ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (04) දින පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.
මෙම හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ ට්‍රැවලර් මහතා සහ එම කාර්යාලයේ ප්‍රතිපත්ති උපදේශිකා සුමුදු ජයසිංහ මහත්මියද එක්ව සිටියහ.
මෙහිදී මේ වන රට තුළ පවතින ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡා කරන ලද අතර ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කෙරිණි.
එසේම දෙපාර්ශ්වය අතර අනෝන්‍ය අවබෝධය වැඩි කර ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය.












