අමෙරිකානු තානාපතිවරිය වූ නැන්සි පොලොසි මහත්මියගේ තායිවාන සංචාරයට එරෙහිව චීනය සජීවී යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමත් සමග චීනයට එරෙහිව අමෙරිකාවද ඉන්දියාව සමග එක්ව යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමට තීරණය කොට ඇත.
මෙම යුද අභ්‍යාසය ලබන ඔක්තෝබර් 14 දින සිට 31 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම අභ්‍යාසය මධ්‍යම අංශයේ සැබෑ පාලන රේඛාවේ (LAC) සිට කිලෝමීටර 100 ට අඩු උත්තරාකන්ඩ් හි අවුලි ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කොට ඇත.
ඉන්දු-එක්සත් ජනපද ඒකාබද්ධ අභ්‍යාසය ‘යුද් අභ්‍යාස්’ ලෙස හඳුන්වන අතර එය මේ වසරේ 15 වැනි සංස්කරණය ලෙසද සැලකේ.










