කාම්බෝජයේ පැවැත්වෙන ආසියාන් කලාපීය සංසදයට සමගාමීව එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ රාජ්‍ය නිලධාරීන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා අතර පැවති සාකච්ඡාවකදී මෙම කරුණ සාකච්ජා වී ඇත.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පැවසුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි.
“යුක්රේනයට එරෙහිව රුසියාවේ ආක්‍රමනකාරීත්වය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට මම අද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් හමුවුණෙමි’ යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
අමාත්‍ය අලි සබ්රි සමඟ ASEAN රැස්වීමක් ආරම්භයේදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පැවසුවේ ශ්‍රී ලංකාව අභියෝග සහ අර්බුදකාරී මොහොතක සිටින නමුත් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහ සියල්ලන් ඇතුළත් රජයක් නිර්මාණය කිරීමට අවස්ථාවක් ඇති බවයි.










