ලංකා ආණ්ඩුව විරුද්ධ මත දරන්නන් මර්දනය කිරීම ආරම්භ කොට ඇති බවත්, එම තත්ත්වය සම්පූර්ණයෙන්ම හෙළා දකින බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.
එම ආයතනය පෙන්වා දී ඇත්තේ දේශපාලන ප්‍රතිසංස්කරණ සහ රටේ ආර්ඛින අර්බූධයට වගවීමක් ඉල්ලා සිටි ජනතාවට හදිසි නීතිය යොදාගෙන ආණ්ඩුව මර්දනය දියත් කරමින් සිටින බවය.
මේ හරහා ආණ්ඩුව රටේ දැවෙන ප්‍රශ්න වෙනතකට යොමු කොට ඇති බවද එම සංවිධානය පෙන්වා දී ඇත.










