පැන් දුම්වැටි විෂයෙහි බදු පැනවීම සාර්ව සමාජ ආර්ථික සංවාදයක ප්‍රතිඵලයක් විය යුතුව තිබේ. එනම් මත්පැන් දුම්වැටි විෂයෙහි පනවන බද්ද සාධාරණ තර්කානුකූල එකක් විය යුතුව ඇත. එය මෙතෙක් ප්‍රතිපත්තිමය වශයෙන් සිදුනොවුනකි.

බදු වැඩිකිරීමක් සමගම අනම්‍ය ඉල්ලුමක් සහිත මෙම මත්ද්‍රව්‍ය වෙනුවෙන් පෙළඹීම සහ භාවිතය අවම කරගැනීමට සමාජ පුනරුත්ථාපන ක්‍රියාවලියක් දියත් විය යුතුව තිබේ. එහි ප්‍රතිඵලය සමාජයට ලැබෙනු ඇත්තේ දැවැන්ත ඵලදායී ආයෝජනයක් ලෙසිනි.

– lankasara

SendShareShare
Previous Post

රාජපක්ෂවරුන්ගේ කුණු අදින සර්වපාක්ෂික කුණු ලොරිය! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

කොමන්වෙල්ත් ගිය තවත් ක්‍රීඩකයෙක් පනී! ‘ගල්’ වෙච්ච දෙන්නෙක් අල්ලා ගනී!

MORE NEWS

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

Load More
මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

බෞද්ධ සමාජය තුළ විවාදාපන්න කරුණු සාකච්ඡා කිරීම හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වයට පත් පූජ්‍ය කැකිරාවේ සුදස්සන හිමි මින් ඉදිරියට යූටියුබ්...

Read more
සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.